හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම සංවිධානය කරන සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබාගැනීමට කොළඹ හින්දු විද්‍යාලය, කොළඹ හමීඞ් අල් හුසේනියා විද්‍යාලය, ලූම්බිණී විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයීය කණ්ඩායම් සමත් වූහ. අවසන් පූර්ව තරග අද (02) කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේදී පැවැත්වේ.
අවසන් පූර්ව වටයේ තරග වලදී කොළඹ හින්දු විද්‍යාලයට එරෙහිව හමීඞ් අල් හුසේනියා විද්‍යාලයත්, කොළඹ ලූම්බිණී විද්‍යාලයට එරෙහිව ශාන්ත බෙනඩික් විද්‍යාලයත් තරග වැදීමට නියමිතය.
අර්ධ අවසන් පූර්ව වටයේ පසුගිය 28 වැනිදා පැවති තරග වලදී කොළඹ හින්දු විද්‍යාලය විසින් කොළඹ රාජකීය විද්‍යාලය ගෝල 4-0 ක් ලෙසත්, හමීඞ් අල් හුසේනියා විද්‍යාලය විසින් මීගමුව අල් හිලාල් විද්‍යාලය ගෝල 9-0 ක් ලෙසත් පරාජය කරන ලදි.
29 වැනිදා පැවති අර්ධ අවසන් පූර්ව තරග වලිදී ලූම්බිණී විද්‍යාලය විසින් කළුතර සිරි කුරුස විද්‍යාලය ගෝල 1-0 ක් ලෙසත්, ශාන්ත බෙනඩික් විද්‍යාලය විසින් කොළඹ අනන්ද විද්‍යාලය ගෝල 1-0 ක් ලෙසත් පරාජය කරන ලදි.
තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත අතර එදින ආදි අල් හුසේනියා පාපන්දු කී‍්‍රඩකයන්ගේ ප‍්‍රදර්ශන තරගයක් පැවැත්වීමටද සංවිධායක කමිටුව කටයුතු සූදානම් කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හමීඞ් අල් හුසේනියා ආරාධිත පාසල් පාපන්දු අවසන් පූර්ව තරග අද
ෂිරාෂ් Sunday, 03 February 2013 11:05 AM
හමීඩියාවට ජය පතනවා.(නදී)
ශිහාන් Saturday, 02 February 2013 11:22 AM
නියමයි කොල්ලනේ (ස)
රුමාස් Thursday, 07 February 2013 05:44 PM
හමීඩියානුවෙක් වීම ගැන ආඩම්බරයි. (නි)