IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


හිටපු කී‍්‍රඩකයෝ-නිලධරයෝ උපාලි වටා රොක්වෙති

මේ වන විට දැවැන්ත මූල්‍ය අර්බුදයකට මැදිවී සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තනතුර සඳහා උපාලි ධර්මදාස මහතා ඉදිරිපත් විය යුතු බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය දැනට වැටී සිටින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගත හැක්කේ උපාලි ධර්මදාස මහතා වැනි දක්‍ෂ ව්‍යාපාරිකයකුට බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ මෙන්ම කි‍්‍රකට් අතුරු කමිටු වලද සේවය කළ නිලධාරීහු කියා සිටිති. මෙසේ පවසන පිරිස අතරට ශී‍්‍ර ලංකා පිලේ සිටි ප‍්‍රවීණතම කි‍්‍රකට් කී‍්‍රඩකයන් දෙනෙකු වන හිටපු නායක සනත් ජයසූරිය සහ මුත්තයියා මුරලිදරන්ද එක්වී සිටිති. කොළඹ ගලධාරී හෝටලයේදී ඊයේ (4 වැනිදා) සන්ධ්‍යාවේ පැවැති රැස්වීමකදී මෙවර නිලවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව ප‍්‍රකාශ කළ උපාලි ධර්මදාස මහතා තමන්ගේ මූලිකත්වයෙන් ප‍්‍රවීණයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මීලග නිලවරණය සඳහා ඉදිරිපත් කරන බවත් පැවසීය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු ලේකම්වරයකු මෙන්ම 1999 දී පත්කරන ලද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පළමු අතුරු කමිටුවේ ලේකම්වරයාද වූ එස්. ස්කන්ධකුමාර් මහතා පවසා සිටියේද වසර 20 ක පමණ කාලයක සිටි කි‍්‍රකට් පරිපාලන අත්දැකීම් ඇති උපාලි ධර්මදාස මහතාට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාව දැනට වැටී ඇති අසීරු තත්ත්වයෙන් ගොඩගැනීමට හැකියාව ඇති බවයි. 1999 කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපතිවරයා වූ හැටන් නැෂනල් බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයාවූ රියන්සි විජේතිලක මහතා පවසා සිටියේත් උපාලි ධර්මදාස වැනි ශූර ව්‍යාපාරිකයකුට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ගොඩගත හැකි බවකි. කෙසේ වෙතත් මෙම ප‍්‍රවීණයන් දෙදෙනාම තම අදහස් දැක්වූයේ ඊයේ සවස ගලධාරී හෝටලයට පැමිණීමෙන් නොව, පටිගත කරන ලද වීඩියෝ ප‍්‍රකාශනයකිනි. ”ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට හොඳ පරිපාලනයක් අවශ්‍යයි. ඒ පාලක තනතුරට හොඳම සුදුස්සා උපාලි ධර්මදාස කියලා මා පෞද්ගලිකවම විශ්වාස කරනවා” ”අපි හැමෝම උපාලි ධර්මදාසට උදව් කරන්න  ඕනෑ” යයි ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයකු වන සනත් ජයසූරිය පැවසීය. මුත්තයියා මුරලිදරන් පවසා සිටියේ වසර 20 ක පමණ කාලයක් තමා කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වූ නමුත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාව වර්තමානයේදී මුහුණ දී ඇති ආකාරයේ අර්බුදයක් කිසිදා නොදුටු බවයි. ”ඔහු (උපාලි ධර්මදාස මහතා) වගේ කෙනෙකුට කි‍්‍රකට් ආයතනය මේ තත්ත්වයෙන් මුදාගන්න පුළුවන් කියා මා හිතනවා” යයිද මුරලිදරන් පැවසීය. සනත් ජයසූරිය මෙන්ම මුත්තයියා මුරලිදරන්ද මෙසේ ප‍්‍රකාශ කළේ කී‍්‍රඩා සමාජ නියෝජිතයන් 60 කට වැඩි පිරිසක් සහභාගි වූ ගලධාරී හෝටලයේ පැවැති රැස්වීමට සහභාගි වෙමින් නොව, හිටපු කි‍්‍රකට් නිලධාරීන් මෙන්ම වීඩියෝ ප‍්‍රකාශනයකිනි. මෙම රැස්වීමට කී‍්‍රඩා සමාජ, දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංගම් මෙන්ම පළාත් කි‍්‍රකට් සංගම් නිලධාරීහුද සහභාගි වූ අතර හිටපු කි‍්‍රකට් අතුරු කමිටු ලේකම් කේ. මතිවානන් මහතාද ප‍්‍රධාන මේසයේ අසුන් ගෙන සිටියේය. උපාලි ධර්මදාස (ඡායාරූපය - සංජීව නිරෝෂණ)



අදහස් (0)

හිටපු කී‍්‍රඩකයෝ-නිලධරයෝ උපාලි වටා රොක්වෙති

සිසිර කුමාර Monday, 05 December 2011 11:36 AM

දැනටම දේශපාලනය ඇවිල්ලද?

:       0       0

චමත් රණසිංහ Tuesday, 06 December 2011 01:04 PM

අනිත් අයට වැඩිය නම් හොදයි කියල හිතෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බලය පිහිටුවන්න පක්ෂ රැසක් මහපොරයක
2025 මැයි මස 09 5 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව


අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
2025 මැයි මස 09 81 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ළමා නිවාසයක සිටි බිළිදෙක් මියගිහින්
2025 මැයි මස 09 193 0

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි


පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 907 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘
2025 මැයි මස 09 969 0

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 234 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1235 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 308 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1339 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site