2008 සිට අතුරුදන් වී යැයි කියන තරුණයන් හය දෙනකු හා වැඩි හිටියකු පිළිබඳ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රහස් පොලිසියට නියෝග කෙළේය. ජෝ රීඩ් ඇන්තනී, ඔහුගේ පිය වන කේ.ඒ. ඇන්තනී, රජීව නාගනාදන්, ප්‍රදීප්, නීලකේෂන්, සජිත් හා ඩිලාන් එසේ අතුරුදන් වූ අය බවත් ඔවුන්ගේ නෑයන් ඔවුන් සොයා තුන්වසරක් තිස්සේ හැම පොලිසියකට ගොස් ඇති බවත් උසාවියේ දී කියැවිණි. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින නාවික හමුදා නිලධරයකු ළඟ තිබි ඉන් කිහිප දෙනකුගේ ජාතික හැඳුනුම්පත් සොයාගත් බව අචල සෙනෙවිරත්න නීතිඥවරයා උසාවියට කීය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd