මොරටු සරසවියේ ඉන්ජිනේරු සිසුන්ගේ මානසිකත්වය යතා තත්ත්වයට පත් කර, ආරක්ෂාව තහවුර කිරීමෙන් පසු සරසවිය විවෘත කරන බව මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා කියයි.
මොරටු සරසවියේ ඉන්ජිනේරු සිසුන්ගේ මානසිකත්වය යතා තත්ත්වයට පත් කර, ආරක්ෂාව තහවුර කිරීමෙන් පසු සරසවිය විවෘත කරන බව මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්.ඩී.ටී.සිසුන් තමයේ 1971 දි ඉන්ජිනේරු සරසවිය ස්ථිරවම පිහිටු වන්න හරියටම බැට කාගේන වැඩ කෙරුවෙ. අවස්ථාවාදී කුහක කම.එන්.ඩී.ටී. ළමයි කියන්නේ සිසුන් නෙමෙයිද (ස)
1972 ට පෙර මොරටුව තිබුනේ තාක්ෂණ විද්‍යාලයක්. එහි ඉංජිනේරු පීඨයක් තිබුනේ නැහැ. තිබුනේ එන් .ඩී .ටී සහ ඩිප් ටෙක් පාඨමාලා පමණයි.ඉත්තෑවාගේ බෙනේ කැබැල්ලාවා රිංගුවා වගේ එන් .ඩී .ටී ශිෂ්‍යයන් එලවා දැමීමට කටයුතු කිරීම සාධාරණ නෑ.(නදී)
මානසිකත්වය සමගම ආකල්ප වර්ධනය කල යුතුයි (ස)
මොරටුව විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ මාද්‍ය ප්‍රකාශනය http://img1.uploadhouse.com/fileuploads/17201/1720145882d203710d2eb9b091dd8bc6fd695d5a.jpg (නු)
"එන්.ඩී.ටී සිසුන්ගේ මානසික තත්වය සලකන්නේ නැද්ද" කාන්තා නේවාසිකාගාර වලට පහරදෙන ඉංජිනේරු සිසුවන් ඝාතනය කිරීමට තැත් කරන එන්ඩීටී සිසුන්ගේ මානසික තත්වය ගැන ඕන කෙනෙකුට තේරෙනවා. ඕකට දෙන්න තියෙන එකම විසඳුම ගැටුමට සම්බන්ද ඉතුරු එන්.ඩී.ටී සිසුනුත් අත්අඩංගුවට අරගෙන හැකි ඉක්මනින් එන්.ඩී.ටී පාඨමාලාව දියගමට ගෙනයාමයි.(නු)
ඇත්තටම මොකක් බෙදා ගන්න බැරිවද මේ ගහගන්නෙ? මොකක්ද මේ ගැටුමට මුල? මම දන්නා තරමින් එන්.ඩී.ටී සිසුනුත් 1970-71 දී ඔය ආයතනය විශ්ව විද්‍යාල තත්වයට පත් කරවා ගැනීමට ඉතා මහන්සි වුනා. ඇයි මේ කෙණහිලි දැන්? දැනටමත් එන්.ඩී.ටී සිසුන්ව අවතක්සේරුවට පත් වෙලා කියලා පෙනෙනවා. (නි)
ඉංජිනේරුවන්ගේ පේරාදෙණි මානවයාගේ සහ මොරටු මානවයා අතර ලොකු වෙනසක් තියෙනවා. පේරාදෙණිය සරසවියේදී කලාව සෞන්දර්ය එහි පරිසරය තුලින් සිසුන්ට උකහා ගැනීමට හැකි වන බැවින් ඔවුන් තුල සමානාත්මතාවය සහ සමගිය වර්ධනය වේ. සරසවියක් වුණහම රොබෝවන් නොව සැබෑ මනුෂ්‍යයන් රටට දායාද කළ යුතුයි. (නි)
එන්.ඩී.ටී හතරදෙනා අත්අඩංගුවට ගන්න.මොරටු සරසවියේ ඉංජීනේරු සිසුන් පුනරුත්පානය කර සමාජයට එවන්න.(නදී)
