ශ්‍රී ලංකා බිලියඞ් හා ස්නුකර් සම්මේලනය සංවිධානය කළ 59 වැනි ජාතික ස්නුකර් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට සුසන්ත බොතේජු සමත් විය. අවසන් මහ තරගයේදී මොහොමඞ් මුසී පරදවා සුසන්ත රාමු 7/3 ක ජයක් ලැබීය. හිටපු ලෝක බිලියඞ් ශුර එම්. ජේ. එම් ලාෆීර්ගෙන් පසුව වැඩිම ස්නුකර් ශුරතා දිනා සිටින සුසන්ත බොතේජු මෙවර දිනා ගත්තේ සිය 15 වැනි ජාතික ශුරතාවයි. ඒ අනුව 16 වරක් ශූරතාව දිනා සිටින ලාෆීර්ගේ වාර්තාව බිද දැමීමට සුසන්තට තවත් ලබාගත යුත්තේ ශූරතා දෙකක් පමණි. බොතේජු මෙවර ශූරතාව දිනා ගත්තේ පිට පිට සිවුවැනි වරට වීම ද විශේෂත්වයකි. අවසන් වරට 2010 වසරේදී අනුශූරතාව දිනාගත් රයන් සෝමරත්න රාමු 5/4 කින් පරදවා සුසන්ත අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය. කොළඹ සුගතදාස ක‍්‍රීඩා හෝටලයේදී නිමාවු (28 දා) මෙම තරගාවලිය පසුගිය වසරේ පැවැත්වීමට තිබු තරගාවලිය වේ.