කොළඹ විජේරාම මාවතේ අගවිනිසුරු නිල නිවසට පැමිණි ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය හමුවීමට ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකරී පැමිණියේය.
එවිට වේලාව පස්වරු 2.15 පමණ විය. ඔහු ඇයගෙන් ලිපි ගොනු කිහිපයක් බාරගත්තේය. පස්වරු 3.45ට පමණ ඇය තම පෞද්ගලික භාණ්ඩ රැගෙන පිටුපස දොරටුවෙන් පිටත්ව ගියාය. ඇය යළි අවුත් ඉදිරිපස දොරටුවෙන් පිටවී යනු ඇතැයි පොලීසිය කියයි.
තම පුත් ශවීන් සමග එහි පැමිණි බන්ඩාරනායක මහත්මිය පස්වරු 4.30ට පමණ පිටවී යනු ඇතැයි එහි සිටි පොලිස් නිලධරයෙක් කීවේය.
කොළඹ පොලිස් අධිකාරී ලෙස්රි රණගල මහතා බෞද්ධාලෝක මාවතේ රැඳී සිටි මාධ්‍යවේදීනට එතැනින් ඉවත්වන ලෙද දැන්වීය.
හිටපු අගවිනිසුරුවරියගේ ප්‍රකාශයක් බලාපොරොත්තුවෙන් සිටින බව ඔවුන් කීවිට පාරේ රැඳී සිටීමට ඉඩ දිය නොහැකි බව ඔහු කීවේය. අසල මහකොමසාරිස් කාර්යාලයයක් ඇතැයි ද ඔහු කීවේය.
එසේ නම් නිවස අසලට යන්නදැයි මාධ්‍යවේදීහු ඇසූහ. ‘දැන් ඇය අග විනිසුරු නොවෙයි. එතැන මාධ්‍ය හමුවක් තියන්නත් බෑ ‘ යනුවෙන් ඔහු කීවේය.
දෙස් විදෙස් මාධ්‍යවේදීහු 150ක් පමණ එහි පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මැඩම් ඔයා තවමත් නිල් පාට අදින්නේ? (නි)
ලංකාවෙ ඉන්න අයට උගතුන්, බුද්ධිමතුන්ගෙන් නියම සේවය ලබාගන්න ණය නැහැ. (නි)
ඔබ එඩිතර ගැහැනියක්. ඔබට ජය... (ත)
මෙය සැමටම පොදු ධර්මතාවයකි. (නි)
අපි පාරේ තොටේදී මුණගැසුනහම අහක බලාගෙන යන්න එපා. (නි)
ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක් (දී)
මොනවා කියලා කියන්නද අපි (ස)
ඔබ දිරිය දියණියකි, ඔබට ජය! (නි)
මොනදේ වෙන්නෙත් හොදටයි කියලා හිතාගන්න මැඩම්.....!(ස)
ඔහොම යමුකෝ. (නි)
ඔබතුමිය වීර කාන්තාවක්. (නි)
එහෙම තමයි. මෙහේ බුද්ධිමතුන්ට තැනක් නෑ (ස)
ඔබ දේශපාලනයට නම් එන්න එපා (දී)
එතකොට අර කට්ටියක් පහුගිය දවස්වල කිරිබත් කකා මොනවද කළා නේද දවස් ගානක්? (නි)
මෙය ලෝක ස්වභාවයයි. (නි)
දිරිය ශ්‍රී ලංකා දියණිය. ඉදිරියටම යන්න ජය වේවා (ස)
ඔබතුමියට තිබුණේ කලින්ම ඉල්ලා අස්වෙන්න. (නි)
මොනවා වෙන්න යනවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ (දී)
මාධ්‍යවේදීන්ට එතුමියගෙන් ප්‍රකාශයක් ගන්න අවසර දෙන්න බැරි වුණාට සත්‍යග්‍රහ කරන අයට දවස් ගණන් එහෙම කරන්න දෙන්න පුලුවන්. (නි)
ඔබ තුමියට ජය වේවා (දී)
මෑණියනි ඔබ රටට ආඩම්බරයකි .ඔබට ජය (ස)
අත අරින්න එපා වැඩේ (දී)
අනේ මන්දා (දී)
මේ මොන වැඩේ උනත් අපි තමයි අසරණ වෙන්නේ (දී)
අපිට තියෙන්නේ බලා ඉන්න තමයි (දී)
මොනවා කියන්න කියලා මට නම් තේරෙන්නේ නැහැ. අනේ ඇත්තටම රටකට ගිය කලක්. මෙහෙම දේවල් වෙන්නේ අපේ අවාසනාවටද නැතිනම් මේ රටේ අවාසනාවටද කියලා මට හිතා ගන්න බැහැ. කොහොම වුනත් දිගින් දිගටම මෙහෙම දේවල් වෙන එක ජාත්‍යන්තරව අපේ ප්‍රතිරූපයට හානිදායක බව මේවා කරන උදවිය තේරුම් ගන්නේ නැත්තේ ඇයි? (ස)
දිරිය වනිතාවනි, ඔබ අපට සම්පතකි. (නි)
මොනවා වෙන්න යනාවාද කියන්න මට නම් තේරෙන්නේ නැහැ (දී)
ජනතාව දන්නවා ඔබ නිවැරදියි කියලා. (නි)
මැතිණියනි, ඔබ රටට ආඩම්බරයකි. (නි)
ගෝල්ඩන් කී ෆයිල් එකක්වද්ද? (නි)
ලක්මාතාවගේ දිරිය දියණියකි ඔබ . ඔබට සඳා ජය (ස)
මේකට තමයි අල්ට්‍රා සුපර් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. (නි)
ශ්‍රීවික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසින්ගේ සිරකරුවෙක් වී ගෝව බලා නැවු නැගී යත්දී කීවා යයි කියන 'නෙතින් කඳුළු නොහෙලමි දිවි තිබෙන තුරු .. ඉතින් ආයුබෝවන් ලක්මවුනි ගරු..' කවිපෙළ කියවන විට ඔහු රාජ්‍යත්වයේ සිටියදී කල සියලු දේ අමතකවී අප තුල සංවේගයක් ඇතිවෙනවා. ඒ වගේ තමයි මෙතුමියට වුන දේ බලනකොටත් (ස)