‘හෙළ මියැසි ගී රාවය‘ ශාස්ත්‍රීය හා සරල ගී ප්‍රසංගය වෙරෝනා නුවර ස්තිමාතේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
වෙරෝනා බෞද්ධ විහාරාධිපති උඩවලවේ ඥාණාන්ද, බර්ලින් බෞද්ධ විහාරාධිපති ශාන්ත රක්ඛිත හිමිවරු ද වෙරෝනා කතෝලික සංගමය බාර රංජිත් ප්‍රනාන්දු පියතුමා ද කොළඹ සරසවියේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය, මාලා විජේසූරිය, ඉරිදා ලංකාදීප උප කර්තෘ පී බී ඉලංගසිංහ, ප්‍රංශයේ ලංකාදීප එසැණ වාර්තාකරු සුනිල් ආනන්ද, සුනිල් ශාන්ත, මෝදනාහි වසන්ත කීර්තිරත්න මහත්ම මහත්මීහු ප්‍රධාන ආරාධිතයෝ වූහ.
බිමල් ප්‍රනාන්දු, චන්ද්‍රිකා නිශ්ශංක සහ මහින්ද ප්‍රේමලාල් සංවිධානය කළ ‘හෙළ මියැසි ගී රාවය‘ සංගීත ප්‍රසංගය සඳහා පර්මා සිලෝන් කොපරතිවා ආයතනය, මෝදනා ස්වර්ණමුතු ජුවලර්ස්, කොන්සිල්යෝ දෙල්ලා ස්ත්‍රානියේරි වෙරෝනා වෙන්නප්පු මිත්‍රත්ව සංගමය, ආයුබෝවන් වීයාප්පි ආයතනය, වෙරෝනා විහාරස්ථාන ආදයක සභාව අනුග්‍රහය දැක්වීය.
තබෝදා රංග ආයතනය රංගනයෙන් ද, චින්තක ඔබේසේකර හා සුදත් රෝහාන් කතනයෙන් ද, ඉසුරු චමිත් සහ සමිත් පෙරේරා ඡායාරූපකරණයෙන් ද ප්‍රෙෂ් ටීවී ආයතනය පටිගත කිරීමෙන්ද දායක විය. ලංකාදීප එසැණ පුවත් , ලක්හිරු සහ ලංකාදීප පුවත්පත මාධ්‍ය දායකත්වය දැක්වීය.
වෙරෝනා හෙළ මියෑසි ගී රාවය සදහා තත්සර සංගීත රිද්මයට වෙරෝනා හා මිලානෝ නගරයන්හි ජිවත්වන ගායක ගායිකාවන් වන සුනිල් මංචනායක චන්ද්‍රිකා නිශ්ශංක, උපාලි අත්තනායක, මහින්ද ප්‍රෙමලාල්, ගීතානි ප‍්‍රනාන්දු තිලකා සමරවීර, මිගාර සංජය, මිලාන් වර්ණකූලසූරිය ඇතුළුව ළමා ගායක ගායිකාවන් වන නෙත්මි ෆාලාවීයා, ආන්ජෙලා සේනාධි, ශලිනි වීදානාරචිචි, තරුෂ සිරිනිමල් කියාරා කාරියවසමි, ප‍්‍රසංගය සදහා තම හඩ මුසුකළහ. මෙහිදි ප‍්‍රවීණ ගායක ගායිකාවන් වන පණ්ඩිත් අමරදේව, නන්දා මාලිනි, සුනිල් ඵදිරිසිංහ, වීක්ටර් රත්නායක, ඵචි ආර් ජොතිපාල දිපිකා ප‍්‍රියදර්ශනි නිර්මලා රණතූංග ප‍්‍රදිපා ධර්මදාස යන අයගේ ගීත ඔවුහු මෙහිදි ගැයුහ. වැසි සහිත දේශගූණික තත්ත්වය මත වුවද විශාල පිරිසක් ප‍්‍රසංගය නැරබිමට පැමිණහ. ශාස්ත‍්‍රිය හා සරළ ගීතයන්හි රසය නිහඩව විදගත් හාරසියයකට අධික පිරිසකට සංවිධායකයින් තම කෘතවේදීත්වය පුදකරන අතරම මෙවැනිම ප‍්‍රසංගයක් ඉදිරියේදි පැවැත්වීමට නියමිත අතර ඵ් සදහා ප‍්‍රවීන ගිපද රචක මහාවාර්ය සුනිල් ආරියරත්නයන්ට ආරාධනා කිරිමට සංවිධායකයින් බලාපොරොත්තු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර දේවල් හොදයි, සමහර දේ නරකයි(නදී)
