ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පාඩු සිදු කළැයි අල්ලස් හෝ දූෂණ කොමිසම එහි හිටපු සභාපති ප‍්‍රදීප් කාරියවසම්ට එරෙහිව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ අද නඩු පැවැරීය.
පෙබරවාරි 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත‍්‍රාත් ඔහුට නොතිසි නිකුත් කළේය.
ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් දපිනෑන්ස් සමාගමේ ආයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මහ බැංකුවෙන් ඉවත් විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම හොරුන් ඔවුන්ගේ පවුල් සමගින් නැති වෙලා යන්න ඕනෑ. (නි)
අයියෝ සල්ලි
මේවට තමයි කියන්නෙ වවුලගේ ගෙදර තියෙන මගුල් ගෙදර ගියාම මගුල් කන්න වෙන්නේ එල්ලිලා කියලා. (නි)
මමත් කියන්නේ නැහැ ඔහු නිවැරදියි කියලා (නි)
නාස්ති වුණ සල්ලි ටික නොලැබෙනවා නම් මොනවා කළත් වැඩක් නැහැ (නි)
පාලනයට එරෙහි වුණොත් ඕනෑම පුද්ගලයෙක් බිම දමන්න හරි වළපල්ලට යවන එක හරි සිම්පල් දෙයක්. (නි)
මේවා මෙහෙම වෙයි කියලා එතුමා හිතුවේ නැද්ද කලින්? (නි)
දුප්පත් මිනිස්සුන්ගේ දේපළ වලට කරපු අපරාධයට මෙයත් වගකියන්න ඕනෑ තමයි. (නි)
එතකොට අහවලා? (නි)
ඇයි එයාට විතරක් නඩු? රටට ඇත්ත අධිකරණය හරහා කියන්න රටක් වටින ඔබගේ පවුල රටට වස්තුවක්. නීතියේ ආධිපත්‍යය විනාශ වෙන්නට ඉඩ නොදෙන්න.මෙම නඩු පැවරීම යම් කෙනෙක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත් ක්‍රියාදාමයක මූලික පියවරද? (නි)
ඉවත්වෙන්න දෙයක් නැහැ, ඉවත්කරන්න ඕනෑ. මොකද,රාජ්‍ය බැංකු වලටත් යන එනමන් නැතුව යන්න ගියේ ඔය සමාගම නිසා. දැන් ඒක ගිලෙන්න යනවා .දැන දැනම ඒකෙ මුදල් ආයෝජනය කරපු එක සම්පූර්ණයෙන්ම වැරදියි.මෙවැනි අයට නිසි දඬුවම් දෙන්න ඕනෑ. (නි)
හරිනම් නඩුව දමන්න ඕනෑ මෙයා මේ තනතුරට පත්කරපු උදවියටයි. ඕනෑ වුණහම තලගොයි, එපා වුණහම කබරගොයි. මහත්ත්තයෝ දැන් ඉතින් දෙවියන්ගේ පිහිට නෙමෙයි, වෙන කාගෙහරි පිහිටයි. (නි)
මේවා නම් ඒ තරම් හොද වැඩ නෙමෙයි හොදේ (නි)
ඇයි එයාට විතරක් නඩු? (නි)
රවි, ඔබ කොහොමද මොහු නිවැරදිමයි කියන්නේ? (නි)
කාට වුණත් කමක් නැහැ. දෙන්න පුලුවන් ඉහළම දඩුවම් දෙන්න. (නි)
නහය ගාවටම එරුණට පස්සේ තව මොනවද? කියන්න තියෙන දේ නොබියව කියලා දාන්න. (නි)
ජීව,මෙවැනි අයට නිසි දඬුවම් දෙන්න ඕනෑ. ඒක මම පිළිගන්නවා...ඒත් ඇයි එයාට විතරක් නඩු? (නි)
මේක හරිම ලෝකයක් (ස)
මෙයාට ගනුදෙනුවකින් රජයට පාඩුවෙනවද නැද්ද කියන්න දැනුමක් නැහැ. කවුද මෙයාව මේ තනතුරට පත් කළේ ? (නි)
බියනොවන් 'ප්‍රදීප් පුත'! මේ හොරුන්ගේ රාජ්‍යයයි! ඔබ සතුව ලොකුම තුරුම්පු දෙකක්ම ඈත්තාහ. සුභ අනාගතයක්! (නි)
ඔබ වරදක් කරානම් එයට දඩුවම් විදිය යුතුයි...හැබැයි ඒක අනිත් වැරදි කල අයටත් පොදු විය යුතුයි (ස)
