කොළඹ මහනුවර පෞද්ගලික හා ලංගම බස් ඒකාබද්ධ කාල සටහනකට ධාවනය කිරීමේ වැඩ සටහන අද අඩාල විය. පෞද්ගලික බස් 80ක් පමණ ධාවනය නොකිරීම ඊට හේතුවයි. පෞද්ගලික බස් හිමිකරුවන් කියනුයේ ඒකාබද්ධ කාල සටහන ක්‍රියාත්මක කිරීමට නම් ලංගම හා පෞද්ගලික බස් එකම තැනකින් පිටත් විය යුතු බවයි. දැනට බැස්ටියන් බස් නැවතුම් පොළෙන් හා මධ්‍යම බස්නැවතුම් පොළෙන් බස් පිටත් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි ප්‍රශ්නයක් නෑ ඔයාලා කරගෙන යන විදියට කරගෙන යන්න .ලංගම ගාවගෙන ඒක විනාස නොකර (ස)
ලංගම විනාස කරන්න දෙන්න එපා (ස)
අපි වෙනත් ප්‍රවාහන පහසුකම් සොයන්නේ මෙයාලගේ කිසිම පිළිවෙළක් නැති නිසයි. (නි)
හවුලේ කැදත් එපා කියන්නේ ඕක තමයි. (නි)
පුද්ගලික බස් වලින් රටට යහපතක් වෙන සේවයක් ලබාගන්න ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑ වාගේ. (නි)
සීටීබීය අමුතුවෙන් විනාශ කරන්න දෙයක් නැහැ. ඇතුළේ ඉන්න බහුතරය හොරු. (නි)
පෞද්ගලික බස් ජනසතු කර ලංගමය පමණක් ධාවනය කරන්න. (නි)
පුද්ගලික බස් ජනසතු කළ යුතුය. (නි)
ලංගමේ ඉතුරු ටිකත් නැතිවෙන වැඩක් වගෙයි. අපිට ඔන්න ඔහේ තියෙන විදිය හොදයි. (නි)
ලංගම විනාස කරන්න එපා
ලංගම ජාතික දේපලකි. පුද්ගලික බස් හිමියන් තර්ජනය කරන විට පිහිටට ඉන්නේ ලංගම පමණි. රජය කුමන පාර්ශවයක් / පක්ෂයකට සතු වුවත් රාජ්‍ය ප්‍රවාහන අංශයක් ද අත්‍යවශ්‍ය ලෙසම තිබිය යුතුමයි) (නි)
වෙන පාරවල් කෙසේවෙතත් නුවර-කොළඹ පාරෙ නම් පෞද්ගලික බස් ලොකු සේවයක් ඉටුකරනවා. (නි)