ලංකා ඛනිජ තෙල් සංස්ථාව නියෝජනය කළ ”හයිරැක්ස් සිපෙට්කෝ” කණ්ඩායම විසින් සිපෙට්කෝ ශූරතා කුසලාන අන්තර් ජනමාධ්‍ය ආයතන ක‍්‍රිකට් ශූරතාවය දිනා ගන්නා ලදී. අවසන් තරගයේ දී දෙරණ මාධ්‍ය ආයතන කණ්ඩායම පරාජය කිරීමට හයිරැක්ස් සිපෙට්කෝ” කණ්ඩායම සමත් විය.
දෙසැම්බර් 22 සහ 23 යන දෙදින දෙහිවල එස්. ද. එස්. ජයසිංහ කී‍්‍රඩාංගණයේදී පැවති මෙම තරගාවලියට මාධ්‍ය ආයතන 16 ක් සහභාගි විය. ජනාධිපති මාධ්‍ය අංශය, ජනමාධ්‍ය අමාත්‍යංශය, ජාතික රූපවාහිනිය, දෙරණ මාධ්‍ය ජාලය, ස්වර්ණවාහිණිය, ශ‍්‍රී එෆ්. එම්., රන් එෆ්. එම්., ඊ එෆ්. එම්., සී. එස්. එන්., නෙත් එෆ්. එම්., වී එෆ්. එම්., සිංහ එෆ්. එම්., රිවිර මාධ්‍ය ජාලය ඒ අතර විය.
තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය හා කැළණිය සරේ කී‍්‍රඩා සමාජය එක්ව මෙම තරගාවලිය සංවිධානය කළ අතර මෙහි ප‍්‍රධාන අනුග‍්‍රකයා වශයෙන් කටයුතු කළේ හයිරැක්ස් සිපෙට්කෝ සමාගමයි.
ශූරතාව දිනාගත් හයිරැක්ස් සිපෙට්කෝ සමාගම සහ අනුශුරතාව හිමිකරගත් දෙරණ මාධ්‍ය ජාලය ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ ඛනිජතෙල් කර්මාන්ත ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා සමග ඡයාරූපයකට පෙනී සිටි අවස්ථාව.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයග්‍රහණය සුබ පැතුම් (ස)
ජයවේවා