නුවරඑළිය මැතිවරණ කාර්යාලයයේ තුබූ ඡන්ද පත්‍රිකා 430ක් කලගෙඩිහේන මහා විද්‍යාලය අසල වැටී තිබුණේ කෙසේදැයි විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තා කරන ලෙස අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කේ ඒ ඩී එස් සී පෙරේරා මෙනවිය නිට්ටඹුව පොලීසියට නියෝග කළාය.
2010 ජනාධිපතිවරණයේදී පරාජිත අපේක්ෂක සරත් ෆොන්සේකාගේ හංසයා ලකුණ ඉදිරියේ කතිරය ගැසූ එම ඡන්ද පත්‍රිකා බාර ගැනීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලයයේ පිරිසක් පැමිණ සිටින හෙයින් ඔවුනට ඒවා බාර දෙන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
ඡන්ද පත්‍රිකා අධිකරණය බාරයේ තබා ගැනීමට නියම විය.
පොලීසිය අධිකරණයට දැන්වූයේ එම ඡන්ද පත්‍රිකා ලොරියකින් ගෙනයද්දී පාරේ වැටී තුබූ බව සොයා ගත් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හංසයා කළගෙඩිහේන පැත්තෙන් ඉගිලෙද්දී උඩින්ම ඉගිල්ලෙන්න ඇති. (නි)
රට බේරා ලගැීම රණවිරුවන් මෙහෙය වූ මහා සෙනෙවියනි.. ඔබතුමා ගැන කණගාටුවීම සහ ඔබතුමාට සෙත් පැතීම හැර අපට කළ හැකි වෙන කිසිත් නැත.!(නු)
අපි දන්නවා කවුද දිනුවේ කියලා (ස)
ජනතාව දන්නවා කවුද දිනුවේ කියලා (ස)
කුමාර, ඔබ හරි. ඔබට ජය! (නි)
ඕක තමයි සිද්ධිය. ඇත්ත එහෙන් මෙහෙන් එළියට පනිනවා. (නි)
ගණන් කරාට පස්සේ වෙච්ච දෙයක් වෙන්න ඇති (ස)
මේක හිතා මතා කර වැඩක් වගේ පේන්නේ (ස)
කළගෙඩි හේනට හංසයාට දමන්න ඇත්තේ කලයෙන් කිරි ටිකක් පොවන්න හිතාගෙන වෙන්න ඇති..!(නු)
මේවා කාගේ වැඩද...? (ස)
ගෙනිච්ච අයගෙන්ම තමයි දැනගන්න වෙන්නේ. (නි)
පරිඝනක ජිල්මාට් නොදන්නා අය දැන් ලංකාවේ හොයාගන්න අමාරුයි. (නි)
කලගෙඩිහේනෙ තියෙන්නේ මොන පක්ෂයේ කාර්යාලයක්ද?(නු)
සත්‍යය ජය ගනීවි(නු)
ඒ කොහොමද එහෙම වැටෙන්නේ..!(නු)
430ක් නෙමෙයි, 430000ක් ගත්තත් හංසයාට දිනන්න මදිනේ. (නි)
ලංකාවෙ දැන් නියම විදියට හොර සල්ලි ගහනා කාලේ ඒ වගේම චන්ද පත්‍රිකා මුද්‍රණය කරලා පාරේ දාලා ගියාද දන්නේ නැහැ. මෙය ගොඩක් පැති වලින් සිතා බැලිය යුතුදෙයක්. ජනප්‍රිය වෙන්න තමන්ටම මඩ ගහගෙන පෝස්ටර් අලවන යුගයක් මේක. මේ ගැන ආරක්ෂක අංශ බලාගනීවි. (නි)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
හංසයාට විතරද මෙහෙම වුණේ? (නි)
දැන් ගියදේ ගියාවේ. (නි)
කොහොමද වැඩ? (නි)
දිමුතු -- ජයතිස්සයි මමයි පරණ කුණුගොඩවල් අදින්න කැමති නැහැ.
මම හංසයාට බයයි මල්ලියේ... (නි)
නියම සුදුස්සා කවුද කියලා ජනතාව කොහොමත් දන්නවා. (නි)
අවාසනාවන්ත ලාංකික අපි සදා රැවටෙමු. (නි)
2021 ට පෙර ......(ස)
ඇයි ඒ ඡන්ද පත්‍රිකා නුවර එළියෙ මැතිවරණ කාර්යාලයේම තියන්න ඔන කියලා නියමයක් තියෙනවාද?(නු)
ඕවා සුළු දේවල්. අපි දන්නවා. ගණන් ගන්න එපා (ස)
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට. (ස)
මෙම ඡන්ද පත්‍රිකා අපහරණය කරන්න නුවර එළිය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ඉදලා ගෙන එන කොට බෑග් එකක් ලිහිලා බිමට වැටුන ඒවා..!(නු)
කුමාර, දැන් මිනිස්සු මෝඩ නැහැ. (නි)
මෙවා අහලා මට හිනාත් යනවා (ස)
කාට කියන්නද මේවා (ස)
ඡන්ද වලට වෙන්නේ මේක කම් තවත් ඡන්ද තියලා මුදල් නාස්ති කරන්නෙ මොකටද?(නු)
කවුද මේවට වගකිය යුත්තේ (ස)
අද කාලේ ඡන්දේ දාලා වැඩක් නෑ (ස)
රස්සාව ආරක්ෂාකර ගන්නවද ? පරීක්ෂණ පවත්වනවද කියන එක ඔබ සතු වගකීමක් (ස)
හිනා යන කතා මේවා. ලොරියේ ගෙනියනකොට වැටිලා තිබුණලු. එහෙනම් මේ වගේ ඡන්ද පත්‍රිකා ලොරිවල ගෙනියනවිට කොපමණ වැටිලා ඇත්ද ?(ස)
මේක තමයි එහෙනම් වෙලා තියෙන්නෙ..!(නු)
දවසේ විහිළුව (ස)
ඔය ඡන්දයේ ඇත්ත කවදාහරි හෙලි වේවි (ස)
වැටුණ බව දැන දැන ලොරිය ඔහේ යන්න ගිහින්ද? (නි)
හොර ඡන්ද දාන්න හදපුවාද කොහෙද? නැත්නම් කොහොමද එක පක්ෂ්‍යක් විතරක් තියෙන්නේ..!(නු)
පරණ කුණු ගොඩවල් අදින්න එපා අනේ (ස)
සත්‍යය කවදා හරි ජය ගනීවි. (නි)
ඡන්ද පත්‍රිකා ප්‍රවාහනයේදී නොසැළකිල්ල මත මෙය සිදුවී අතැ. මේ පිලිබදව පරීක්ෂාකිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂක මණ්ඩලයක් පත් කර ඇත. භට අමතරව දෙපාර්තමේන්තු නොවන රජයේ නිලධාරින් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පරීක්ෂණ සදහා මැතිවරණ කොමසාරිස් විනින් පත් කර ඇත..!(නු)
සොල්දාදුවන් වන අප සමග කරට කර සටන් කළ ජෙනරල්ටත් සාධාරණයක් ලැබෙයි කවදා හරි..!(නු)
ජයතිස්ස, රිස්වාන් ඔයාලා මේ ගැන හොඳින්ම දන්නවා වගේ නේද ? (ස)