අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තේවා හා ආරක්ෂාව භාරව වසර 45ක් රාජකාරි කළ මහදුර කපුමහතා වන ටී කරුණාදාස මහතා (72) රාත්‍රී අභාවප්‍රාප්ත විය. මෑත ඉතිහාසයේ ශ්‍රී මහාබෝධියේ දීර්ඝතම සේවා කාලයක් සම්පූර්ණ කළ පුද්ගලයා කරුණාදාස මහතාය. විහාර ගම් නවයෙහි මෑත ඉතිහාසයේ නවවැනි ප්‍රධානියා ද වූ කරුණාදාස මහතා මහදුර ධුරයේ වසර 20කට ආසන්න කාලයක් ද ඊට පෙර ගම් දුර ධුරයේ වසර 21ක් ද රාජකාරි කළ අතර වසර 45කට අධික කාලයක් බෝධීන් වහන්සේගේ සාම්ප්‍රදායික රාජකාරි ඉටුකර තිබේ. ‘රෑ ගිනි මැළ ගහගෙන බෝධිය ආරක්ෂා කළ දිග ඉතිහාසයක් අපේ තාත්තාට තිබෙනවා.‘ යැයි ඔහුගේ පුත් ගම්දුර රෝහිත කරුණාදාස මහතා කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන ආත්මයේ නිසැකයෙන්ම සුභ තැනක උපදින්නට වාසනාව ලැබේවා.
ඔබතුමා කළ මෙහෙය අමිලයි. ජාතියක ප්‍රණාමය! නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව! (නි)
එතුමාට සුව නින්දක්. (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබ කළ පිනෙන් ඔබට නිවන් අත් වෙනවා අනිවාර්යයයි. (නි)
හොද හදවතක් ඇති මිනිසෙක්. බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා! (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව! (නි)
දැන් නිකම්ම කපුවා වුණත් මහදුරු හෙවත් මහයා යනු ලංකාවේ යුවරජ තනතුරයි. රටේ සමාජ ක්‍රමය යටත් විජිත යුගයේ වෙනස් වීමෙන් පසු මොවුන්ට තිබූ සමාජ තත්වය නැතිවුණා. ඔබට නිවන් සුව! (නි)
නිහඩව කළ සේවය සදා අමරණීයයි. (නි)