IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හිටපු අගවිනිසුරු ලිපි ගොනුවක් බාර දෙයි

කොළඹ විජේරාම මාවතේ අගවිනිසුරු නිල නිවසට පැමිණි ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය හමුවීමට ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකරී පැමිණියේය.

එවිට වේලාව පස්වරු 2.15 පමණ විය. ඔහු ඇයගෙන් ලිපි ගොනු කිහිපයක් බාරගත්තේය. පස්වරු 3.45ට පමණ ඇය තම පෞද්ගලික භාණ්ඩ රැගෙන පිටුපස දොරටුවෙන් පිටත්ව ගියාය. ඇය යළි අවුත් ඉදිරිපස දොරටුවෙන් පිටවී යනු ඇතැයි පොලීසිය කියයි.

තම පුත් ශවීන් සමග එහි පැමිණි බන්ඩාරනායක මහත්මිය පස්වරු 4.30ට පමණ පිටවී යනු ඇතැයි එහි සිටි පොලිස් නිලධරයෙක් කීවේය.

කොළඹ   පොලිස් අධිකාරී ලෙස්රි රණගල මහතා බෞද්ධාලෝක මාවතේ රැඳී සිටි මාධ්‍යවේදීනට එතැනින් ඉවත්වන ලෙද දැන්වීය.

හිටපු අගවිනිසුරුවරියගේ ප්‍රකාශයක් බලාපොරොත්තුවෙන් සිටින බව ඔවුන් කීවිට පාරේ රැඳී සිටීමට ඉඩ දිය නොහැකි බව ඔහු කීවේය. අසල මහකොමසාරිස් කාර්යාලයයක් ඇතැයි ද ඔහු කීවේය.

එසේ නම් නිවස අසලට යන්නදැයි මාධ්‍යවේදීහු ඇසූහ. ‘දැන් ඇය අග විනිසුරු නොවෙයි. එතැන මාධ්‍ය හමුවක් තියන්නත් බෑ ‘ යනුවෙන් ඔහු කීවේය.

දෙස් විදෙස් මාධ්‍යවේදීහු 150ක් පමණ එහි පැමිණ සිටියහ.

 



අදහස් (0)

හිටපු අගවිනිසුරු ලිපි ගොනුවක් බාර දෙයි

පෙරේරා Wednesday, 16 January 2013 04:39 AM

ඇයි මැඩම් ඔයා තවමත් නිල් පාට අදින්නේ? (නි)

:       0       0

අමිල Tuesday, 15 January 2013 07:48 PM

ලංකාවෙ ඉන්න අයට උගතුන්, බුද්ධිමතුන්ගෙන් නියම සේවය ලබාගන්න ණය නැහැ. (නි)

:       0       0

හසිත ජයවීර Sunday, 20 January 2013 03:21 PM

ඔබ එඩිතර ගැහැනියක්. ඔබට ජය... (ත)

:       0       0

වරුණ Wednesday, 16 January 2013 07:36 AM

මෙය සැමටම පොදු ධර්මතාවයකි. (නි)

:       0       0

පෙරේරා Tuesday, 15 January 2013 08:25 PM

අපි පාරේ තොටේදී මුණගැසුනහම අහක බලාගෙන යන්න එපා. (නි)

:       0       0

වරුණ Wednesday, 16 January 2013 08:08 AM

ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක් (දී)

:       0       0

ජනක Tuesday, 15 January 2013 04:12 PM

මොනවා කියලා කියන්නද අපි (ස)

:       0       0

කාංචනා Wednesday, 16 January 2013 05:56 PM

ඔබ දිරිය දියණියකි, ඔබට ජය! (නි)

:       0       0

අජිත් ඩී Wednesday, 16 January 2013 08:59 AM

මොනදේ වෙන්නෙත් හොදටයි කියලා හිතාගන්න මැඩම්.....!(ස)

:       0       0

ෆර්සාන් Tuesday, 15 January 2013 04:29 PM

ඔහොම යමුකෝ. (නි)

:       0       0

සමන් Tuesday, 15 January 2013 04:29 PM

ඔබතුමිය වීර කාන්තාවක්. (නි)

:       0       0

නිලාන් Tuesday, 15 January 2013 09:45 PM

එහෙම තමයි. මෙහේ බුද්ධිමතුන්ට තැනක් නෑ (ස)

:       0       0

සිසිර Tuesday, 15 January 2013 09:46 PM

ඔබ දේශපාලනයට නම් එන්න එපා (දී)

:       0       0

විපුල Tuesday, 15 January 2013 04:44 PM

එතකොට අර කට්ටියක් පහුගිය දවස්වල කිරිබත් කකා මොනවද කළා නේද දවස් ගානක්? (නි)

:       0       0

සදුනි Tuesday, 15 January 2013 04:51 PM

මෙය ලෝක ස්වභාවයයි. (නි)

:       0       0

අජිත් Wednesday, 16 January 2013 09:34 AM

දිරිය ශ්‍රී ලංකා දියණිය. ඉදිරියටම යන්න ජය වේවා (ස)

:       0       0

කැටවල Tuesday, 15 January 2013 05:00 PM

ඔබතුමියට තිබුණේ කලින්ම ඉල්ලා අස්වෙන්න. (නි)

:       0       0

සේන Tuesday, 15 January 2013 10:29 PM

මොනවා වෙන්න යනවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ (දී)

:       0       0

උපුල් Tuesday, 15 January 2013 05:09 PM

මාධ්‍යවේදීන්ට එතුමියගෙන් ප්‍රකාශයක් ගන්න අවසර දෙන්න බැරි වුණාට සත්‍යග්‍රහ කරන අයට දවස් ගණන් එහෙම කරන්න දෙන්න පුලුවන්. (නි)

:       0       0

සුසන්ත Tuesday, 15 January 2013 05:12 PM

ඔබ තුමියට ජය වේවා (දී)

:       0       0

සනත් Tuesday, 15 January 2013 11:22 PM

මෑණියනි ඔබ රටට ආඩම්බරයකි .ඔබට ජය (ස)

:       0       0

රාත්‍රිය Tuesday, 15 January 2013 05:27 PM

අත අරින්න එපා වැඩේ (දී)

:       0       0

චන්දන Friday, 18 January 2013 02:43 PM

අනේ මන්දා (දී)

:       0       0

කමල් Tuesday, 15 January 2013 05:43 PM

මේ මොන වැඩේ උනත් අපි තමයි අසරණ වෙන්නේ (දී)

:       0       0

තිසල් Tuesday, 15 January 2013 05:48 PM

අපිට තියෙන්නේ බලා ඉන්න තමයි (දී)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 22 January 2013 03:50 PM

මොනවා කියන්න කියලා මට නම් තේරෙන්නේ නැහැ. අනේ ඇත්තටම රටකට ගිය කලක්. මෙහෙම දේවල් වෙන්නේ අපේ අවාසනාවටද නැතිනම් මේ රටේ අවාසනාවටද කියලා මට හිතා ගන්න බැහැ. කොහොම වුනත් දිගින් දිගටම මෙහෙම දේවල් වෙන එක ජාත්‍යන්තරව අපේ ප්‍රතිරූපයට හානිදායක බව මේවා කරන උදවිය තේරුම් ගන්නේ නැත්තේ ඇයි? (ස)

:       0       0

මධු Tuesday, 15 January 2013 05:51 PM

දිරිය වනිතාවනි, ඔබ අපට සම්පතකි. (නි)

:       0       0

සිසිර Wednesday, 16 January 2013 02:56 PM

මොනවා වෙන්න යනාවාද කියන්න මට නම් තේරෙන්නේ නැහැ (දී)

:       0       0

අනුර Monday, 21 January 2013 05:52 PM

ජනතාව දන්නවා ඔබ නිවැරදියි කියලා. (නි)

:       0       0

තිලක් සෙනෙවිරත්න Tuesday, 15 January 2013 06:24 PM

මැතිණියනි, ඔබ රටට ආඩම්බරයකි. (නි)

:       0       0

සංජය Tuesday, 15 January 2013 06:34 PM

ගෝල්ඩන් කී ෆයිල් එකක්වද්ද? (නි)

:       0       0

ජීවන්ති Wednesday, 16 January 2013 10:31 AM

ලක්මාතාවගේ දිරිය දියණියකි ඔබ . ඔබට සඳා ජය (ස)

:       0       0

සුනිල් Tuesday, 15 January 2013 06:41 PM

මේකට තමයි අල්ට්‍රා සුපර් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 16 January 2013 10:51 AM

ශ්‍රීවික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසින්ගේ සිරකරුවෙක් වී ගෝව බලා නැවු නැගී යත්දී කීවා යයි කියන 'නෙතින් කඳුළු නොහෙලමි දිවි තිබෙන තුරු .. ඉතින් ආයුබෝවන් ලක්මවුනි ගරු..' කවිපෙළ කියවන විට ඔහු රාජ්‍යත්වයේ සිටියදී කල සියලු දේ අමතකවී අප තුල සංවේගයක් ඇතිවෙනවා. ඒ වගේ තමයි මෙතුමියට වුන දේ බලනකොටත් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site