ඉතා සූක්ෂම ලෙස මුද්‍රණය කළ ව්‍යාජ ඇමෙරිකා ඩොලර් නෝට්ටු සහිත කඩදාසි මිටි තුනක් රැගෙන සාජා සිට මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙක් සහ සියරාලියොන් ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීණ් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඩොලර් සියයයේ, පනහේ හා දහයේ නෝට්ටු ඒ අතර විය.
සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 30ක් සහ 36 වූ පරිගණක තාක්ෂණික ඉංජුනේරුවන් දෙදෙනකු බව රේගුව කියයි.
ව්‍යාජ නෝට්ටු මාරු වටිනාකම රුපියල් හැත්තෑ හය ලක්ෂ පනස් හතර දාහකට ආසන්න වෙයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර මහතාගේ අධීක්ෂණය යටතේ රේගු සමාජ ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතාගේ උපදෙස් පිට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ අධිකාරී නිහාල් අලහප්පෙරුම, සහකාර රේගු අධිකාරීවරුන් වන එම් කේ එම් යූ ගාමිණී සහ කීර්ති අබේසේකර මහත්වරු විමර්ශන සිදු කරති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ (දී)
ඩොලරුත් හොරෙන් ගහන්න පුලුවන්ද (දී)
මේ රට වල කොහේද පරිගණක තාක්ෂණික ඉංජුනේරුවන් ඉන්නේ. අනික ලංකාවට මේ රට වලින් එන්නේ සංචාරවලට නොවෙයි. මේ වගේ හොර වැඩ වලට (දී)
සුළු දෙයක්නේ (දී)
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ජාත්‍යන්තර සොරුන්ට පාරාදීසයක් වෙලාද ? (ස)
ලංකාව ලෝක හොරුන්ගේ පාරාදීසයයි (ස)