IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘හපුතලේ මහා පල්ලම ළඟම බසය නතර වූණා‘

‘මා එක්වරම තිරිංග තදකළා. බසය ලිස්සා ගියා මහා පල්ලමක කටේ බසය නතර වුණා. ඒ වන විටත් බසයේ මගීන් නිදි. මගීන් 45 ක් බසයේ සිටියා. කොළඹ බදුල්ල මාර්ගයේ ධාවනය වූ ලංගම බසයක් විහාරගල වංගුව අසලදී පල්ලමට යා නොදී බේරාගත්  රියැදුරා මෙහොමඩ් අන්සාර් එසේ කියයි. බසයේ රියදුරු මොහොමඩ් අන්සාර් (54) ‘මා ලංගමට සේවයට ගොස් අවුරුදු 23යි. බණ්ඩාරවෙල හා බිබිල ඩිපෝවල වැඩ කළා. දැන් බදුල්ල ඩිපෝවේ සේවය කරනවා.‘ ‘බදාදා  (31) රාත්‍රී 12.00ට අපි කොළඹින් බදුල්ලට පිටත් වුණා. දිගටම වැස්ස තිබුණා. බෙරලගට ආවේ පාන්දර 4.30ට විතර. අධික වැස්ස සමග දැඩි මීදුමක් තිබුණා. පාර පේන්නේම නැහැ. සුදු ඉර බලාගෙන හපුතලේ දෙසට ආවා. එන්න ගොඩක් අමාරු නිසා කොන්දොස්තර සංජීව රත්නායකට කතා කර ඉස්සරහ  පාපුවරුවට ගෙන්න ගත්තා. මීදුම නිසා පාර පේන්නේම නැහැ. මම ඔහුට කිව්වා පාර හොදට බලන්න කියලා.‘ ‘උඩ විහාරගල හරියේදි කොන්දොස්තර සංජීව කිව්වා වම් පස කානුව නිසා දකුණු පැත්තට බර කර යන ලෙස. හපුතලේ නගරයට ළඟා වෙද්දී ලොකු වංගුවක් පෙනුනේම නැහැ. සංජීව කිව්වා දකුණු පැත්තට වැඩීයි කියලා. මම තිරිංග තද කළා. බසය ලිස්සා ගියා. ඉදිරිපස රෝද දෙක පාරෙන් ඉවතට පැන්නා. බසයේ බඳ බිම වැදී නතර වුණා. මා තිරිංග තද කරගනෙම හිටියා. සංජීවට කිව්වා සියලු දෙනාම ඉක්මණින් බස්සවන ලෙස. ‘ ‘මගීන් 45 දෙනෙකු පමණ හිටියා. හැමෝටම නින්ද ගිහින් ගිහියා. සංජීව ඔවුන් අවධි කර ඉක්මණින් බැස්සුවා. ඉන් පසු මං එන්ජිම නැවැත්තුවා. බිමට බැස්සා. ඉස්සර මහා ප්‍රපාතයක්. අඩි දාහක් විතර පල්ලම වෙන්න ඇති. දෙවියන් වහන්සේ තමයි අපි බේරගත්තේ. ‘ ඔහුගේ ස්ථානොචිත ප්‍රඥාව නිසා තම ජීවත බේරුණු බව මඟිහු කියති. රියදුරු මොහොමඩ් අන්සාර් සංජිව රත්නායක



අදහස් (0)

‘හපුතලේ මහා පල්ලම ළඟම බසය නතර වූණා‘

චරිත Thursday, 01 November 2012 03:32 PM

විශිෂ්ටයි

:       0       0

කෞශල්‍යා Thursday, 01 November 2012 08:20 PM

තමන්ගෙ වගකීම හරියට හදුනාගෙන කටයුතු කරලා තියෙනො.රියදුරු මොහොමඩ් මහතාට හා සහයක සංජීව මහතාට ප්‍රණාමය.!!!!! (නි)

