
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
22ට එරෙහි විපක්ෂයේ සිංහ ගර්ජනාව ඇතුළෙන් ඇහෙන්නේ අඳෝනාවක් බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සජබේ අය කළු ඇඳගෙන අද ඇවිත් ඉන්නවා.මළ ගෙදරක් වගේ නිසා කළු ඇඳගෙන යනවා යැයි ඔවුන් පවසා තිබුණා. මාර වැඩේ, සමහර අයට මළ ගෙදර කියන්න අමතක වෙලා.ඊයේ උද්ඝෝෂණය වගේම තමයි අද කළු විරෝධය.22 ට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් බොහොමයක් සිංහ ගර්ජනා කරනවා ඇහෙනවා. ඒ ගර්ජනා පිටුපස තිබෙන අඳෝනාව ඇහෙනවාද?නීතිය ශක්තිමත් වෙනවාට නීතිය පසිඳලනවාට ඔවුන් කැමති නෑ.මොකද මේ කතා කරන කොටසක් ඉන්නෙ සැකපිට. කොටසක් ඉන්නේ ඇප පිට.බොහෝ දෙනෙක්ගේ කිල්ලෝට වල හුණු තිබෙනවා.ඒ අය නීතිය ශක්තිමත් වෙනවාට කැමති වෙන්නේ නැහැ.ඒ නිසා මේකට වෙන කතාවක් ආරූඪ කරගෙන මෙන්න උසාවියට අත තියෙනවා යැයි කියනවා.ඔවුන්ගේ දේශපාලන සංස්කෘතියම නීතියට පටහැනියි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd