IMG-LOGO

හමුදාවෙන් තවත් ආදර්ශයක්

2009 මඩකලපුවේදී මියගිය කොටි සාමාජිකයන්ගේ පවුලේ සාමාජිකයන්ට නිවසක් තනාදීම සඳහා යුද හමුදාවේ 16 වැනි ජාතික ආරක්ෂක බල මුළුව අම්පාර චවලකඩේදී අද මුල්ගල් තැබීය. තුන්වැනි කාර්ය සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් හරේන් පෙරේරා හා 631 වැනි බළ සේනාධිපති කර්නල් ප්‍රියන්ත ගමගේ ආරාධිතයෝ වූහ. නිවස තැනීම සඳහා රුපියල් හය ලක්ෂයක බරපැන එම රෙජිමේන්තුවෙනි. මාසයකින් නිවස තනා අවසන් කිරීමට නියමිතය.

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

හමුදාවෙන් තවත් ආදර්ශයක්

කුෂාන් Friday, 22 February 2013 11:40 AM

සමගිය හා සහජීවනය කියන්නේ මෙයයි. අනුන්ට ලැබෙන දෙය ගැන හූල්ලන්න එපා. (නදී)

:       0       0

ගාමිණී Thursday, 21 February 2013 10:50 PM

බ්‍රිගේඩියර් මහත්තයෝ, කොටින්ගේ බිමි බෝම්බ සහ වෙඩිවරුෂා වලින් මියගිය සොල්දාදුවන්ට ප්‍රමුකත්වය දීලා ඔවුන්ගේ දරුවන්ගේ පවුල් සදහා නිවාස ඉදි කිරීම ආරම්භ කලා නම් තමයි අගේ.(නදී)

:       0       0

චාමිණී Friday, 22 February 2013 01:52 PM

රණවිරුවන්ට අපේ උපහාරය ! මේවා ජාත්‍යන්තරයටත් පෙන්වන්න....(ස)

:       0       0

බන්දුල-කටාර් Friday, 22 February 2013 12:25 AM

ලංකාවටම නෙමෙයි ලෝකෙටම උතුම් ආදර්ශයක්.(නදී)

:       0       0

අර්පත් Friday, 22 February 2013 02:48 AM

අපි ඔබ ගැන ආඩම්බර වෙනවා.(නදී)

:       0       0

උදයංග Friday, 22 February 2013 03:06 AM

උත්තම වැඩක් (දී)

:       0       0

කුමුදු Friday, 22 February 2013 04:00 AM

කොටින්ටත් අපේ සිංහල මිනිස්සු අනුකම්පා කරනවා. ඒත් කොටි රටට මහ විනාශයක් කළා. ඇයි මේ ගෙවල් මියගිය රණවිරුවන්ගේ පවුල් වලට දෙන්නේ නැද්ද? කොටි ඩයස්පෝරුවෙන් අපේ අයට ගෙවල් දෙයිද මේ වගේ. ඕනාවට වඩා අනුකම්පාවත් හොද නැහැ.(නදී)

:       0       0

නිමල් ලලිතා Friday, 22 February 2013 05:18 AM

කොටි කියන්නේ තොත්ත බබාලා නෙමෙයි. ගෙවල් දොරවල් නැති රණවිරු පවුල් රණවිරු වැන්දඹුවන් කොපමන සිටිනවාද? ඒ අයට ගෙවල් හදා නොදී කොට්යන් බිහිකල අයට ගෙවල් හදා දෙන්නේ මේ අය මනුස්සකම උතුරා ගිය අයද?(නදී)  

:       0       0

අනුර Friday, 22 February 2013 03:15 PM

මෙය බුදුදහමට අනුකූල ඉතා උතුම් ක්‍රියාවක්. (නි)

:       0       0

ජයතිස්ස Friday, 22 February 2013 07:39 AM

ගාමිණී හරි. එතනින් පටන් ගනිමු. (නි)

:       0       0

රංජිත් Friday, 22 February 2013 07:54 AM

අපේ මනුස්සතම ලෝකෙටම පෙන්නන් පුළුවන් මේ වගේ වැඩවලින්. (නදී)

:       0       0

වරුණ Friday, 22 February 2013 08:05 AM

ආමි එකේ තව කීදාහක් ඉන්නවද ඉන්න හිටින්න තැන් නැතුව. (නි)

:       0       0

ඉෂාර Friday, 22 February 2013 08:36 AM

මේ කරන දෙයෙහි යටි අරමුණක් මට පේනවා. හැබැයි එහෙම අරමුණක් තිබේ නම් මම මෙම වැඩයට මෙන්ම එම අරමුණටද පක්ෂයි. (නි)

:       0       0

රේණු Friday, 22 February 2013 09:36 AM

ගෙවල් නැති හමුදාවේ අයටත් ගෙවල් හදලා දෙන්න. (නි)

:       0       0

සංජු Friday, 22 February 2013 09:49 AM

මේ දේ ඇයි ලෝකයා නොදකින්නෙ, ලක් හමුදාව ලෝකයටම ආදර්ශක්.(නදී)

:       0       0

හමීඩ් Friday, 22 February 2013 09:58 AM

මගේ උත්තමාචාරය.(නදී)

:       0       0

අනුර Friday, 22 February 2013 10:57 AM

රණවිරුවනි! ඔබට සදා නය ගැතියි. මගේ උත්තමාචාරය මෙන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site