බොරැල්ලෙන් සොරාගත් ප්ලැටිනම් කාඩ්පතකින් මිනුවන්ගොඩ සුපරි වෙළෙඳසැලකින් බඩු ගන්නට ගිය පුද්ගලයන් දෙදෙනෙක් මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. රුපියල් ලක්ෂ පහ දක්වා භාණ්ඩ ගැනීමට හැකි මෙම කාඩ්පතෙන් ඔවුහු රුපියල් 180000ක රන් මුදු දෙකක් ද, විදුලිපංකාවක් ද, රුපියල් 20000ක ජංගම දුරකතනයක් ද ගෙන ඇත. ගනුදෙනුකරු හා ඔහුගේ සගයා ගැන වෙළෙදහල් සේවකයනට සැකයක් ඇතිවූයේ ප්ලැටිනම් කාඩ්පතක ‘හිමි කරු‘ ත්‍රීරෝද රියකින් පැමිණීමයි. ඒ සැකය ඔවුහු පොලීසියට දැන්වූහ. සැකකරුවන් දෙන්නා මොරගොඩවත්ත හා දිවිලපිටියේ පදිංචිකරුවෝය. කාඩ්පත් හිමිකරිය නාවල කතකි. ඇය කියනුයේ එය සොරාත් බවයි. තරුණයන් කියනුයේ අහුලා ගත් බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහුලාගත්තත් හොරකමටනේ පාවිච්චිකළේ.. ඒ නිසා දඩුවම් දිය යුතුයි..!(නු)
හොරුන්ට නිසි දඪුවම් දිය යුතුයි. කාඩ්පත් හිමිකරුවන් තම කාඩ්පත රුපියල් ලක්ෂ පහක් වැනි ලොකු මුදලකට සීමාකර තැබීමට හේතුව නොදනිමි. අවශ්‍ය අඩු මුදලකට සීමා කිරීම සුදුසුය. මුදල් ඇතත්, කෝටිපතියන් ලෙස මෙසේ හැසිරීම හොරුන්ට කරන ආරාධනාවකි.(නු)
අහුලාගත් එකක් නම් ඒක බැංකුවකට බාරදීම නේද මිනිස්කම..?(නු)
හොරුන්ට බුරුලක් දෙන්න හොඳ නෑ (ස)
අනිවාර්යයෙන්ම වැටිලා තිබිලා හමුවේනන ඇති.. සොරාගත්තනම් පොලිසියට පැමිණිලි කිරීමට හෝ කඩ් එක නිශ්ප්‍රභා කිරීමක් හෝ කළ යුතුයි.. කාඩ් පාවිච්චි කරන කාටත් මේවා හොද පාඩම්..!(නු)
මොර සූරණ වැසි, ගලායන දියපාරවල් වල අහුලාගන්නම තිබෙයි බඩු.. කර තිබෙන්නේ හොර වැඩක්.. නීතියට බාරයි.!(නු)
අනිවාර්යයේනම ඔවුන්ට දඩුවම් ලැබිය යුතු අතර ඔවුන් එම ණය පතේ මුදල නැවත ගෙවීය යුතුයි..!(නු)
කොහොමත් හොරුන්ම තමයි... ඇහින්දනම් එක්කෝ බාර දෙන්න ඕන. නැත්නම් මගේ නෙමෙයි කියලා ඉන්න ඔන..!(නු)
ශ්රී ලංකාව හොරුන්ගේ පාරාදීසයයි. (නි)