ඇයි රජයේ බැංකුවක ආයෝජනය නොකළේ? (නි)
රටම හුරාගෙන කන, අපේ ළමයින්ගේ අනාගතය නැතිකරන අය මකබෑවෙලාම යන්න ඕනෑ. (නි)
මම මෙතුමව දන්නවා (නි)
කපන්න බැරි අත සිඹිනවා කියලා කියනවනේ. දැන් මේ කරන්නේ සිඹින්න බැරි අත කැපීම. (නි)
මේක ඉල්ලන් කෑමක් නොව අල්ලා දීමකි (ස)
ඇත්තට තැනක් නැහැ (ස)
මෙම නඩු පැවරීම යම් කෙනෙක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත් ක්‍රියාදාමයක මූලික පියවරද? (නි)
ඕකට කියන්නෙ බල්ලොත් එක්ක ලැග්ගොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනව කියල. (ස)
හුරේ! රාජ්‍ය ආයතන වලට පාඩු සිදුකරන අයට නඩු දාන්න පටන් අරන්. ඔන්න දැන් ග්‍රීසියේ ආයෝජනය කරලා භාණ්ඩාගාරයට පාඩු කරපු, බාල බෙහෙත් වලට අනුමැතිය දීලා ඉස්පිරිතාල වල කුණුගොඩවල් ගොඩ ගස්සපු, ගුවන් සේවා පාඩු පිට දුවද්දී තවත් යානා ගෙන්වපු, බාල ඩීසල් ගෙන්වපු , වැරදි තියෙන පෙළපොත් ලියලා අනුමත කරලා පස්සේ එකතු කරලා පුළුස්සපු, ආණ්ඩු පක්ෂේ ඡන්ද පෝස්ටර් නොමිලේ ගහලා දීලා රාජ්‍ය පුවත්පත් ආයතන කාබාසිනියා කරවපු, කළගුණ සැලකීමේ දැන්වීම් නොමිලේ ප්‍රචාරය කරවලා රූපවාහිනී කාලය පිනට ඇරපු, ක්‍රීඩා උත්සව මේ රටට ගන්න ඉල්ලන්න ගිහින් බාල් නටලා ආපු, ... සේරමලා ලැහැස්ති වෙලා ඉන්නකෝ... ඔයාලා ඉවරයි! (නි)
ඔබ නොබියව මුහුණ දෙන්න.. රටට ඇත්ත අධිකරණය හරහා කියන්න.. රට දන්නවා ඔබ නිවැරදියි.. රටක් වටින ඔබගේ පවුල රටට වස්තුවක්.. ඇමරිකා යන්න බැහැ කිව්වද මේ වෙනවිටත් දෙන්න හදන්නෙ.. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිනේවා..!(නු)
ඔය නඩු පැවරීම සැලසුම් කරලා කරපු වෙනත් වැඩපිළිවෙලක කොටසක්ද? දන්නෝ දනිති. කලකට වහලු කලකට රහ වෙනවාලූ. අපේ රට පුදුම එකක්. මේකේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවෙන්නේ කවදද? (නි)
මට නම් ඔය මොනවත් තේරෙන්නෙ නැහැ ආයුබොවන්ඩ. (නි)
බලමු මොකද වෙන්නෙ කියලා (නි)
මේක ඉතිහාසගතවන නඩුවක් (දී)
පලි ගැනීමක් වගෙයි මට දැනුනේ (දී)
තුන් සිංහලයම හොර දෙටුවෝ.... // (නි)
එයා අහිංසකයෙක් වෙන්නත් පුළුවන් (නි)
ඉන්ඳ්‍රජිත්ටත් යමක් කමක් තේරෙනවනෙ. ඔබතුමා බය නෑතුව මූන දෙන්න. (නි)
කරන කලට පව් මිහිරිය මි සේ
මොන අභියෝගය ආවත් ඔබතුමා සමග මේ ගණුදෙනුවට හවුල් උන අනිත් ලොකු අය ගැනත් උසාවියට කියන්න...!(නු)
කවුරු උනත් හොරකමක් කලා නම් හොරා වෙනවා.. උපරිම දඩුවම් දෙන්න..!(නු)
අයියෝ සභාපති
වරදක් කරලා නම් නීතියෙන් දඩුවම් දෙන්න
බුදු බණ මතක් වෙනවා මේ වෙලාවට... (නි)
වරදට දඩුවම
ඔබ නොබියව මුහුණ දෙන්න.. රටට ඇත්ත අධිකරණය හරහා කියන්න.. රට දන්නවා ඔබ නිවැරදියි.. රටක් වටින ඔබගේ පවුල රටට වස්තුවක්. නීතියේ ආධිපත්‍යය විනාශ වෙන්නට ඉඩ නොදෙන්න. (නි)
රටකට ගිය කල