ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඉදිරි සැලසුම් වල ප‍්‍රධාන කොටස්කරුවන් වන බව ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපති වරයා ලෙස පත්වූ හිටපු ටෙස්ට් කී‍්‍රඩක සනත් ජයසූරිය මහතා පවසයි.
”මහේල, කුමාර් වගේම ඩිල්ෂාන් අමාරු අවස්ථාවලදී ශි‍්‍ර ලංකා පිළ ගොඩ ගත් අය. අපිට අනිවාර්යෙන්ම ඔවුන්ගේ 100%ක් උදවු ඉදිරි සංචාරයන් සදහා අවශ්‍ය වෙනවා”
”කී‍්‍රඩකයන් තුන් හතර දෙනෙක් ඉතා නුදුරේදීම කී‍්‍රඩාවෙන් සමුගන්න ඉන්නවා. ඒත් අළුත් කි‍්‍රඩකයන් ඔවුන්ගේ නිසි මට්ටමට පැමිණෙන තුරු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ගේ අත්දැකීම් අපට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් මේ වන විටත් දස්කම් අතින් ඉදිරියෙන්ම සිටින අය නිසා” යැයිද සනත් ජයසූරිය ඬේලි මිරර් පුවත්පතට පැවසීය.
වර්ෂ 2011දී කී‍්‍රඩාවෙන් සමුගත් සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්කරමින් නව කි‍්‍රකට් තේරීම් කමිටුවට ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, හේමන්ත වික‍්‍රමරත්න. චමින්ද මෙන්ඩිස් සහ එරික් උපශාන්ත පත්කිරීමට කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පියවර ගත්තේය.
මේ අතර දක්ෂ නවක කී‍්‍රඩකයන් වන දිල්ෂාන් මුණවීර, ඇන්ජලෝ පෙරේරා සහ සචිත් පතිරණ වැනි කී‍්‍රඩකයන්ගේ හැකියාවන් සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපතිවරයා විශේෂ උනන්දුවකින් කතාකළේය.
”ඒ වගේ දස්කම් තියෙන කී‍්‍රඩකයන් රැසක් සිටීම සම්බන්ධයෙන් අප වාසනාවන්තයි. ජ්‍යෙෂ්ඨයන්ගේ හිස්තැන් පිරවීමට තමන් සූදානම් බව ඔවුන් මේ වන විටත් පෙන්වා අවසන්” යයිද ජයසූරිය මහතා පැවසීය.
”මා කී‍්‍රඩකයෙක් වුණෙ දේශපාලඥයෙක් වෙන්න කලින්” ”මා ටෙස්ට් තරග 100ක් හා එක්දින තරග 400කට වඩා සහභාගි වෙලා රට නියෝජනය කරලා තිබෙනවා. මෙය (තේරීම් කමිටු සභාපති තනතුර) මට ලැබුණේ දේශපාලන බලපෑමක් නිසා නෙමෙයි. මට මේ තනතුර සදහා ගොඩක් සුදුසුකම් තියෙනවා”
”මේක දේශපාලන පත් කිරීමක් නෙමෙයි” යනුවෙන්ද ජයසූරිය මහතා පැවසීය.
