සාමාන්‍ය ඇඳුමින් සැරසුණු තිදෙනකු සමග පොලිස් පරීක්ෂකයකු වෙසින් කලගෙඩිහේනේ ව්‍යාපාරික නිවසකට ඇතුළුවූ කොල්ලකල්ලියක් රුපියල් අට ලක්ෂයක රන් අබරණ ද, රුපියල් 30,000ක්ද පැහැරගෙන ගොස් ඇතැයි නිට්ටඹුව පොලීසියට පැමිණිලි කර ඇත.
දෙමටගොඩ පොලීසියෙන් යැයි පවසා ව්‍යාපාරිකයා හා බෑනා කාමරයකට දමා වසා මේ කොල්ලය සිදු කර ඇත.
‘පොලිස් පරීක්ෂක‘ අත පිස්තෝලයක් වැනි අවියක් ද තිබූ බව කියයි.
පොලීසියෙන් යැයි කියමින් නිට්ටඹුව පොලිස් වසමේදී සඳුදා අළුයම පොලී මුදලාලි කෙනෙකු පැහැරගෙන ගොස් රුවන්වැල්ලේ මරා දමා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකනේ කියන්නේ අපි දැන් කාටද අපේ දුක කියන්නේ (දී)
මිනිස්සු දැන් විස්වාස කරන්නේ කොහොමද (දී)
ලොක්කෝ හිටගෙන කරනකොට සොක්කෝ දුව දුව කරනවා. ඒක නවත්වන්න කොහොමද කියලා ලොක්කොම තමයි තේරුම් ගන්න ඕනේ. මෙහෙම ගියොත් පොලිසිටයටත් අවනත වෙන්න බැහැ වගේ.(නදී)
නීති තදකරල (එල්ලුම්ගහ ක්‍රියාත්මක කරල )ගිනි අවි නීත්‍යනුකූල කලයුතුයි. නැතිනම් ලංකාවේ ජීවත් වෙන්න බැහැ (පිලිපීනය දුප්පත් රටක් එත් ඕනේ කෙනෙකුට ආයුධයක් මිලදීගන්න පුළුවන් හැමකෙන ගාවම තියන නිසා එකෙකුට එකෙක් බයයි ) (ත)
නිට්ටඹුව පැත්තේ දැන් කහවත්තක් වේගෙන යන්නේ. කප්පන් මන්කොල්ලකෑම් ඉහළ ගිහින්. ලොක්කොත් මේවට සම්බන්ද ඇති.(නදී)