ඉංගිරියේ හඳපාන්ගොඩ මඟුල් ගෙදරකට ඇරැයුම කවි කොලයකිණි. පවුලේ සියල්ලන්ටම ඇරැයුම් කර තිබිණි. 1500 බදෙනකු ආහ.
රතිඤ්ඤා හඩින් මංගල යුවළ පිළිගෙන ගැයෙන පිළිගැනීමේ ගීත වෙනුවට මෙහි මංගල උත්සවයේ කටයුතු ඇරඹුනේ ජාතික ධජය සහ බෞද්ධ ධජය ඉහළට ඔසවා ජාතික ගීය ගැයීමෙනි. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සහ හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අශෝක රණතුංග යන මහත්වරු ප්‍රධාන ආරාධිත අමුත්තෝ වූහ.
සංගීතය නැත. ඒ වෙනුවට රබන් වැයිණි. දේශාභිමානී ගීත සහ රණවිරු ගීත ද ගැයිණි.
මත්පැන් දුම්වැටි නොවීය.
රූකඩ සංදර්ශනයක් පැය තුනක් පැවැතියේය. හෙළ සිරිතට මංගල මේසයද සරසා තිබිණි.
මනාලයා කමිසයකින් සහ කලිසමකින් සැරැසී සිටියේය. මනාලිය සාරික් ඇඳ සිටියාය. මනාලායා ඉඩම් හිමි වැවිලිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම පින්තූර ටිකක් දැම්මා නම් නේද හොද? (නි)
නියම මාතෘකාව (දී)
හැමදේම හෙල සිරිතට කරලා ඇයි,ජාතික ඇදුම නොඇද කලිසම හා කමිසය ඇන්දෙ?(නදී)
බුදුඅම්මෝ........ 1500ක්......ම ආවද? (ස)
කලිසම හෙල සිරිතට අයිති නැහැනේ.(නදී)
උපාලි, මොකද මේ කලිසම ගැන ඔයාට කලබල? (නි)
මොක ඇන්දත් ඒ මනුස්සයා ලැජ්ජාවනේ වහගන්නේ. (නි)
උඩරට සිංහල ඇදුමේ වුණත් යටින් තියෙන්නේ කලිසමක්. (නි)
අපරාදේ කලිසම ඇන්දේ. ලස්සනට පට කම්බායක් ඇදලා තිරික්කලයකින් ආවා නම් කොච්චර අගේද? ඒත් මේක ඔබගේ කැමැත්තනේ. ඔබට සිරි සුභ මංගලම්! (නි)
මේ මනාල මහතාත් දේශපාලනයට එන්ට පදනම තමා ඔය දාගෙන යන්නේ (ස)
පින්තූර ටිකකුත් දැම්මා නම් බලන්න. (නි)
නමුත් මත්පැන් නොදෙන මංගල සාද වලට දැන්කාලේ තරුනයෝ කියන්නේ 'කටින පින්කමකට' ගියා කියලා...(ස)
ඔබට සුභ මංගලම්! ඒත් ඔබ තුමා ලැහැස්ති වෙන්නේ ඡන්දෙ ඉල්ලන්ද කියලා මට නම් සැකයි.(නදී)
එයා නුවනක්කාරයෙක් සමහරු ලෝකෙට නයවෙලා ජයට මගුල් කාලා අවුරුදු ගානක් නය ගෙවනවා.(නදී)
ඇද කුද හොයන්න ඕනා නැහැ. ඔවුන් සැබෑ වෙනසකට මුලපුරනවා. ඔබ දෙදෙනාට සුභ මංගලම්.(නදී)