-ඬේලි මිරර් අනුග‍්‍රහයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි විශ්වාස කරනවා ඔය පුටුවට නියම සුදුස්සා ඔබ බවට. (නි)
සනා, ඔබගේ තීරණයට මම එකගයි. (නි)
ක්‍රීඩා අනාගතයට යහපතක් වෙන ලෙස තීරණ ගන්න (ස)
මම නම් මේ තීරණයට කිසිම කැමැත්තක් නැහැ. (නි)
මහේල, සංගක්කාර සහ ඩිල්ෂාන් ඉදිරියේදිත් සිටිය යුතුමයි. (නි)
සනා, අපිට ඔබව විශ්වාසයි. (නි)
ඇයි සංගාට, මහේලට බැරි? (නි)
පල පුරුදු අයගේ සහාය අත්‍යවශ්‍යයි. (දී)
සනත් ජයසූරිය මහත්තයෝ.. දැනට ඔබ හරි මගට වැටී ඇති බව පේනවා.. ක්‍රිකට් උනනතිය වෙනුවෙන් කටයුතු කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා..!(නු)
දිගු ගමනකට ආසිරි ! (නි)
මටනම් ෂුවර් එක් දින කණ්ඩායමේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් දංගෙඩියට අහුවෙන බව. (ස)
සනත්, දේශපාලකයින් ඕනෑ තරම් ඉන්නවා. ඔබ වැනි හැකියාවන් සහිත ක්‍රීඩකයින් දුර්ලභයි. දේශපාලන හා පෞද්ගලික අරමුණු අමතක කර ඔබේ අත්දැකීම් අවංකව රටේ ක්‍රීඩාව නැංවීමට භාවිතා කරන්න. නැවතත් ඔබ රටට වීරයකු වේවි. (ස)
දේශපාලනය ගාව ගන්නවත් එපා. ඔබට ඔය තනතුර සුදුසුදු . (ස)
දේශපාලන දෘෂ්ටියෙන් බැහැරව ඔබට මේ මහඟු වගකීම දැරිය හැකි නම්, එය අපේ ක්‍රිකට් අනාගතයට වසන්තයක්ම වනු ඇත. ඔබට සුබ පැතුම් ! (නි)
දිගු මෙහෙවරකට ඔබට දළදා සමිදු පිහිටයි! (නි)
ටෙස්ට් පිටියේ අපි දැන් අසරණයි. ලොකු වෙනසක් කරන්නට ශක්තිය ලැබේවා (ස)
කැඩී බිදී වෙන්වී ගිය අපේ සමගිය එකට එකතුකරන්න පුළුවං ක්‍රීඩාව තුනින්. ඒ නිසා රටේ අස්සක් මුල්ලක් නෑර ඉන්න දක්ෂ ක්‍රීඩකයන්ව හොයලා ඉදිරියට දිරිගන්නවන්න වැඩපිළිවෙලක් සකස් කළොත් කාලෝචිතයි.!(නු)
සනත්, උතුරු නැගෙනහිර පැතිවල ඉන්න දක්ෂ ක්‍රීඩකයින්ටත් අවස්ථාවක් ලබාදෙන්න බලන්න. (නි)
අනේ සනා, සංගාවයි, මයියාවයි කපන්න නම් එපා. (නි)
කවුරුන් හෝ සනත්ගේ මෙම පත්වීම දේශපාලනිකව ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔහු ක්‍රිකට් මෝඩයෙකි. (නි)
ක්‍රීඩා ඇමතිතුමා ගත් කාලෝචිත තීරණයට අපි ඔහුට ප්‍රසංශා කල යුතුයි (ස)
සුභ පැතුම් සනා! (නි)
රුහුණු පුත්‍රයාට සුභ පැතුම්! දේශපාලනයෙන් තොරව සනත්ට උදවු කරමු. (නි)
සනත් මහත්තයා ඔතරම් ක්‍රිකට්වලට ආදරේනම් ඔයා දේශපාලනයෙන් ඉවත්වෙලා ක්‍රිකට්වලට සේවය කරන්නකෝ (නු)
ඇන්ජෙලෝ පෙරේරා , දිල්ෂාන් මුණවීර , මහේල හා තිලකරත්න දිල්ෂාන් ට හොද ආදේශ විය හැකි බව පෙනී ගියද චන්දිමාල් ට දිගින් දිගටම අවස්ථාව ලැබුණද ටෙස්ට් තරග හැර එක් දින හා 20 / 20 වලදී වගකීම් රහිතව ක්‍රීඩා කරන ආකාරය පෙනී යි.චන්දිමාල් ට උපනායක කම දීම ඔහුගේ දක්ෂතා එළිදැක්වීමට රුකුලක් නොවන අතර සංගක්කාර ගේ ආදේශ ය වීමට ඔහුට තවත් කාලයක් දිය යුතුය. (ස)
දේශපාලන පත්වීමක් නෙමේයි නම් ඔතන ඉන්න ඕනේ අර්ජුන . (ස)
දේශපාලනය නම් ක්‍රිකට් වලට පමණක් නොව කිසිම ක්‍රීඩාවකට අවශ්‍ය නැත. (නි)