
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සුරේෂ් සලේට බාර දුන්න අවි ආයුධ සහ ඔහු නැවත බාර දුන්න අවි ආයුධ ගැන ලැයිස්තුවක් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවට අද (5) ඉදිරිපත් කළේය.
ඔහු නැගෙනහිර පළාතේ බුද්ධි අංශයේ සේවය කළ අයෙකු බවද ඔහු සඳහන් කළේය
ෂානක්කියන් රාසමාණික්කම් මහතා මෙසේද පැවසීය
මඩකළපුවේ තැන තැන අවි ආයුධ හම්බවෙනවා.පිස්තෝල හම්බ වුණා. මෝටර් හම්බවුණා. මේගොල්ලන් තියපුවා මේගොල්ලන්ම අරගෙන දෙනවා.
මේ ප්‍රශ්නෙට උත්තර හොයාගත්තොත් දැනට කරගෙන යන පරීක්ෂණවලටත් උදව් වේවි. මේවා 2004 ඉඳගෙන ආපු බුද්ධි අංශ වැඩ
ආනන්ද විජේපාල මහතා:
මේ පිළිබඳව පිළිතුරක් හෙට දිනයේ දෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන් තියපුවා, මේ ගොල්ලෝම අරගෙන දෙනවාලු, එතකොට කරුණලා, පිල්ලෙයාන්ලා වෙඩි තියලා තියෙන්නේ කොහුමිටි වලින්. ඒ අයගේ තාක්ෂණේ සෑහෙන්න දියුණුයි...!