මොරගහහේන මිල්ලෑව සුවඳ විළවුන් කම්හලක වැඩවර්ජනය කළ සේවකයන් හා වැඩට කුළියට ගෙන ආ බව කියන සේවකයන් අතර ආරවුලක දී පොලීසිය කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාරයක් එල්ල කළේය.
කාන්තාවක හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු හය දෙනෙක් තුවාල ලබා හොරණ, පාදුක්ක හා හෝමාගම රෝහල්වලට ඇතුළු කරනු ලැබ සිටිති.
කුලී සේවකයන් රැගෙන ආ බස් රියට වර්ජකයන් ගල්මුල් ගැසීම නිසා මේ ආරවුල ඇවිලී ගියේය.
වර්ජනය කළ සේවකයෝ දස දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ආයතනයේ ද සේවකයනගේ ද ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවූ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට පමණක් පඩි වැඩි කිරීමෙන් පසක් වන්නේ කුමක්ද? (නි)
මෙම ශ්‍රී ලාංකික කොම්පැනිය බං කොලොත් කිරීමට මෙම වර්ගයේම සුවඳ විලවුන් සහ ක්‍රීම් සාදන කොම්පැනි වල කුමන්ත්‍රණයක් විය හැක (ස)
නැහැ. මේ 2013 වර්ෂයේ ආරම්භය පමණයි. අවසානයේ තව ගොඩාක් දේවල් තිබෙනවා. (නි)
මෙම නව වසරේ වැඩ වර්ජන සම්පූර්ණයෙන්ම තහනම්ය. (නි)
සුවද ගහන හනක ගඳ ගහන වැඩක් (දී)