IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හසිත මඩවල සගයන්ගේ කරපිටින් අවසන් ගමන් යයි

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ දේහය රැගත් පෙරහැර පිලපිටිය සොහොන් බිමට රැගෙන යද්දී කොළඹ නුවර පාරේ ටයර් සංස්ථා හන්දිය අසලදී පිරිසක් ශ්‍රීලනිප කාර්යාලයට කඩා වදින්නට උත්සාහ කළහ.

පසුගිය සෙනසුරාදා මන්ත්‍රීවරයා ඝාතනයට ලක්විය.

ශ්‍රීලනිප කාර්යාලය පිහිටි බිමේ නිවෙසකින් අවි සොයා ගැනීමේ පුවත සැලවීමෙන් පසු එම පරිස එහි ගේට්ටුව කඩන්නට ගත් උත්සාහය ප්‍රාදේශීය සභාවේ සභාපති ද පොලීසිය ද එක්ව වැළැක්වීය.

ඉන්පසු පිරිස පොලීසියට හූ කියන්නට වූහ.

ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබිණි.

කැලණියේ කඩ බොහෝමයක් වසා සුදු කොඩි ද ඔසවා තිබිණි.

මහා සංඝරත්නය මන්ත්‍රීවරයාගේ ගෙදරදී ආගමික වතාවක් කිරීමෙන් පසු දේහය ප්‍රාදේශීය සභාවට රැගෙන යනු ලැබීය. රජයේත් විපක්ෂයේත් මැති ඇමැතිවරු දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මහින්ද රාජපක්ෂ ජනපතිගේ ශෝකප්‍රකාශය සභාවට ඉදිරිපත් කළාය.

අවමංගල රියෙන් දේහය රැගෙන යාමට ඉඩ නොදුන් පිරිස තම කරපිටින්ම තම සගයා සොහොනට යා යුතු යැයි කියමින් දේහය කඩින් කඩ ඔසවාගෙන ගියහ.

(ග.හෙ)

 

 

 

 

 



අදහස් (0)

හසිත මඩවල සගයන්ගේ කරපිටින් අවසන් ගමන් යයි

ලලිත් Wednesday, 09 January 2013 07:33 PM

නිවන් සුව පතම්යි

:       0       0

දම්මි Wednesday, 09 January 2013 07:37 PM

කනගාටු දායකයි

:       0       0

උපුල් Thursday, 10 January 2013 02:27 AM

කනගාටුයි (දී)

:       0       0

කොස්වත්ත Thursday, 10 January 2013 02:38 AM

දැක්කා නේද අර බැනර් එකේ ලියලා තියෙන දේ? (නි)

:       0       0

ශාමලී Wednesday, 09 January 2013 07:59 PM

කාට කියන්නද මේ දුක (දී)

:       0       0

තුල්සි Wednesday, 09 January 2013 08:08 PM

මේ මිනිසුන්ට මේ සිදුවෙන සිදුවීම් රටාවේ වෙනසක් කරන්න අවංකව වුවමනා නම් තවම ඊට කල් තිබෙනවා. ඔබ වැපිරූ අස්වැන්න ඔබ කපාගනිමින් ඇත. නැවත මෙවැනි සිදුවීම් නොවෙන්නට කළ යුතු දේත් ඇත්තේ ඔබේ අතේයි. (නි)

:       0       0

පවන් Thursday, 10 January 2013 03:58 AM

ඇත්ත කවදා හෝ හෙළිවේවි. (නි)

:       0       0

නිත්‍යා Thursday, 10 January 2013 12:03 PM

ඔබට නිවන්සුව පතමි (ස)

:       0       0

රිස්මි Wednesday, 09 January 2013 08:18 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

ධර්මපාල Wednesday, 09 January 2013 08:46 PM

ඔබට නිවන් සුව (දී)

:       0       0

නවීන් Thursday, 10 January 2013 12:48 PM

ලංකාවේ ආශ්චර්යය... අලුත් රටක්.... රට පෙරට... (නි)

:       0       0

පහන් Wednesday, 09 January 2013 09:07 PM

මොනවාද මේ කරන වැඩ (දී)

:       0       0

අංජන Thursday, 10 January 2013 08:17 AM

නිවන් සුව ඔබට (දී)

:       0       0

ජිනා Wednesday, 09 January 2013 10:35 PM

බලාගෙන ඉන්න පොලිසිය සහ එස්.ටී.එෆ්. එක තත්වය තේරුම් ගත යුතුය. රට අරාජිකය. මිනිසුන් අන්ත අසරණය. අවි ගත්තෝ අත්අඩංගුවට ගත යුතුය. (නි)

:       0       0

හේමසාර හිමි Wednesday, 09 January 2013 05:53 PM

ඔබට නිවන් සුව (ස)

:       0       0

අසේල Wednesday, 09 January 2013 10:53 PM

මේකද ආසියාවේ ආශ්චර්ය? දෙපැත්ත බෙදිලා ඡන්ද වලට මරාගත් අය දැන් එකම පැත්තේ රජ වෙලත් මරා ගන්නවා. නීච දේශපාලනය හෙළා දකිමු. (නි)

:       0       0

නිශාඩ් Thursday, 10 January 2013 09:45 AM

ශ්‍රී ලංකා දේශපාලනයේ ඝාතන සංස්කෘතියට තිත තැබිය යුතුයි (ස)

:       0       0

සාගර Wednesday, 09 January 2013 06:04 PM

අහෝ, ඔබට නිවන් සුව

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 10 January 2013 10:03 AM

ගේ ඉදිරිපිටදීම මහජන නියෝජිතයකු මරාදමා යනකොට නොහිටපු පොලිසියයි හමුදාවයි මේ ඇවිත් ඉන්නේ, කාගෙන් කාව ආරක්ෂා කරන්නද කියන්න... (නි)

:       0       0

ධමිම Thursday, 10 January 2013 10:01 AM

ඔය පින්තුර වල ඉන්න අය සැබෑ අහිංසකයි. (නි)

:       0       0

වජිර Wednesday, 09 January 2013 11:43 PM

තරුණ ජීවිත අකලට විනාශවන හැටි... දේශපාළනය නිසා මිනිසුන් වෛරයෙන් අන්ධ වී ඇති සැටි... ඔබට නිවන් සුව පතමි! (නි)

:       0       0

සමන් Thursday, 10 January 2013 06:17 PM

මෙහෙමත් රටක් (දී)

:       0       0

වීරසිංහ Thursday, 10 January 2013 12:43 AM

මගේ කනගාටුව

:       0       0

අතුල Thursday, 10 January 2013 12:46 AM

කනාගාටුයි (දී)

:       0       0

අජන්ත Thursday, 10 January 2013 12:43 AM

දෙයියෝ සාක්කි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site