IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හොරුන්ට වරදී

බොරැල්ලෙන් සොරාගත් ප්ලැටිනම් කාඩ්පතකින් මිනුවන්ගොඩ සුපරි වෙළෙඳසැලකින් බඩු ගන්නට ගිය පුද්ගලයන් දෙදෙනෙක් මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. රුපියල් ලක්ෂ පහ දක්වා භාණ්ඩ ගැනීමට හැකි මෙම කාඩ්පතෙන් ඔවුහු රුපියල් 180000ක රන් මුදු දෙකක් ද, විදුලිපංකාවක් ද, රුපියල් 20000ක ජංගම දුරකතනයක් ද ගෙන ඇත. ගනුදෙනුකරු හා ඔහුගේ සගයා ගැන වෙළෙදහල් සේවකයනට සැකයක් ඇතිවූයේ ප්ලැටිනම් කාඩ්පතක ‘හිමි කරු‘ ත්‍රීරෝද රියකින් පැමිණීමයි. ඒ සැකය ඔවුහු පොලීසියට දැන්වූහ. සැකකරුවන් දෙන්නා මොරගොඩවත්ත හා දිවිලපිටියේ පදිංචිකරුවෝය. කාඩ්පත් හිමිකරිය නාවල කතකි. ඇය කියනුයේ එය සොරාත් බවයි. තරුණයන් කියනුයේ අහුලා ගත් බවයි.



අදහස් (0)

හොරුන්ට වරදී

ගැමුණු Thursday, 01 November 2012 12:10 PM

අහුලාගත්තත් හොරකමටනේ පාවිච්චිකළේ.. ඒ නිසා දඩුවම් දිය යුතුයි..!(නු)

:       0       0

ජයී තිසර Thursday, 01 November 2012 03:31 PM

හොරුන්ට නිසි දඪුවම් දිය යුතුයි. කාඩ්පත් හිමිකරුවන් තම කාඩ්පත රුපියල් ලක්ෂ පහක් වැනි ලොකු මුදලකට සීමාකර තැබීමට හේතුව නොදනිමි. අවශ්‍ය අඩු මුදලකට සීමා කිරීම සුදුසුය. මුදල් ඇතත්, කෝටිපතියන් ලෙස මෙසේ හැසිරීම හොරුන්ට කරන ආරාධනාවකි.(නු)

:       0       0

ක්‍රිෂාන් Thursday, 01 November 2012 12:10 PM

අහුලාගත් එකක් නම් ඒක බැංකුවකට බාරදීම නේද මිනිස්කම..?(නු)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 01 November 2012 12:11 PM

හොරුන්ට බුරුලක් දෙන්න හොඳ නෑ (ස)

:       0       0

ලලිත් කටාර් Thursday, 01 November 2012 12:54 PM

අනිවාර්යයෙන්ම වැටිලා තිබිලා හමුවේනන ඇති.. සොරාගත්තනම් පොලිසියට පැමිණිලි කිරීමට හෝ කඩ් එක නිශ්ප්‍රභා කිරීමක් හෝ කළ යුතුයි.. කාඩ් පාවිච්චි කරන කාටත් මේවා හොද පාඩම්..!(නු)

:       0       0

සිල්වා තබුක් Thursday, 01 November 2012 01:06 PM

මොර සූරණ වැසි, ගලායන දියපාරවල් වල අහුලාගන්නම තිබෙයි බඩු.. කර තිබෙන්නේ හොර වැඩක්.. නීතියට බාරයි.!(නු)

:       0       0

තිලිණ Friday, 02 November 2012 12:44 AM

අනිවාර්යයේනම ඔවුන්ට දඩුවම් ලැබිය යුතු අතර ඔවුන් එම ණය පතේ මුදල නැවත ගෙවීය යුතුයි..!(නු)

:       0       0

හොරණ පුතා Thursday, 01 November 2012 01:36 PM

කොහොමත් හොරුන්ම තමයි... ඇහින්දනම් එක්කෝ බාර දෙන්න ඕන. නැත්නම් මගේ නෙමෙයි කියලා ඉන්න ඔන..!(නු)

:       0       0

ෂෙරීෆ් Thursday, 01 November 2012 07:19 PM

ශ්‍රී ලංකාව හොරුන්ගේ පාරාදීසයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site