කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ දේහය රැගත් පෙරහැර පිලපිටිය සොහොන් බිමට රැගෙන යද්දී කොළඹ නුවර පාරේ ටයර් සංස්ථා හන්දිය අසලදී පිරිසක් ශ්‍රීලනිප කාර්යාලයට කඩා වදින්නට උත්සාහ කළහ.
පසුගිය සෙනසුරාදා මන්ත්‍රීවරයා ඝාතනයට ලක්විය.
ශ්‍රීලනිප කාර්යාලය පිහිටි බිමේ නිවෙසකින් අවි සොයා ගැනීමේ පුවත සැලවීමෙන් පසු එම පරිස එහි ගේට්ටුව කඩන්නට ගත් උත්සාහය ප්‍රාදේශීය සභාවේ සභාපති ද පොලීසිය ද එක්ව වැළැක්වීය.
ඉන්පසු පිරිස පොලීසියට හූ කියන්නට වූහ.
ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබිණි.
කැලණියේ කඩ බොහෝමයක් වසා සුදු කොඩි ද ඔසවා තිබිණි.
මහා සංඝරත්නය මන්ත්‍රීවරයාගේ ගෙදරදී ආගමික වතාවක් කිරීමෙන් පසු දේහය ප්‍රාදේශීය සභාවට රැගෙන යනු ලැබීය. රජයේත් විපක්ෂයේත් මැති ඇමැතිවරු දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මහින්ද රාජපක්ෂ ජනපතිගේ ශෝකප්‍රකාශය සභාවට ඉදිරිපත් කළාය.
අවමංගල රියෙන් දේහය රැගෙන යාමට ඉඩ නොදුන් පිරිස තම කරපිටින්ම තම සගයා සොහොනට යා යුතු යැයි කියමින් දේහය කඩින් කඩ ඔසවාගෙන ගියහ.
(ග.හෙ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ කනගාටුව
මෙහෙමත් රටක් (දී)
ලංකාවේ ආශ්චර්යය... අලුත් රටක්.... රට පෙරට... (නි)
ඔබට නිවන්සුව පතමි (ස)
ඔය පින්තුර වල ඉන්න අය සැබෑ අහිංසකයි. (නි)
ගේ ඉදිරිපිටදීම මහජන නියෝජිතයකු මරාදමා යනකොට නොහිටපු පොලිසියයි හමුදාවයි මේ ඇවිත් ඉන්නේ, කාගෙන් කාව ආරක්ෂා කරන්නද කියන්න... (නි)
ශ්රී ලංකා දේශපාලනයේ ඝාතන සංස්කෘතියට තිත තැබිය යුතුයි (ස)
නිවන් සුව ඔබට (දී)
ඇත්ත කවදා හෝ හෙළිවේවි. (නි)
දැක්කා නේද අර බැනර් එකේ ලියලා තියෙන දේ? (නි)
කනගාටුයි (දී)
දෙයියෝ සාක්කි
කනාගාටුයි (දී)
ඔබට නිවන් සුව (ස)
තරුණ ජීවිත අකලට විනාශවන හැටි... දේශපාළනය නිසා මිනිසුන් වෛරයෙන් අන්ධ වී ඇති සැටි... ඔබට නිවන් සුව පතමි! (නි)
මේකද ආසියාවේ ආශ්චර්ය? දෙපැත්ත බෙදිලා ඡන්ද වලට මරාගත් අය දැන් එකම පැත්තේ රජ වෙලත් මරා ගන්නවා. නීච දේශපාලනය හෙළා දකිමු. (නි)
බලාගෙන ඉන්න පොලිසිය සහ එස්.ටී.එෆ්. එක තත්වය තේරුම් ගත යුතුය. රට අරාජිකය. මිනිසුන් අන්ත අසරණය. අවි ගත්තෝ අත්අඩංගුවට ගත යුතුය. (නි)
මොනවාද මේ කරන වැඩ (දී)
ඔබට නිවන් සුව (දී)
ඔබට නිවන් සුව! (නි)
මේ මිනිසුන්ට මේ සිදුවෙන සිදුවීම් රටාවේ වෙනසක් කරන්න අවංකව වුවමනා නම් තවම ඊට කල් තිබෙනවා. ඔබ වැපිරූ අස්වැන්න ඔබ කපාගනිමින් ඇත. නැවත මෙවැනි සිදුවීම් නොවෙන්නට කළ යුතු දේත් ඇත්තේ ඔබේ අතේයි. (නි)
කාට කියන්නද මේ දුක (දී)
කනගාටු දායකයි
නිවන් සුව පතම්යි
අහෝ, ඔබට නිවන් සුව