හම්බන්තොට ගුවන්තොට,වරාය ඇතුළු සංවර්ධනය දුටු යුරෝපයේ ප්‍රධාන රටවල් තුනක තානාපතිවරු එහි දියුණුව ගැන ප්‍රසාදය සහ මවිතය පළකළහ.
බි්‍රතාන්‍ය මහා කොමසාරිස් ජෝන් රැස්කින් කීවේ හම්බන්තොට ගුවන් තොට හා වරාය ශ්‍රී ලංකාවේබ්‍රිතාන්‍ය ආයෝජනයට හොඳ අවස්ථාවක් උදාවනු ඇති බවයි.
ප්‍රංශ තානාපති කි්‍රස්ටීන් රොබිෂොන් කීවේ දෙවසරකට පෙර දුටු හම්බන්තොට දැන් මුළුමනින්ම වෙනස්වී ඇති බවය.
ජර්මන් තානාපති ජුරිගන් මෝරගාඩ් පැවසුවේ යුරෝපා වෙළෙඳපොළ දිනා ගැනීමේ අවස්ථාවක් හම්බන්තොට වරායෙන් හා ගුවන්තොට නිසා ශ්‍රී ලංකාව උදාවී ඇති බවයි. හම්බන්තොට දිසාපති ආර්. සී. ද සොයිසා මහතා ඔවුන් සමග සාකච්ඡා කෙළේය. ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව. ෂැන්ග්රිලා තරු හෝටලයද වරාය හා ගුවන්තොටද ඔවුහු නැරඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ කියන්නේ අග නගරයනේ දමිත්. (නි)
අපේ රට තමයි ලෝකෙන්ම උතුම් රට (දී)
මටනම් සැකයි. කල්පනාවෙන් වැඩ කරන්න (දී)
චතුල, ඔයාගේ කවුරුවත් නැද්ද පුත්තලම පැත්තේ දන්න කියන ලොකු ඇත්තෙක්? (නි)
රොබට් නොක්ස් , ලෙනාඩ් වුල්ෆ් වගේ ඔබතුමාලත් පොත් ලියන්නකෝ. එතකොට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. (නි)
අපි තමයි ලෝකේ සීග්‍රයෙන් දියුණුවන රට (දී)
ටිකක් පරිස්සමෙන් (දී)
මටනම් ටිකක් බයයි ඒ ගැන (දී)
ලංකාව කියන්නේ ඉන්දියන්සාගාරයේ මුතු ඇටයයි (දී)
කල්පනාවෙන් වැඩ කරන්න (දී)
දැන් බලාගත්තැහැකි යුරෝපා ආයෝජකයෝ පොර කකා හම්බන්තොටට ගොඩ බහින හැටි... අනේ නිකන් ඉන්න....(ස)
අනාගතයේදී සියලු දිස්ත්‍රික්ක වලින්ම රට පාලනයට නායකයින් බිහිවුනොත් මෙම දිවයින තරුවක් මෙන් ලෝකයේ බැබළේවි. (නි)
මින් පස්සේ අධිරාජ්‍යවාදීන් කියලා ඒ රටවලට සංචාරය කරන අයටනම් ආපහු ඒ වචනය අත හැරලා වෙන මොකක් හරි අලුත් වචනයක් හොයාගන්න වෙනවාමයි. අනේ පව් අහිංසකයෝ....(ස)
හරියටම හරි කීර්ති. (නි)
අවුදුරු පහක දරුවෙකුට කඩදාසි බෝට්ටුවකින් මිස නැවකින් ඇති පලය කුමක්ද? (නි)
ලංකාව දියුණු වන රටක් (දී)
මේ අය මවිතය පළකරන්න ඇත්තේ , මෙහෙම ලොකු වරායක් හදලත් නැව් එන්නේ නැත්තේ මොකෝ කියලා වෙන්න ඇති. (නි)
එයාලා සමහරවිට ලංකාවේ රැකියා හොයනවාද දන්නෙ නැහැ නේද? (නි)
කමල්, අපේ අය හොඳටම දන්නවා හම්බන්තොටට හොඳට වැඩ කරලා තියෙනවා කියලා. ප්‍රශ්නේ ඒක නෙවෙයි. ලංකාවේ අනිත් ප්‍රදේශ වලට කිසිම දෙයක් නොකරන එකයි. ඔය ලෝකෙන් ගත්ත ණය ගෙවන්නේ හැබැයි හම්බන්තොට මිනිස්සු විතරක් නෙවෙයි. මුළු ලංකාවේම මිනිස්සුන්ට එව්වා ගෙවන්න වෙනවා. (නි)
කවුරු කොහේ කළත් හොද දේ අගය කරන්නත් නරක දේ පිටුදකින්නත් අපි දැනගන්න ඕනෑ. (නි)
කවුරු හොදයි කිවුවත් විපක්ෂයට හොදක් පෙනෙන්නේ නැති එකනේ පුදුමේ. (නි)
කියනකොට නම් හරි රසවත්. එහෙත් කෙරෙනකොට කොහොම වෙයිද? (නි)
කොළඹට කිරි අපට කැකිරි.... (නි)
සුමිත් සහ දමිත් වෙත, ලංකාව වගේ පොඩි රටකට ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් දෙකක් අවශ්‍ය නැති බව තේරුම් ගන්න බැරි ඇයි? වැස්සකට ඉන්න බස් හෝල්ට් එකක් නැති ස්ථාන ලංකාවේ කොපමණ තියෙනවද? ගේට්ටුවක් නැති අනාරක්ෂිත දුම්රිය හරස් පාරවල් නිසා කොපමණ ජනතාවක් අනතුරට පත් වෙනවාද? පානීය ජල පහසුකම් නැතිව කොපමණ ජනතාවක් දුකට පත් වෙලා ඉන්නවාද?ඇයි මේවා ගැන හිතන්න බැරි? (නි)
කබරගොයි තලගොයි ප්‍රතිපත්තිය නෙමෙයි නේද? (නි)
කීර්ති, ඔයලා වගේ අය ඉස්සරත් හිටියනම් අහයි ලන්කාව පොඩි රටක්නේ මෙච්චර මොකටද වැව් හදනේ, එකක් තිබුනනම් අති කියලා, ඔයා දන්නේ ඔක්කොඅම විවේචනය කරන්නම තමයි, හොද දෙයට හොදයි කියන්න පුරුදු වෙන්න (දී)
ඔක්කොම ඇයි හම්බන්තොටට විතරක් කියලා ඇහුවේ නැත්ද ? (ස)
lලංකාවේ හම්බන්තොට හැර වෙනත් පළාත් නැද්ද කියා ඇහුවේ නැද්ද ? (ස)
හිතේ කහටක් ඇති කරගන්න අවශ්‍ය නැහැ ඔය කවුරු කවුරුත්. (නි)
බලමු මොකද වෙන්නේ කියලා... (ස)
අපේ දියුණුව කොහොමද (දී)
අපි ශ්‍රේෂ්ට ජාතියක් (දී)
වරායක් හදපු එකේ තෙල් පිරිහදුවකුත් මේ කිට්ටුවෙන්ම හැදුවා නම් ඉන්ධන ගෙන්වන්න යන වියදම අඩුකරගන්න තිබුණා නේද? (නි)
ලංකාවට ජයවේවා (දී)
කීර්ති තවමත් ඉන්නේ ළිං මැඩි සංකල්පයේ. (නි)
හම්බන්තොට සංවර්ධනය කිරීම වැරදිද? (නි)
සුද්දෙක් කියන කම්ම අපේ අයට ඒක විශ්වාස කරන්න බැරි වුනා නේ... (ස)
කීර්ති ගැන මට දුකයි. (නි)
ආණ්ඩුවේ හැම එකකටම බනින අය මේකට සද්ද නැත්තේ මොකද සුද්දෙක් කියපු නිසාද ???(ස)
පුත්තලම් දිස්ත්‍රික්කයට නම් එන්න එපා සතුට ඉහ වහ යයි(ස)
ඔක්කොමලා හොදයි හොදයි කිවුවට කෝ තාම එක නැවක්වත් ආවේ නැහැනේ. (නි)
ඉස්සර හිටපු කට්ටිය කොළඹට විතරක් කරනකොට කවුරැත් කිව්වේ නෑ ඇයි කොළඹට විතරක් කරන්නේ කියලා (ස)
ලංකා මාතාවට ජයවේවා (දී)
මේ අය හම්බන්තොට දියුණු වෙනවට මේ තරම් අකමැති ඇයි? හම්බන්තොට තියෙන්නේ වෙන රටකද හම්බන්තොට තියෙන්නෙත් ලංකාවේ. ඒක තේරුම් අරගෙන සතුටු වෙන්න..(ස)
මොකද්ද දන්නේ නැහැ අරමුණ (දී)
හොද කල්පනාවෙන් ඉන්න (දී)
දමිත් දන්නෙ නැද්ද කොළඹ කියන්නේ අග නගරය කියලා? (නි)
අනේ කීර්ති, ඔයා ගැන දුකයි. (නි)
කොහොමහරි සුද්දවත් අල්ලගත්තා නේද? (නි)