එන්.ඩී.ටී හතරදෙනා විතරක් නෙමෙයි ඉතරු අයත් අත්අඩංගුවට ගෙන අවුරුදු කිහිපයක් පුනරුත්පානය කර සමාජයට එවන්න.(නදී)
ප්‍රශ්නයට පිළියම් ලෙස, උසස් අධ්‍යාපන බලධාරීන් විසින් එන්.ඩී.ටී ය දියගමට ගෙනයෑමට තීරණය කිරීම හොඳය. එහිදී වැඩි ඉඩක් වැඩි සම්පත් ලැබිය හැක. නමුත් එය තාම හිස් බිමකි. බෝඩ් ලෑල්ලක් පමණක් ඇත. එහෙවු තත්වයක් තුළ එන්.ඩී.ටී අළුත් බැඡ් එකක් මොරටුවට ගන්න එපා කීමට.., ඉංජිනේරු සිසුන්ට ඇති සදාචාරාත්මක හෝ වෙනයම් අයිතිය කුමක්ද?? එන්.ඩී.ටී එන්නේත් අපේම කොල්ලෝය. (නි)
පහත සටන් පාඨ දෙකෙහි වෙනස කියවන්න.. මාළඹේ උපාධි කඩය වසා දමනු..!! - පේරාදෙණිය වෛද්‍ය සිසුන්.. එන්.ඩී.ටී පාඨමාලාවට මේ වසරේ මොරටුව භූමිය තුළ බඳවා ගැනීම් සිදු නොකරනු..!! - මොරටුව ඉංජිනේරු සිසුන්.. (නි)
මොරටු සරසවියේ ඉංජීනේරු සිසුන් කෝවේ දාලා මකලා ගන්න වෙනවා. (නි)
එන්.ඩී.ටී. සිසුන් මේවගේ තත්ත්වයට පත් කරෙ ඉංජීනේරු සිසුන්ගෙ අවස්ථාවාදී කුහක මානසික තත්වය. (ස)
ඔය කට්ටියගේ මානසිකත්වය හදන්න නම් කෝවේ දාලා මකලා ගන්න වෙනවා. (නි)
ඉනජිනේරු අය මොනවා හිතාගෙන හිටියත් වර්ල්ඩ් රෑන්ක් එක ගත්තහම ඇත්ත දැනගන්න පුලුවන්. (නි)
එතකොට ළමයින්ගේ අධ්‍යාපනය (දී)
දැන්වත් පාලකයින්ගේ අවස්ථාවාදී කුහක කම අයින් කරලා මේකට ස්ථිර විසදුමක් දුන්නොත් ලොකු දෙයක්..... (ස)
එන්.ඩී.ටී. සිසුන්ට නැවත මේවගේ වීනාශකාරී දේවල් නොකරන්න දඩුවම් දෙන්න. තමන්ගේම ඉගනගන්න සරසවියේ දේපල මේව්දියට ව්නාශ කරන මැරයෝ සමාජයට ගියාම මොනවා නොකරාවීද?. (ස)
ළමයින්ට ගහන්න දීලා බලාගෙන හිටපු පරිපාලනයේ සමහරුන්ගෙත් මානසිකත්වය හදන්න ඕනෑ. (නි)
එතකොට එන්.ඩී.ටී. ළමයි කියන්නේ සිසුන් නෙමෙයිද? (නි)
කවුද මේවගේ පාඩු විඳින්නේ ?????????(ස)
ඔය මානසිකත්වය සුව කරන්නනමි මානසික රෝහලක් විශ්ව විද්‍යාලය තුලම පිහිටුවන්න වෙනවා(නදී)
අනේ මන්දා දැන් මෙතන වැඩ කටයුතු කෙරෙන්නේ කාගේ උවමනාවකටද කියලා ???????(ස)
දැන්වත් ඔය කුහකකම අත්හැරලා දාන්න බැරිද ඇත්තට? (නි)
ළමයි විශ්ව විද්‍යාලයට ආවේ ඕව කරන්නද? (දී)
ඉංජීනේරු සිසුන්ගෙ මානසික තත්වය විතරද? එන්.ඩී.ටී සිසුන්ගේ මානසික තත්වය සලකන්නේ නැද්ද? “මානසික තත්වය යථා තත්වයට පත් කර“ යන්නෙන් මහාචාර්යතුමා අදහස් කරන්නේ කුමක්ද? කවුද ඕක කරන්නෙ? (ස)