ඉංගිරියේ හඳපාන්ගොඩ මඟුල් ගෙදරකට ඇරැයුම කවි කොලයකිණි. පවුලේ සියල්ලන්ටම ඇරැයුම් කර තිබිණි. 1500 බදෙනකු ආහ.
රතිඤ්ඤා හඩින් මංගල යුවළ පිළිගෙන ගැයෙන පිළිගැනීමේ ගීත වෙනුවට මෙහි මංගල උත්සවයේ කටයුතු ඇරඹුනේ ජාතික ධජය සහ බෞද්ධ ධජය ඉහළට ඔසවා ජාතික ගීය ගැයීමෙනි. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සහ හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අශෝක රණතුංග යන මහත්වරු ප්‍රධාන ආරාධිත අමුත්තෝ වූහ.
සංගීතය නැත. ඒ වෙනුවට රබන් වැයිණි. දේශාභිමානී ගීත සහ රණවිරු ගීත ද ගැයිණි.
මත්පැන් දුම්වැටි නොවීය.
රූකඩ සංදර්ශනයක් පැය තුනක් පැවැතියේය. හෙළ සිරිතට මංගල මේසයද සරසා තිබිණි.
මනාලයා කමිසයකින් සහ කලිසමකින් සැරැසී සිටියේය. මනාලිය සාරික් ඇඳ සිටියාය. මනාලායා ඉඩම් හිමි වැවිලිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හඳපාන්ගොඩට හඳ පායයි
මහේෂ් Tuesday, 12 February 2013 07:36 AM
ඇත්තටම පින්තූර ටිකක් දැම්මා නම් නේද හොද? (නි)
හේරත් Tuesday, 12 February 2013 02:52 PM
නියම මාතෘකාව (දී)
චමිල් Monday, 11 February 2013 09:08 PM
හැමදේම හෙල සිරිතට කරලා ඇයි,ජාතික ඇදුම නොඇද කලිසම හා කමිසය ඇන්දෙ?(නදී)
දයා Tuesday, 12 February 2013 09:35 AM
බුදුඅම්මෝ........ 1500ක්......ම ආවද? (ස)
උපාලි Monday, 11 February 2013 10:03 PM
කලිසම හෙල සිරිතට අයිති නැහැනේ.(නදී)
හේරත් Monday, 11 February 2013 10:21 PM
උපාලි, මොකද මේ කලිසම ගැන ඔයාට කලබල? (නි)
ලංකාසිරි Monday, 11 February 2013 11:32 PM
මොක ඇන්දත් ඒ මනුස්සයා ලැජ්ජාවනේ වහගන්නේ. (නි)
චන්ද්‍රා Wednesday, 13 February 2013 02:26 AM
උඩරට සිංහල ඇදුමේ වුණත් යටින් තියෙන්නේ කලිසමක්. (නි)
තිසල් Tuesday, 12 February 2013 12:49 AM
අපරාදේ කලිසම ඇන්දේ. ලස්සනට පට කම්බායක් ඇදලා තිරික්කලයකින් ආවා නම් කොච්චර අගේද? ඒත් මේක ඔබගේ කැමැත්තනේ. ඔබට සිරි සුභ මංගලම්! (නි)
නීලා Monday, 11 February 2013 05:31 PM
මේ මනාල මහතාත් දේශපාලනයට එන්ට පදනම තමා ඔය දාගෙන යන්නේ (ස)
රොෂාන් Monday, 11 February 2013 05:32 PM
පින්තූර ටිකකුත් දැම්මා නම් බලන්න. (නි)
ගාමිණි Monday, 11 February 2013 05:36 PM
නමුත් මත්පැන් නොදෙන මංගල සාද වලට දැන්කාලේ තරුනයෝ කියන්නේ 'කටින පින්කමකට' ගියා කියලා...(ස)
චූලා Monday, 11 February 2013 05:38 PM
ඔබට සුභ මංගලම්! ඒත් ඔබ තුමා ලැහැස්ති වෙන්නේ ඡන්දෙ ඉල්ලන්ද කියලා මට නම් සැකයි.(නදී)
බන්දුල-කටාර් Monday, 11 February 2013 07:47 PM
එයා නුවනක්කාරයෙක් සමහරු ලෝකෙට නයවෙලා ජයට මගුල් කාලා අවුරුදු ගානක් නය ගෙවනවා.(නදී)
සිල්වා Tuesday, 12 February 2013 06:20 AM
ඇද කුද හොයන්න ඕනා නැහැ. ඔවුන් සැබෑ වෙනසකට මුලපුරනවා. ඔබ දෙදෙනාට සුභ මංගලම්.(නදී)