:       0       0

විමුක්ති Thursday, 01 November 2012 03:47 PM

මේ පුද්ගලයා අදහස ආගම අනුව එහෙම කියන්න ඇත්තේ.. මෙතන ආගම් භේද ඇදලා ගන්න ඕන නැහැ..!(නු)

:       0       0

පනාගොඩ Thursday, 01 November 2012 08:25 PM

දෙවියනි, ඔබ කොහිද? දරුව, මම ගැලරියේ වෙමි. (නි)

:       0       0

අරුණ Thursday, 01 November 2012 08:22 PM

සමහර අයට මේවත් විහිලු වුණත් ඒ දෙන්නාට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

නිකුම් Thursday, 01 November 2012 08:48 PM

දෙවියන් ගේ හාස් කමක්

:       0       0

චින්තක Thursday, 01 November 2012 09:00 PM

රියදුරු මහතාණෙනි, ඔබ උතුම් මිනිසෙක්. අපේ උපහාරය (ස)

:       0       0

අමර Thursday, 01 November 2012 09:39 PM

දක්ෂ වැඩක්

:       0       0

ජීව Thursday, 01 November 2012 10:11 PM

පාර පේන්නෙම නැත්තම් මොන එහෙකටද තවත් ඉස්සරහට ගියේ.දෙවියො බලාගන්නවා තව පොඩ්ඩෙන්. (නි)

:       0       0

ඇලෙක්ස් Thursday, 01 November 2012 04:24 PM

මෝඩ මිනිසුනේ, දෙවියන් නොහදුනන නිසා තමයි රටේ මෙතරම් විපත් සහ අනතුරු.... (නි)

:       0       0

පාලින්ද Thursday, 01 November 2012 04:37 PM

පාන්දර ගමන් අවදානම්

:       0       0

චතුර Thursday, 01 November 2012 04:41 PM

විමුක්ති, කවුද ආගම් භේද ඇදලා ගත්තේ? ඔයානේ මෙතන ඒවා කරන්නේ, අපේ රටට වෙලා තියෙන්නේ මේක තමයි. (නි)

:       0       0

සහන Thursday, 01 November 2012 04:57 PM

හාස්කමක්

:       0       0

සුදේශ් Friday, 02 November 2012 12:58 AM

මේ අදහස් දකිද්දි මේ කියන කතාවලින් ඔය හැමෝගෙම බුද්ධිය හිතා ගන්න පුළුවං..!(නු)

:       0       0

සුරේෂ් Friday, 02 November 2012 12:46 AM

මේ අදහස් වලින් කාගේ කාගෙත් සැබෑ ස්වරූපය හෙලි වෙනවා.,!(නු)

:       0       0

සනත් Thursday, 01 November 2012 05:16 PM

ඔබ කළ සේවය සදාකාලිකයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 02 November 2012 01:16 AM

අන්සාරි මහත්තයා ඔබයි සහායකයායි දෙන්නම නියම වීරයෝ..!(නු)

:       0       0

විමුක්ති Thursday, 01 November 2012 05:21 PM

චතුරට තරහ ගිහිල්ලා. ඇත්ටත ඒකට ආගම් වාදියෙක් වෙන්න ඕනේ. (ස)

:       0       0

විරාජ් Thursday, 01 November 2012 05:26 PM

ඇලෙක්ස්, දෙවියන් ?? ඒ කවුද ඒ? අපි පිං දුන්නේ නැත්තම් දෙයියෝ බිම. කොන්දොස්තර සංජීවයි රියැදුරු මෙහොමඩ් අස්සාර්රුයි නම් දෙවිවරු දෙන්නෙක් වගේ.. (නි)

