නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මිරිස්ස වෙරළ  තීරයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන මළු 10කට වැඩි ප්‍රමාණයක් සිය භාරයට ගෙන ඇතැයි ආරක්ෂක අංශ පවසයි.

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව අද (28) මිරිස්ස පොල්අතුමෝදර වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.

එහිදී සැකකටයුතු මළු තොගය සොයාගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට සූදානම් කළ බව කියන වාහන දෙකක්ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.