ආහාර සඳහා මස් වර්ගයන් තෝරා ගැනීමේදී යුරෝපයේ සෙසු රටවලුත් එංගලන්තයත් අතර පැහැදිලි වෙනස්කමක් දක්නට ලැබෙයි.
ගෙඹි කකුල් ප්‍රංශයේ ප්‍රණීත ආහාරයකි. අශ්ව මස් නැගෙනහිර යුරෝපයේ මූලික ආහාරයකි. මේ දෙවර්ගයම බ්‍රිතාන්‍යය පිළිකුලෙන් ප්‍රතික්ෂේපකරයි.
එනමුත් පසුගියදා එංගලන්තයේ ප්‍රධානපෙළේ සුපිරි වෙළඳසල් කාලයක් තිස්සේ අලෙවි කළ සීතකළ ආහාර වර්ග කිහිපයකම ගව මස් වෙනුවට අශ්ව මස් යොදා ඇතිබව හෙළි විය.
රටපුරා ඉමහත් ආන්දෝලනයක් ඇතිකළ මෙම ප්‍රවෘත්තිය සමග දස ලක්ෂ ගණනක් වටිනා ආහාර කුණු බක්කියට දැමීමට ඒවා ගබඩාකරගෙන සිටි වෙළඳසැල් හිමියන්ට සිදුවිය.
තොගවශයෙන් මෙම මස් ගෙන්වා ඇත්තේ නැගෙනහිර යුරෝපයේ පෝලන්තය,රුමේනියාව සහ දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය වැනි රටවල් වලිනි.
අශ්වමස් ගවමස් ලෙස නම් කර මෙම මස් වංචාව සිදුකර ඇත්තේ එංගලන්තයේ හෝ ප්‍රංශයේ ආහාර නිෂ්පාදනාගාරවලදී නොව එම මස් සැපයූ සමාගම් වලින් බවද සොයාගැනීමට හැකිවී ඇත.
ගවමස් යොදා නිෂ්පාදිත බවට නම්කර තිබු "ලසානියා" සහ " හැම්බර්ගර්" වර්ගවල ඇත්තවශයෙන්ම තිබුණේ සියයට සියයක්ම අශ්ව මස් බව මේ සම්බන්ධයෙන් සිදුකළ රසායනාගාර පරීක්ෂණවලින් හෙළිවිය.
අශ්වමස් කෑම පිළිකුල් කරනා බ්‍රිතාන්‍යයන්ට තරුපෙනුණේ මෙම වාර්තා එළිදැක්වූ පසුවය. මස් කෑම සෞඛ්‍යයට හිතකර නොවනබවට විශාල මහජන මතයක් ගොඩනැගීමටද මෙම සිද්ධිය මුල් විය.
අශ්ව මස්වලට තක්කාලි සෝස් එක්කිරීමෙන් මස්වලට කළු පැහැක් ද, කුළු බඩු හා කොල එකතු කිරීමෙන් අශ්ව මස් රසය ඉවත් වී ගව මස් රසය ලැබෙන බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉර්ෆාන් දර්මා, ඔබේ හලාල් හරියට කරන්න නම් ඒ සතුන් ආහාරට ගත් කෑමත් හලාල්ද කියල උන් ඉපදුන මුල් අවස්ථාවේ ඉඳල මරණයට පත් කල දින තෙක් පරික්ෂා නොකරන්නේ ඇයි? ඔබ ඔබට ඕනැ දෙයක් පරීක්ෂා කර හලාල් සහතිකය ගසා ගැනීමට නිදහස තියෙනවා . ඒ වගේම අපටත් හලාල් නොවන ආහාර මිලදී ගැනීමට නිදහස තියෙන්න ඕන. නිෂ්පාදකයාට පුළුවන් හලාල් බඩු විතරක්ම වෙළඳ පලට දමන්න . එතකොට අපි ඒවා මිලට ගන්නේ නෑ. දැන් බිස්කට් වලට වෙලා තියෙන්නේ එකයි.(නදී)
මිනිස්සුන්ට බොරු කරලා කන්න දෙන්න එපා (දී)
ඉර්ෆාන් ධර්මා, ප්‍රමිති ආයතනය කියල ආයතනයක් තියෙන්නෙ ඒකට තමයි. (නි)
රවට්ටලා කන්න දෙන එක මහා කැත වැඩක් (දී)
අනුමත කල නොහැකි වැඩක් (දී)
එල....මාංශ අහාරයට මරු පහරක්.........!(ස)
හලාල් සම්බන්ධව මට නම් ගැටළු රැසක්ම තිබෙනවා (නි)
මස් කන්න මොනවා තෝරන්නද? ඔක්කොම මස් නේ. (නි)
මේවා අපිටත් ඒවිද මන්දා? (නි)
ඇයි තිස්සමහාරාමයේ පැත්තේ හෝටලයක හා මස් කියලා බළල් මස් දීලා අහුවුණේ. (නි)
අශ්වයින් මරලා හදන වයින් බොන්න හොද නම් කෑම කෑවහම මොකද? (නි)
ඔන්න අපි එහෙම කරපු වැඩක් නොවෙයි, ඒ ගොල්ලොම කල වැඩක් (දී)
ගෙබි කකුල් මස් යුරෝපයට එන්නෙ රුමේනියාවෙන්. ඔය ප්‍රශ්නෙ තිබෙන්නේ එන්ගලන්තයට පමණක් නොවේ. ගොඩක් බලපාන්නෙ ප්‍රංශයට තමයි. (නි)
එතකොට එයාලට දෙන ලේත් රසායනික පරික්ෂාවකට ලක්කරනවද? (නි)
ඉර්ෆාන් ධර්මා, ඔබ හරි. එසේ නොවුණහොත් අලි මස් දුන්නත් කන්න තමයි වෙන්නේ. ඇයි ප්‍රමිතියක් නැහැනේ. (නි)
ඉර්ෆාන්, ඔයාගේ හලාල් ඔයාම කන්න. (නි)
නියම පුවතක්. 100%ක්ම නිවැරදියි. (නි)
හලාල් කියන්නේ මස් වර්ග හදුනාගන්නා වූ ක්‍රමයකට නොවේ. (නි)
අර තඩි ඔටුවව කන්න හොද නම් අශ්වයගෙ මොකද හලාල් නැත්තෙ? (නි)
මේවගේ ඒවා වෙන නිසා තමය් හලාල් කමිටු වගේ ඒවා පිහිටුවන්නේ, අපි කඩෙන් කෑමට ගන්නදේ හදන්නේ මොනවා දාලද කියල පොදු ජනතාවට සොයාබලන්න බැරිනිසා මෙවැනි පිළිගත් කමිටු පිහිටුවනවා, එම කමිටු මුදල් අය කරන්නේ රසායනාගාර පරීක්ෂණවලට මිසක් වෙන දේකට නෙමෙයි.(නදී)
සහෝදරවරුනි, මේවාට තමයි හලාල් කියන්නේ. (නි)
එක එක රටවලට තියෙන ප්‍රශ්න.(නදී)