:       0       0

හිල්මි Friday, 02 November 2012 02:04 AM

විමුක්ති.. පළමුව ඒ දෙදෙනාගේ වැඩේට ස්තුති කරන්න..අනිත් පාඨකයෝ වගේ රියදුරා මොන ආගමක උනත් මේ වගේ බේරපු එක ලොකු දෙයක්.. මේකවත් තේරෙන්න නැති ඔයාලා වගේ ගල් හිත් තියෙන අය මේ රටේ ඉන්නවාද? ජාතිවාදය අදින්නෙ නැතිව ඉන්න.. (නු)

:       0       0

පෝලෝ Thursday, 01 November 2012 05:43 PM

මෙතන දෙවියා කවුද? A)මොහමඩි B)සංජීව C)අල්ලා (ස)

:       0       0

තුසිත් Thursday, 01 November 2012 05:34 PM

අපේ රටේ මිනිස්සු දන්නේ නැහැ අනිත් මිනිස්සුන්ට ගරු කරන්න. මෙතුමා කරපු ක්‍රියාවට ප්‍රසංශා කරන්නේ නැතුව දෙයියෝ ගැන දොඩවනවා. දෙවියෝ නිදා ගෙන ද හිටියේ කියලා අහන්න ඉස්සෙල්ලා මිනිස්සුනේ අපේ සමාජයේ තියෙන අනන්තවත් අසත්පුරුෂ වැඩ ගැන හොයලා බැලුවොත් නේද හොද ? (නි)

:       0       0

අසේල Thursday, 01 November 2012 05:48 PM

නිදා ගන්න එපා

:       0       0

සෑම් Sunday, 04 November 2012 12:21 PM

ඔය තෑග්ග එහෙනම් ඔය කියන දෙවිකෙනාට ඇවිත් ගන්න කියන්න. (නි)

:       0       0

සෑම් Sunday, 04 November 2012 12:25 PM

සියල්ල සිදුවන්නේ තමන් පෙර කළ කර්ම වලට අනුවයි. ඔය ඩ්‍රැයිවර් මහත්තයාගෙත් කර්ම ශක්තිය හොඳයි. ඒකයි එයත් බේරුණේ. මොනවා වුණත් හොඳ වැඩක් කරලා තියෙන්නේ. ඒකෙන් ඔයාලගේ කර්ම ශක්තිය තවත් දියුණු වෙනවා අනිවාර්යයි. (නි)

:       0       0

සුගතපාල Friday, 02 November 2012 02:33 AM

රියදුරු දෑතට දෙවි පිහිටයි..!(නු)

:       0       0

ඩබ්.එම්. සුගන්දි Friday, 02 November 2012 02:34 AM

අපි හදපතුලෙන්ම ඔබලාට පිං ප්‍රර්ඵනාකරමි බුදුසරණයි (නු)

:       0       0

ලසන්ත Friday, 02 November 2012 06:07 AM

මාර වැඩක්නේ

:       0       0

සම්පත් Thursday, 01 November 2012 02:32 PM

දෙවියන් වහන්සේට ඇයි බැරි වුණේ මීදුම නැති කරන්න (ස)

:       0       0

පද්මි Thursday, 01 November 2012 02:36 PM

මොහොමඩ් මහත්තයා, දෙවියන් වහන්සේ වෙන කවුරුවත් නෙමෙයි....ඔබයි..ඔබගේ සේවක මහතයි නේද ?? (ස)

:       0       0

අසෝක Thursday, 01 November 2012 02:49 PM

ඇති ඔයින් ගියා (ස)

:       0       0

අජිත් Thursday, 01 November 2012 02:43 PM

කොහොම උනත් සියලු දෙනා බේරුන එක ලොකු සතුටක් . දෙන්නටම පින් ...අම්මෝ අපිත් යනවා වැලිමඩ..දැක්කම බය හිතෙන පල්ලම්..ඔක්කොම පින් කරලා තියෙනවා .....(ස)

