හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට හමීඞ් අල් හුසේනියා විදුහල සමත්විය. අද (10 වැනිදා) කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී හමීඞ් අල් හුසේනියා විදුහල විසින් ලූම්බිණී විදුහල ගෝල 3 - 0 ලෙස පරාජයට පත්කරන ලදි.
තරගයේ පළමු භාගය අවසන් වන විට දෙපිලම ගෝලය බැගින් ලබාගෙන සිටි අතර දෙවන භාගයේදී ද දෙපිලම තවත් එක් ගෝලය බැගින් රැස්කිරීමට සමත්වූහ. නියමිත කාලය අවසන් වන විට ගෝල 2 - 2 ක් ලෙස තරගය සම තත්වයේ පැවතීම හේතුවෙන් දඩුවම් පහර මගින් තරගයේ ජයග‍්‍රාහකයා තෝරාගැනිණ.
දඩුවම් පහර 3 ක් සාර්ථක කරගත් හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය කී‍්‍රඩකයෝ තරගය ජය ගැනීමට සමත්වූහ. ලූම්බිණී විදුහලට කිසිදු දඩුවම් පහරක් සාර්ථක කරගැනීමට නොහැකි විය.
ශාන්ත බෙනඩික් විදුහල ගෝල 3 - 0 ක් ලෙසින් පරාජය කළ හින්දු විද්‍යාලයීය කී‍්‍රඩකයෝ තෙවන ස්ථානය තෝරාගැනීම සඳහා වූ තරගයෙන් ජයගැනීමට සමත්වූහ.
මෙම තරගාවලියට සමගාමීව පැවති වයස අවුරුදු 40 ට වැඩි ප‍්‍රවීණ කී‍්‍රඩකයින්ගේ පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ජාවාලේන් පිල සමත්වූයේ කොළඹ ප‍්‍රවීණයන්ගේ පිල ගෝල 1 - 0 ලෙස පරාජය කරමිනි.
ඡයාරූප - ශානුක අරවින්ද
ශූරතාව දිනාගත් හමීඩ් අල් හුසේනියා විදුහල් කණ්ඩායම
අවසන් මහ තරගයේ තියුණු අවස්තා
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හමීඞ් අල් හුසේනියා කී‍්‍රඩකයෝ ආරාධිත පාසල් පාපන්දු ශූරතාව දිනති
ඉර්ෆාන් ධර්මා Monday, 11 February 2013 11:00 AM
මෙච්චරකල් පාසල් පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් වෙනත් පාසල් ගැන අහන්න පුළුවන් වුණත් ප්‍රථම වතාවටයි මෙම පාසල ගැන අහන්න ලැබුණේ. සුභ පැතුම්! (නි)
ඉන්සාෆ් Monday, 11 February 2013 11:08 AM
සුභ පැතුම්! :D (නි)
රියාස් Monday, 11 February 2013 04:39 PM
සුභ පැතුම්! (නි)
අසාන් Monday, 11 February 2013 01:28 PM
සුභ පැතුම් හමීඩියා. හැමසැරේම දිනන කොළඹ සහිරා මේ සැරේ හොදට සෙල්ලම් කලේ නැහැ.(නදී)