ඔය අදහස් දක්වන කිසිම කෙනෙක් මේ චිත්‍රපටිය හරියටම බලලා නැහැ නේද? (නි)
බීගත්තු මිනිසුන් තරුණ ළමයින් නටන නැටුම් දිගා බලාගෙන හිටියා.(නදී)
කාටද ආඩම්බර (දී)
බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ගිහියන් දෙන ඔවදන්ද ගරු පියතුමන්ගේ දිවනෙතට හසුවේවා! (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ගැහැණු ළමුන් අර්ධ පූර්ණ ඇදුම් ඇදගෙන නටද්දී ඒවා බලන්න සිල්වත් උත්තමයෝ යන එක හරිද? (නි)
මෙවැනි ශික්ෂූන් වහන්සේලා මේ ටික දැනගතයුතුයි. චරථ භික්ක වේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. නචිජ ගීත වාදිත විසුක දස්සන මාලා බුදුරදුන් පාරිශුද්ධත්වයෙන් මෙවන් දේ වදාළ බව. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවට තමයි.(නදී)
ලංකාවේ සමහරක් භික්ෂූන් මහාපාරවල හර්තාල් කරනවා. විදේශගත භික්ෂූන් ගීත සංදර්ශන පවත්වනවා. මේ භික්ෂූන් මේවාත් දැන ගතයුතුයි. චරථ භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය.නචිජ ගීත වාදිත විසුක දස්සන මාලා... බුදුරදුන් පාරිශුද්ධත්වයෙන් මෙවන් දේ වදාළ බව. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාට තමයි. (නි)
දායකයිනි, හොදින් සොයාබලා පිදිය යුත්තන් පුදන්න. (නි)
පන්සලවල දියුණුවට දායක සභාවක් කියලා එකක් පත් කරලා තියෙනවා.(නදී)
අනේ කාලේ වනේ වාසේ.(නු)
පන්සල් වල දියුණූව වෙනුවෙන් අපි මොනතරම් නැහෙනවද? ඇයි අපිට මෙහෙම කරන්නේ? (නි)
වෙරෝනා හි ඔබ ශ්‍රී ලංකික අපගේ අන්‍යත්වය තවත් රටක පිලිබුඹු කරමින් රටට කරන ඒ සේවයට අපගේ ප්‍රනාමය ඔබට පුද කල යුතුයි අය සංවිදානය කල බිමල් මහතා හා චමින මඩවල මහත්වරුණ අපගේ ප්‍රනාමය(නු)
අනේ මන්දා මොනවා කියන්නද කියලා (ස)
මේ වගේ තැන්වලට ගියහම සීලෙත් බිදෙනවා. (නි)
අපේ අය සුදුසු නුසුදුසු, කළයුතු නොකළයුතු දේවල් තවමත් හරිහැටි අවබෝධ කරගෙන නැහැ වගෙයි. (නි)
මේ දායක සභා තමයි හාමුදුරුවන්ව නරක්කරන්නේ..නැටුම් ගැයුම් වලට හාමුදුරුවන්ට ආරාදනා කරලා..!(නු)
නියම ගැහැණු ළමයි ටික... (නි)
ගරුතර ස්වාමීනී මේ කරනා දේ නිවැරදිද ?(ස)
කෙලලො ටික නමි ලස්සනයි.(නදී)
කෙල්ලෝ ටික නම් ලස්සනයි. (නි)
භික්ෂූන් වහන්සේලා මේ විනෝද ජනක වැඩසටහන් වලට සහභාගී වෙනවට මම එකග නැහැ. බුදු බනේ එහෙම කියලා නැහැ.(නදී)
ඉදිරියේදී හොද බණකුත් කියන්න සූදානම් කරන්න. (නි)
මේ පුවතේ සංවිධායකයන්ගේ නම් පමණයිනේ තියෙන්නේ.. (නු)