:       0       0

ජයලත් Friday, 02 November 2012 08:46 AM

අයියෝ සල්ලි

:       0       0

අක්බර් Thursday, 01 November 2012 02:50 PM

එතකොට දෙවියන් වහන්සේ දොයියගෙන ද හිටියේ මීදුම අස්සෙන් ඔච්චර අමාරුවෙන් ඔබ තුමා බස් එක එළවගෙන එනකන්? ..(ස)

:       0       0

පල්ලේ වත්ත බෆලොස් Thursday, 01 November 2012 03:05 PM

දෙවි වරු දෙන්නෙක් ..(ස)

:       0       0

වජිර Thursday, 01 November 2012 06:41 PM

බුදුන් නැතිකොට දෙවියන්වත් මෙරට බේරාගන්න එපැයි. (නි)

:       0       0

සරත් Thursday, 01 November 2012 03:02 PM

45 දෙනාගේ නියම දෙවියා ඔබ දෙදෙනායි . ඔබලාට දීර්ඝායුෂ ..(ස)

:       0       0

ෂිෆා Thursday, 01 November 2012 06:52 PM

ඉවසීමෙන් කටයුතු කළ එක ලොකු දෙයක් (ස)

:       0       0

ලංකා Thursday, 01 November 2012 07:10 PM

පුදුමයි

:       0       0

දිල්ෂාන් Friday, 02 November 2012 09:19 AM

තුටු පඩුරු වශයෙන්වත් මුදලින් තෑගි දුන්නොත් නරකද මේ දෙන්නට (ස)

:       0       0

තිලක් Friday, 02 November 2012 09:22 AM

දෙවියන් වහන්සේවත් බුදුන් වහන්සේවත් මේකට පළි නැහැ. (නි)

:       0       0

ලලිත් කටාර් Thursday, 01 November 2012 03:12 PM

ඔබගේ සේවය ඉතාම විශිෂ්ඨයි.. ලංකාදීප ලංකාදීප එසැණට මගේ බලවත් ස්තුතිය මේ දෙන්නගේ ඡායාරූප පළකිරීමත් මේ වීර ක්‍රියාවලිය ලොවවටා සිටින ශ්‍රී ලාංකිකයන්ට ප්‍රචාරය කිරීම ගැන..!(නු)

:       0       0

ෂෙරීෆ් Thursday, 01 November 2012 07:20 PM

රියැදුරුට සහ කොන්දොස්තරට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 01 November 2012 03:14 PM

සියළු දෙනා නිරුපද්‍රිතව බේරුණු එක ගැන සතුටු වෙමි.. සුනාමිය ගැන නොබලපු දෙයියෝ කොහොමද හපුතල් කන්ද නකගින බස් එකක් ගැන අනුකම්පාවක් දැක්වුවේ.. කෙසේ වෙතත් ඔබ ජීවිත රැසක් බේරගත් උතුම් මිනිසෙක්..!(නු)

:       0       0

අනිල් Friday, 02 November 2012 09:34 AM

අක්බර් මහතාට මල් මිටක් . එතුමාගේ කටේ සීනි දාන්න ඕනි (ස)

:       0       0

අසිත Thursday, 01 November 2012 07:49 PM

එතකොට ස්වභාව ධර්මය කියන්නේ මොකක්ද කියලා ඔය දෙවියන්ට ගරහන කට්ටිය කියන්නකෝ බලන්න. (නි)

:       0       0

චූලක Thursday, 01 November 2012 03:26 PM

කට කැඩිච්ච කථා නවත්තලා, ඒ දෙන්නා කරපු බුද්ධිමත් නිර්භීත ක‍්‍රියාවට ස්තූති කරමු. (නි)

:       0       0

සමන් Friday, 02 November 2012 10:24 AM

තෑගි දෙන්න කලින් මගීන්ගෙනුත් අහන්න ඕන මොකද වුනේ කියල. බස් එක ලිස්සලා ගිහින් තියෙන විදිහට සෑහෙන වේගෙකින් ගිහින් තියෙන හැඩයි.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site