ඉඳුරුවේ විදේශිකයකුගේ පාලනය ඇති හෝටලක වැසිකිළියේ හා නාන තටාකය අසළ තබා තිබූ බුදුපිළිම හා දේව පිළිම කිහිපයක් කොස්ගොඩ පොලීසියේ නිලධරයන් අද සවස පොලීසියට රැගෙන ආවේය.
බුදු පිළිම ඇති බවට ලැබුණු තොරතුරක් මත මහා සංඝරත්නය එහි වැඩම කිරීමත් සමග කලබලයක් ද ඇතිවිය. පොලීසිය පැමිණියේ ඒ අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝරන්ස්, හිල්මි, අසේල මේ අදහස් දකිද්දි මෙහෙමත් මිනිස්සු ඉන්න මේ රටේ පිටරෑටියෙක් ඔහොම කලාම මොකද කියලත් හිතෙනවා. අනේ මන්දා මේක මෝඩ කමද? නොදෑනුවත් කමද? නෑත්නම් වෙන මොන දෙයක්ද කියලා හිතෙනවා.(නදී).
ඒ වගේම අන් ආගම් වලට ගරහන අයට වරප්‍රසාද හා අනෙකුත් පහසුකම්ද ලබාදීමට කටයුතු කළ යුතුය. (නි)
වැසිකිළි සෝදන කෙනා හොද බෞද්ධයෙක් කියලා මෙයාලා ගැළවෙයි. (නි)
ලෝරන්ස්, හිල්ම් ඔයාලා දන්නවාද ඒකේ වැරැද්ද.(නදී)
ලෝරන්ස් ඉන්නේ මහපොළවේ නෙමෙයිද කොහෙද? (නි)
මුන්ට රජකාලේ දඩුවම් දෙන්නයි ඕනේ.(නදී)
අනේ මන්දා? මෙහෙම කරන්නත් උදවු කළේ කවුද දන්නෙ නැහැ. (නි)
පොලිසිය හරි ඡාතිවාදියි. ඒ අයට කැමති දෙයක් කරගන්න දෙන්නනෙ තිබ්බේ අපි ඡාතිවාදී නැහැ කියලා පෙන්නන්න. (නි)
ආගමික ශාස්තෘවරයෙකුට මේ තරම් නින්දාවක් තවත් ඇද්ද? (නි)
ඔය සංචාරක හෝටල් වලට වැඩිුපරම යන්නේ සුද්දන්ට වැඩිය අපේ කට්ටියයි. (නි)
බෝ ගස් පිටුපසට ගිහිල්ලා බලන්න කොච්චර බුදුපිළිම තියෙනවද කියලා? (නි)
ජයලලිතා, වයිකෝ ලා එක්ක කොටින්ට උදව් කරලා අසරණ ගැමියෝ, හාමුදුරුවරු,කිරිසප්පයො මරවද්දි මේ රටේ මිනිස්සුන්ගෙත් හිත් රිදුනා. කොහොමත් වෙන නගරයක හරි මේ ක්‍රීඩා උත්සවය පැවැත්විය යුතුයි.තමිල්නාඩු කොටි රූකඩ වලට ඉඩ දෙන්න හොඳ නෑ.(නදී)
මුන් රටින් එලවන්න ඕනේ ගහලා.(නදී)
ලෝරන්ස්ගෙන් අපි අහන්නේ ඔතන බුදු පිළිම වෙනුවට කිතුණු පිළිමයක් තිබුණ නම් මොනවද කියන්නේ කියලා....(ස)
කලබල වෙන්න දෙයක් නැහැ මෙතන. ඕනෑම කෙනෙක් තමන්ගේ එම මූලික අවශ්‍යතාවය සදහා යන්නේ මෙතැනටයි. (නි)
මෙම පහත් ක්‍රියාවට විරද්ධව පෙරමුණ ගත් මහා සංඝරත්නයට සහ සෙසු අයට මගේ නමස්කාරය.(නදී)
