ශ්රී ලංකාවේ 65 වන නිදහස් සමරුම නිමිත්තෙන් විශේෂ උත්සවයක් ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන විහාරස්ථානයේ දී පැවැත්විණි.
අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති වඳුරඹ කස්සප හිමියන්ගේ අනුසාකත්වයෙන් මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානයකර තිබුණු මෙම උත්සවයට විහාරස්ථ දායක සභාව සහ දහම් පාසලේ දරුදැරියෝ ද ඔවුනේ මව්පියෝ ද සහභාගී වූහ.
රොෂාන් ලක්ප්‍රිය ලූට්ස් ප්‍රමුඛ විහාරස්ථ "සරෝ" නර්තන කණ්ඩායම නර්තන අංගයන්ගෙන් ද විශාර ද වීරසිරි මල්වත්ත විශාරද අනුෂා මල්වත්ත විශාරද නවීන් මල්වත්ත සහ විශාරද තිසරණී මල්වත්ත දේශාභිමානී ගීත ගායනයෙන්ද සහාය විය.
අතුල දස්සන දහම් පාසැලේ දරුදැරියන් ඉදිරිපත් කළ ගායනා සහ නැටුම් අංග කාගේත් පැසසුමට ලක්විය.
ශ්‍රී ලංකාවේ නිදහසෙහි අභිමානය විස්තරකරමින් මහා බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යංශ යේ උපදේශක ආචාර්ය සුනිල් කාරිය කරවන විශේෂ දේශනයක් පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංසාරෙන් එතෙර වීම අපසතු කාර්යක් වන්නේය. ඒ ගැන ගිහි ජනතාව කලබල විය යුතු නැත.(නදී)
මේ ඡායාරූප බලද්දී ලංකාව ගැන හරිම ආඩම්බරයි. (නි)
කාටද ආඩම්බර (දී)
එක හාමුදුරුනමක් බිම බලාගෙන ඉන්නවා. අනෙක් හාමුරුවරු නම් හොදට බලාගෙන ඉන්නවා. (නි)
සූකිරි, ඔයා කලබල වෙන්නෙ එපා. මේවට වියදම් කරන්නේ පන්සලේ දායකයන්ගේ මුදල්.(නදී)
අද ආගම කියන්නෙත් සමහර රටවලට හොද ව්‍යාපාරයක්. (නි)
මේ වැඩ දෙස සුභවාදීව බලන්න පුරුදුවන්න.(නදී)
අපේ නිදහස ලෝකය පුරා (දී)
දැන් මේ ලෝකේ හැමතැනම තියෙන නිදහස් උත්සවවලට වියදම් කරන්නේ අපේ සල්ලි.(නදී)
මෙතන නටන අය ලංකාවේ පාරම්පරික විදියට හා වැදගත් විදියට ඒ කර්තව්‍ය කරන්නේ කියලා බැලු බැල්මෙන්ම පේනවා. නීලා බුදුපිලිමයක් තියෙන හැම ගෙයක්ම පන්සලක්ද? ඔයා බුදුදහම ගැන මොනවද දන්නේ. ඔය මොන ආගම වුනත් හරි විදියට අදහනවානම් මේ වගේ අගෞරව කරන්නේ නැහැ.(නදී)