IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘හංසයාට දැමූ ඡන්ද කළගෙඩිහේනට ආ හැටි සොයනු‘

නුවරඑළිය මැතිවරණ කාර්යාලයයේ තුබූ ඡන්ද පත්‍රිකා 430ක් කලගෙඩිහේන මහා විද්‍යාලය අසල වැටී තිබුණේ කෙසේදැයි විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තා කරන ලෙස අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කේ ඒ ඩී එස් සී පෙරේරා මෙනවිය නිට්ටඹුව පොලීසියට නියෝග කළාය.

2010 ජනාධිපතිවරණයේදී පරාජිත අපේක්ෂක සරත් ෆොන්සේකාගේ හංසයා ලකුණ ඉදිරියේ කතිරය ගැසූ එම ඡන්ද පත්‍රිකා බාර ගැනීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලයයේ පිරිසක් පැමිණ සිටින හෙයින් ඔවුනට ඒවා බාර දෙන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

ඡන්ද පත්‍රිකා අධිකරණය බාරයේ තබා ගැනීමට නියම විය.

පොලීසිය අධිකරණයට දැන්වූයේ එම ඡන්ද පත්‍රිකා ලොරියකින් ගෙනයද්දී පාරේ වැටී තුබූ බව සොයා ගත් බවයි.

 



අදහස් (0)

‘හංසයාට දැමූ ඡන්ද කළගෙඩිහේනට ආ හැටි සොයනු‘

දෝහා Monday, 28 January 2013 10:07 PM

හංසයා කළගෙඩිහේන පැත්තෙන් ඉගිලෙද්දී උඩින්ම ඉගිල්ලෙන්න ඇති. (නි)

:       0       0

නිමල් ලලිතා Tuesday, 29 January 2013 09:00 AM

රට බේරා ලගැීම රණවිරුවන් මෙහෙය වූ මහා සෙනෙවියනි.. ඔබතුමා ගැන කණගාටුවීම සහ ඔබතුමාට සෙත් පැතීම හැර අපට කළ හැකි වෙන කිසිත් නැත.!(නු)

:       0       0

කුමාර Monday, 28 January 2013 03:56 PM

අපි දන්නවා කවුද දිනුවේ කියලා (ස)

:       0       0

සිසිර Monday, 28 January 2013 04:09 PM

ජනතාව දන්නවා කවුද දිනුවේ කියලා (ස)

:       0       0

මධු Monday, 28 January 2013 10:20 PM

කුමාර, ඔබ හරි. ඔබට ජය! (නි)

:       0       0

අප්පු Monday, 28 January 2013 04:12 PM

ඕක තමයි සිද්ධිය. ඇත්ත එහෙන් මෙහෙන් එළියට පනිනවා. (නි)

:       0       0

සරත් Monday, 28 January 2013 04:10 PM

ගණන් කරාට පස්සේ වෙච්ච දෙයක් වෙන්න ඇති (ස)

:       0       0

රොශාන් Monday, 28 January 2013 04:15 PM

මේක හිතා මතා කර වැඩක් වගේ පේන්නේ (ස)

:       0       0

ගාමිණී Monday, 28 January 2013 04:20 PM

කළගෙඩි හේනට හංසයාට දමන්න ඇත්තේ කලයෙන් කිරි ටිකක් පොවන්න හිතාගෙන වෙන්න ඇති..!(නු)

:       0       0

නවීන් Tuesday, 29 January 2013 10:03 AM

මේවා කාගේ වැඩද...? (ස)

:       0       0

කමල් Monday, 28 January 2013 04:23 PM

ගෙනිච්ච අයගෙන්ම තමයි දැනගන්න වෙන්නේ. (නි)

:       0       0

නිශාන්ත Monday, 28 January 2013 04:28 PM

පරිඝනක ජිල්මාට් නොදන්නා අය දැන් ලංකාවේ හොයාගන්න අමාරුයි. (නි)

:       0       0

කීර්ති Tuesday, 29 January 2013 11:48 PM

කලගෙඩිහේනෙ තියෙන්නේ මොන පක්ෂයේ කාර්යාලයක්ද?(නු)

:       0       0

තිලක් Tuesday, 29 January 2013 11:48 PM

සත්‍යය ජය ගනීවි(නු)

:       0       0

කසුන් Tuesday, 29 January 2013 11:49 PM

ඒ කොහොමද එහෙම වැටෙන්නේ..!(නු)

:       0       0

සදුන් Monday, 28 January 2013 04:44 PM

430ක් නෙමෙයි, 430000ක් ගත්තත් හංසයාට දිනන්න මදිනේ. (නි)

:       0       0

ඩයස් Monday, 28 January 2013 04:47 PM

ලංකාවෙ දැන් නියම විදියට හොර සල්ලි ගහනා කාලේ ඒ වගේම චන්ද පත්‍රිකා මුද්‍රණය කරලා පාරේ දාලා ගියාද දන්නේ නැහැ. මෙය ගොඩක් පැති වලින් සිතා බැලිය යුතුදෙයක්. ජනප්‍රිය වෙන්න තමන්ටම මඩ ගහගෙන පෝස්ටර් අලවන යුගයක් මේක. මේ ගැන ආරක්ෂක අංශ බලාගනීවි. (නි)

:       0       0

සුමනා Monday, 28 January 2013 04:49 PM

මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)

:       0       0

සමන්ත Monday, 28 January 2013 05:02 PM

හංසයාට විතරද මෙහෙම වුණේ? (නි)

:       0       0

මහින්ද Monday, 28 January 2013 05:47 PM

දැන් ගියදේ ගියාවේ. (නි)

:       0       0

සමන් Monday, 28 January 2013 05:54 PM

කො‍හොමද වැඩ? (නි)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Monday, 28 January 2013 06:23 PM

දිමුතු -- ජයතිස්සයි මමයි පරණ කුණුගොඩවල් අදින්න කැමති නැහැ.