බුද්ධ ශාසන අමාතායංශයේ හෝ අදාල පලාත් පාලන ආයතනයේ පිටකොන්ද ඇති නිලධාරියෙක් සිටී නම් මෙම විදේශිකයාට නිකුත් කර ඇති බලපත්‍රය අවංලංගු කරන්න.(නදී)
ඇයි සුද්දන්ට බැරි ජේසුස් වහන්සේගේ පිළිමයක් තියන්න..(ස)
බුදු පිළිම වලට අපහාස කරන අයට ස්වභාව ධර්මයෙනුත් දඩුවම් ලැබෙනවා. (නි)
අනිවාර්යයෙන්ම හෝටලයට සීල් තැබිය යුතුයි නැවත මේ වැඩ නොකරන්න. උසාවි දාලා රුපියල් හාරපන්දහක් දඩ ගැහැව්වට වැඩක් නැහැ. සුද්දන්ට ඕක පොඩි ගානක්.(නදී)
චරිත්, සඳුනි, ඇයි නරක? පිළිමයක් කියන්නේ ජේසුගේවත් බුදු හාමුදුරුවන්ගේවත් කොටසක් නොවෙයි. මැටි හෝ ලී හෝ සිමෙන්තියෙන් කළ කාගේ හෝ නිර්මාණයක් විතරයි. එනිසා නේද එක එක හැඩයේ බුදුන්වහන්සේලා , ක්‍රිස්තුස් වහන්සේලා ඉන්නේ? එයට අපට එතුමන්ලාව සිහිගන්වනවා හැර වෙනත් දෙයක් අප වෙනුවෙන් කරන්නට බැහැ නේද? (නි)
බුද්ධාගම ආරක්ෂා කරගන්න පියවර ගත යුතුයි.(නදී)
ආගමට වෙලාතියන විපත්තියක මහත. ඇයි මේවට නිහඩ.(නදී)
එ තැනැත්තා වැඩියෙන්ම පාපයට වැටෙන්නේ වැසිකිලියේ දි හා නාන තටාකයේදී වෙන්න ඇති. එයින් මිදීමට බුදුපිලිමයක් තැබුවා වියහැකියි. මිනිසෙක් පාපයට වැටෙන එක නවත්වන්න පිලිමයක් යොදාගැනීම වැරදියිද? පිලිම වලට මුවාවෙලා වැරදි වැඩ කරන අය කොතරම් ඉන්නවද? (නදී)
මේ දේමයි ඉරානයෙත් වෙන්නේ. එයාලත් බුදුරුව විලාශිතාවක් විදියට පාච්ච්කරන්න ගත්තා. ඒ නිසා ඒ රටේ තහනම් කරපු එක හොදයි කියලා හිතුවොත් මොකද?(නදී)
නවීන්, එදා උද්ඝෝෂනය කරපු කට්ටියට ඉරාන් තානාපති මේ කරුන පැහැදිලි කරලා. ඒකෙන් පස්සෙ ඒ කට්ටිය ඒක තෙරුම් අරගෙන ගිහිල්ලාලු.ඉරාන්වල ගෙවත්තෙත් බුද්ද රුප තියනවලු අලංකාර කරන්ඩ.(නදී)
බුදු පිළිමයක් තියන එක හොදයි කියන අය වෙන ආගමක පිළිමයක් ඔහොම තියලා තිබුණා නම් මොනවා කියයිද දන්නෙ නැහැ. (නි)
බුද්ධාගමට හානි කරන ඕනෑම කෙනෙකුට දැඩි දඬුවම් ලබාදීමට රටේ නීති වෙනස්කිරීමේ කාලය පැමිණ ඇත.(නදී)
මේ වැටලීම කලේ සිංහල රාවය සංවිධානයෙන්. එයාලා තමයි පොලිසිය එක්ක ආවෙ. මොකද සංවිධානයකට නිකම්ම ගිහින් වැටලීමක් කරන්න අයිතියක් නෑනේ.(නදී)