මෙවර පැවති ජාතික ශිෂ්‍යභට බළකායේ බල ඇණි 22 කට අයත් පාසල් 74 ක ශිෂ්‍යභට ඛණ්ඩ අතර පැවති හර්මන් ලෝස් ශුරතා වාර්ෂික කදවුර පසුගියදා රන්ටැබේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේදී අවසන්විය.
පුරා දින 23 ක් පැවති මෙම කදවුරේදී හර්මන් ලෝස් ශුරතාවය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට හිමිවිය. ඔවුන් මෙම හර්මන් ලෝස් ශුරතාව දිනාගත්තේ වසර 18 කට පසුවය.
වර්ෂ 1923දී ශිෂ්‍යභට ඛණ්ඩයක් ලෙසටත් 1927 දී ජේෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩයක් ලෙසටත් සිය අභිමානවත් ගමන ආරම්භ කළ බණ්ඩාරනායක ශිෂ්‍යභටයෝ 1989 සිට නොකඩවාම හත වැනි බළ ඇණියේ ශුරතාවය දිනාගැනීම නිසා ඔවුන් හත් වැනි බළඇණියේ කේසර සිංහපෝතකයින් යන විරුදාවලියෙන් හැඳින්වෙයි.
බණ්ඩාරනායක විද්‍යාලයේ බටහිර ශිෂ්‍යභට තුර්යවාදක ඛණ්ඩයත් පෙරදිග ශිෂ්‍යභට තුර්යවාදක ඛණ්ඩයත් ගුවන්හමුදා ශිෂ්‍යභට ඛණ්ඩයත් මෙවර දිනාගත් විශිෂ්ට ජයග්‍රහණ සමග මෙම හර්මන් ලෝස් ශුරතාව දිනාගැනීමත් නිසා හොදම බළ ඇණියට හිමි සම්මානයද හත්වන බල ඇණියට හිමි විය.
සැරයන් ඩබ්ලිව් එම් ඒ මදුරංග (ජි 8710) ගේ නායකත්වයෙන් ඝන සරඹ සහ අධ්‍යක්ෂ පරීක්ෂණයෙන් දෙවැන ස්ථානයද බණ්ඩාරනායක විද්‍යාලටය දිනා ගත්තේය. හොදම අණදෙන්නා සහ හොදම සැරයන්වරයාට හිමි කුසලානය ද සැරයන් මදුරංග හිමිකර ගත්තේය. ජයසංකේත ප්‍රදානය ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂක මේජර් ජනරාල් ගාමිණි ජයසුන්දර මහතා අතින් සිදුවිය.
බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතාගේ මගපෙන්වීම අනුව ශිෂ්‍ය භට ඛණ්ඩ භාර ආචාර්යවරුන් වන ලුතිනන් දිනේෂ් තිලකරත්න, කලිතාන් කුෂාන් ලියනගේ සහ යූ ජී ඒ නිෂාන්ත ගමත්වරුන්ගේ මෙහෙයවීමෙන් බණ්ඩාරනායක විද්‍යාලයීය කණ්ඩායම හර්මන් ලෝස් ජාතික කඳවුර සහභාගී විය.
මේ අතර රන්ටැඹේහිදී පැවති හර්මන් ලෝස් සහ ද සොයිසා කුසලාන ඇගයීම් කඳවුරට සහභාගී වූ ඉන්දියා, බංගලාදේශ, නේපාල සහ පාකිස්ථානයේ ශිෂ්‍යභට බලකා නිලධාරීන් හා ශිෂ්‍යභට බාලක බාලිකාවන් ද මෙරට යුධ, නාවික, ගුවන්, පොලිස් සහ තුර්යවදන ශිෂ්‍යභට ඛණ්ඩවල ශිෂ්‍යභට සැරයන්වරු ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ගාමිණි ජයසුන්දර මහතා සමග නොබෝ දා අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවූහ. මෙම අවස්ථාවට ජාතික ශිෂ්‍යභට බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්ති ජයසුන්දර මැතිනියද සහභාගී වූවාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. ආදි සිසුවෙක් ලෙසට මට හරිම සතුටුයි. (නි)
බටහිර වේවා නැගෙනහිර වේවා, හර්මන් තමයි හොදම. (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
දිනෙන් දිනම වැජඹේවා බණ්ඩරනායක විදුහල් මෑණී.......(ස)
ජයවේවා
ගම්පහ බණ්ඩාරණායක විදුහල් මෑණියන්ගේ අපේ ශිෂ්‍යබට කොල්ලන්ටත් , නව විදුහල්පතිතුමාටත් අපගේ උණුසුම් සුබ පැතුම් (ස)
යන්න බණ්ඩාරනායක ඉදිරියටම.... (නි)
අපට ආඩම්බරයි. (නි)
කැඩෙටින් නම් ඉතින් බණ්ඩාරනායකය ඇර තවත් පාසැලක් රටේ තිබේද? (නි)
හමුදා ශිෂ්‍යභට ඛණ්ඩය - ශුරතාවය ගුවන්හමුදා ශිෂ්‍යභට ඛණ්ඩය - ශුරතාවය පෙරදිග ශිෂ්‍යභට තුර්යවාදක ඛණ්ඩය - අනුශුරතාවය බටහිර ශිෂ්‍යභට තුර්යවාදක ඛණ්ඩය - සිව්වන ස්ථානය තව මොන උදාහරණද? (ස)
ජානක,සංජීව නිවැරදි කරන්න කැඩෙට් විතරක් නෙමේ බී. සී කොල්ලෝ හැමදේකටම දක්ෂයි .ලෝකේ හැමතැනම ඉන්නවා .නම ගෙනියනවා . (ස)
කැඩෙට් වලින් බණ්ඩාරණායකේ හැමදාම ඉදිරියෙන්. ඉදිරියටම යමු. චමින්ද.....ඕව නිකම් හිතේ දුකට කියන කතා. (ස)
කැඩෙට් නම් ගම්පහ ඉතින් බණ්ඩාරණායකේ තමයි. (නි)
කැඩෙට් නම් ඉතින් බණ්ඩාරණායකේ තමයි, බෑන්ඩ් දෙකත් නියමයි, ජය වේවා! (නි)
මේ නුවන් කුලසේකරගේත් පාසැලයි . (නි)
නමදිමු බණ්ඩාර නායක විදුහල් මතා බැති නී නීති නී පුදමු මව්නි ඔබවෙත ගීමල් මාලා.බණ්ඩාර නායක අදිසිසුවෙකු ලෙස ඉතාමත් සතුටට පත් උනා. මා සමග අකුරුකළ එවකට ශිෂ්‍ය බටයන්වසිටි ක්‍රියාන්විතයේ දී මියගිය බැන්ඩිය මුල්ලේ ලුතිනන් බන්දුල හා පුගොඩ ලුතුනන් දිනේෂ් සහ 89 බිෂන සමයේ මරාදැමුනු ශිෂ්‍ය බට ආචාර්ය කපිතාන් මුනිපුර ආදරයෙන් සිහිකරමි ඔවුන් අද සිටියානම් මාමෙන්ම සතුටුවනු ඇත (නු)
දිනේවා මගේ පාසල හැමදාමත්. (නි)
අපේ කොල්ලන්ට ඕවත් වැඩද? (නි)
මම හිතන්නේ චම්න්දට ජය පරාජය දරා ගන්න අමාරු වගේ.. කවදත් හොඳම ශිෂ්‍ය බට කණ්ඩායම හිටියේ ගම්පහ බණ්ඩාරණායකේ තමයි (ස)
කේසර සිංහ පෝතකයන් වුණු බණ්ඩාරණායකේ අපිට කින්ස්වුඩ් මොන ගේමක්ද ? (ස)
බණ්ඩාරණායකේ හැමදාම හොඳම කැඩෙට් ටීම් එක විදියට හිටියා .ජය වේවා (ස)
සුබ පැතුම් (ස)
මගේ පාසල් මෑණියන්ට සිරිමා බෝ සමිදු පිහිටයි. (නි)
මේ මගේ පාසල.. ජය වේවා..!(නු)
උණුසුම් සුභ පැතුම් බණ්ඩාරනායක මෑණියනි..!(නු)
චමින්ද ඔයා කොහොමද එහෙම කියන්නේ චන්ද පැරදුනහම මිනිස්සු කියන කතා නේ ඔයා කියන්නේ .ගම්පහ බණ්ඩාරනායක දිනේවා.(නු)
යමු බණ්ඩාරණායක යමු..!(නු)
මේ පාරත් කිංස්වුඩ් තමයි නියම සුරයෝ අපක්ෂපාති විදිහට විනිශ්වය දුන්නනම්.කොහොම වුනත් බණ්ඩාරණායක විදුහලට සුභ පැතුම්. (අ)
සුභ පැතුම් බණ්ඩාරණායක විදුහලට..!(නු)
අනේ අපි නොදන්න ලයිව්... (නි)