හොරෙක් අද (7) සවස වේයන්ගොඩ වදුරව නිවසකට වහලෙන් බැස්සේය. ගෙහිමියෝ හොරා දුටහ.
කලබල වූ හොරා ගෙයින් පැන්නේය. අත තුබූ පිහිය ළෙල වමින් දුම්රිය පාරේ දිව්වේය. ගැමියෝ ද ඔහු ලුහු බැන්දාහ. පිරිසක් රේල්පාරේ දුවනු ඈත සිටම දුටු මහනුවර-කොළඹ අන්තර් නගර දුම්රිය රියදුරා දුම්රිය නතර කර ගත්තේය.
හොරා පිහියත් සමග දුම්රියට නැග්ගේය.
පිහිය පෙන්වමින් දුම්රිය ධාවනය කරන්නැයි කෑගැසුවේය. ඒත් රියදුරා එසේ ඔහුගේ අණ පිළිපැද්දේ නැත.
ඔහු ඇල්ලීමට ආ පිරිස ඔහු නිරායුධ කර දුම්රියෙන් බස්සවා ගත්හ. පිහිය ද රන් පැහැ කාන්තා අත් ඔරලෝසුවක් ද සමග ඔහු වේයන්ගොඩ පොලීසියට බාර දීමට ඔවුනට හැකි විය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
හොරාට හෙනහුරා ලබයි
ධනංජය Friday, 08 February 2013 01:03 PM
මේක නිකන් හින්දි චිත්‍රපටියක් වගේ අප්පා , මට නම් හිනාත් යනවා. ඩ්‍රයිවර් වැඩ කාරයෙක් වගේ.බය නැතුව හිටියේ (ස)
රම්‍යා Friday, 08 February 2013 01:06 AM
චිත්‍රපටියක් වගෙයි. (නි)
ඇතීනා Friday, 08 February 2013 02:45 AM
නිර්භීත රියදුරු මහතාණෙනි, ඔබට මගේ ප්‍රණාමය. (නි)
චන්ද්‍රා Friday, 08 February 2013 04:32 AM
සේපාල ඒකනායකගේ මල්ලි වෙන්න ඇති. හොද එඩියක් තියෙන ලංකාවේ කොල්ලෙක්.(නදී)
තිලක් Friday, 08 February 2013 08:38 AM
හොරාගේ ඇගිලි කපන්න කතාකරන අය ඒක කරන්න කලින් හොරා ඒක කළේ ඇයි කියලා හොයලා බලන්න. (නි)
නිරාන් Friday, 08 February 2013 10:03 AM
නියමයි (ස)
නදීශා Thursday, 07 February 2013 07:15 PM
අනේ ඊට පස්සේ මොකද වුනේ ? ඒකත් කියන්නකෝ (ස)
නදීෂා Thursday, 07 February 2013 07:15 PM
ඉතින් ඊට පස්සේ මොකද වුණේ? (නි)
හසිත Thursday, 07 February 2013 07:16 PM
හොරුන්ට අපල කාලයක් ලබලා තියෙන්නේ..... (නි)
ලාල් Friday, 08 February 2013 10:26 AM
හොරා හොරාමයි, උපරිම දඩුවම් දෙන්න (ස)
ගාමිණී Thursday, 07 February 2013 07:24 PM
රේල් පාරේ අලි දැක්කහම හප්පනවා. හොරු දැක්කහම නවත්වනවා. (නි)
ලලිත්-කටාර් Thursday, 07 February 2013 07:27 PM
පොලිසයට බාර දෙන්න කලින් හොදට සැළකුවේ නැද්ද? (නි)
සංජීව Thursday, 07 February 2013 07:42 PM
රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ.(නදී)
සංජීව Thursday, 07 February 2013 10:22 PM
ඇයි ගමේ මිනිස්සු එකතුවෙලා හොරාට හොදට සලකපු හැටි ලියන්න අමතක වුනේ.(නදී)
ජයා Thursday, 07 February 2013 10:44 PM
මේ රටේ ලොකුම දඬුවම මරණ දඬුවමනේ. එවන් දඬුවමක් නම් මෙවැනි අපරාධ කරන අයට දෙන්න නම් එපා. මොවුන්ට කරන්න ඕනෑ අත් දෙකේ ඇඟිලි දහයම කපලා, හංවඩු ගසා සමාජගත කරන එක. එසේ කළොත් මෙවැනි අපරාධ මුළුමනින්ම නැතිකර ගත හැකි වේ යැයි විශ්වාස කරනවා. (නි)