
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ දිල්හානි රත්නායක)
හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා දෙකක හදිසි ගින්න පාලනය ගිනි නිවන හමුදාව පොලිසිය සහ යුද හමුදාව දැඩි වෙහෙසක් ගන්නා බව හෝමාගම මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
රෙදිපිළි කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්න ,තීන්ත කර්මාන්ත කර්මාන්තශාලාවක් තෙක් පැතිර යාමෙන් ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් මෙන්න පොලිසිය සහ යුද හමහුදාව දැඩි වෙහෙසක් ගන්නා අයුරු දක්නට ලැබිණි .
කර්මාන්තශාලා දෙකේම රසායනික ද්‍රව්‍ය තිබෙන බවට ලද තොරතුරකට අනුව ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා එම ස්ථානය කරා පැමිණීම වැළැක්වීමට පොලිසිය දැඩි වෙහෙසක් ගන්නා අයුරු ද අයුරු ද දක්නට ලැබිණි.
එම ස්ථානය කරා යුද්ධ හමුදා නිලධාරීන් කණ්ඩායමක් පොලිසියට සහාය දැක්වීම සඳහා පැමිණ සිටියහ.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. හෝමාගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd