රත්ගම රණපනාදෙණියේ නිවසක් ඉදිරිපිට ගිලා බැසීමකින් වළක් සෑදී ඇතැයි ගම්වාසීහු පවසති. නිවසේ ඉදිරිපස පාදම අයිනේ සිට අඩි අටක් පමණ විශ්කම්භය ඇතිව සෑදුනු වලේ ගැඹුර අඩි හය ඉක්මවයි. කලකට ඉහත මේ ප්‍රදේශයේ මිනිරන් පතල් තිබූ බව ගැමියෝ කියති.