:       0       0

සදුන් Tuesday, 29 January 2013 01:07 AM

මම හංසයාට බයයි මල්ලියේ... (නි)

:       0       0

මධු Monday, 28 January 2013 07:13 PM

නියම සුදුස්සා කවුද කියලා ජනතාව කොහොමත් දන්නවා. (නි)

:       0       0

නිරෝෂන් Monday, 28 January 2013 07:31 PM

අවාසනාවන්ත ලාංකික අපි සදා රැවටෙමු. (නි)

:       0       0

සුපුන් Monday, 28 January 2013 01:48 PM

2021 ට පෙර ......(ස)

:       0       0

ලලිත් කටාර් Monday, 28 January 2013 01:53 PM

ඇයි ඒ ඡන්ද පත්‍රිකා නුවර එළියෙ මැතිවරණ කාර්යාලයේම තියන්න ඔන කියලා නියමයක් තියෙනවාද?(නු)

:       0       0

චන්ද්‍රා Tuesday, 29 January 2013 05:08 AM

ඕවා සුළු දේවල්. අපි දන්නවා. ගණන් ගන්න එපා (ස)

:       0       0

චන්දිම Monday, 28 January 2013 01:56 PM

හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට. (ස)

:       0       0

අරෝෂා Tuesday, 29 January 2013 06:24 AM

මෙම ඡන්ද පත්‍රිකා අපහරණය කරන්න නුවර එළිය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ඉදලා ගෙන එන කොට බෑග් එකක් ලිහිලා බිමට වැටුන ඒවා..!(නු)

:       0       0

නිවන්ත Monday, 28 January 2013 08:29 PM

කුමාර, දැන් මිනිස්සු මෝඩ නැහැ. (නි)

:       0       0

වරුණ Monday, 28 January 2013 02:11 PM

මෙවා අහලා මට හිනාත් යනවා (ස)

:       0       0

ඉසාම් Monday, 28 January 2013 02:14 PM

කාට කියන්නද මේවා (ස)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 07:08 AM

ඡන්ද වලට වෙන්නේ මේක කම් තවත් ඡන්ද තියලා මුදල් නාස්ති කරන්නෙ මොකටද?(නු)

:       0       0

පිටිගල Monday, 28 January 2013 02:26 PM

කවුද මේවට වගකිය යුත්තේ (ස)

:       0       0

කිවී Tuesday, 29 January 2013 07:24 AM

අද කාලේ ඡන්දේ දාලා වැඩක් නෑ (ස)

:       0       0

සිල්වා Monday, 28 January 2013 02:34 PM

රස්සාව ආරක්ෂාකර ගන්නවද ? පරීක්ෂණ පවත්වනවද කියන එක ඔබ සතු වගකීමක් (ස)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Monday, 28 January 2013 02:35 PM

හිනා යන කතා මේවා. ලොරියේ ගෙනියනකොට වැටිලා තිබුණලු. එහෙනම් මේ වගේ ඡන්ද පත්‍රිකා ලොරිවල ගෙනියනවිට කොපමණ වැටිලා ඇත්ද ?(ස)

:       0       0

සාන්ත Monday, 28 January 2013 02:46 PM

මේක තමයි එහෙනම් වෙලා තියෙන්නෙ..!(නු)

:       0       0

නියාස් Monday, 28 January 2013 02:50 PM

දවසේ විහිළුව (ස)

:       0       0

සමන් Monday, 28 January 2013 02:57 PM

ඔය ඡන්දයේ ඇත්ත කවදාහරි හෙලි වේවි (ස)

:       0       0

සෑම් Monday, 28 January 2013 09:34 PM

වැටුණ බව දැන දැන ලොරිය ඔහේ යන්න ගිහින්ද? (නි)

:       0       0

දමිත් Monday, 28 January 2013 03:09 PM

හොර ඡන්ද දාන්න හදපුවාද කොහෙද? නැත්නම් කොහොමද එක පක්ෂ්‍යක් විතරක් තියෙන්නේ..!(නු)

:       0       0

ජයතිස්ස Monday, 28 January 2013 03:11 PM

පරණ කුණු ගොඩවල් අදින්න එපා අනේ (ස)

:       0       0

කුමාර Tuesday, 29 January 2013 08:56 PM

සත්‍යය කවදා හරි ජය ගනීවි. (නි)

:       0       0

රොෂාන් Tuesday, 29 January 2013 09:08 PM

ඡන්ද පත්‍රිකා ප්‍රවාහනයේදී නොසැළකිල්ල මත මෙය සිදුවී අතැ. මේ පිලිබදව පරීක්ෂාකිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂක මණ්ඩලයක් පත් කර ඇත. භට අමතරව දෙපාර්තමේන්තු නොවන රජයේ නිලධාරින් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පරීක්ෂණ සදහා මැතිවරණ කොමසාරිස් විනින් පත් කර ඇත..!(නු)

:       0       0

බන්දුල Monday, 28 January 2013 03:21 PM

සොල්දාදුවන් වන අප සමග කරට කර සටන් කළ ජෙනරල්ටත් සාධාරණයක් ලැබෙයි කවදා හරි..!(නු)

:       0       0

දිමුතු Monday, 28 January 2013 03:23 PM

ජයතිස්ස, රිස්වාන් ඔයාලා මේ ගැන හොඳින්ම දන්නවා ‍වගේ නේද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site