
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමෘද්ධියේ මුදල් සීයට දෙකේ පොලියට ලක්ෂ පහ ගානේ දීලා අස්වැසුම ඉවත් කරන්න ආණ්ඩුව සැරසෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඒ කාලේ වැරදි හොයනවා වගේම දැනුත් වැරදි පෙළ ගස්වමින් සිටිනවා. හැමදාම කෝපා එක ඔයගොල්ලොන්ට තියෙන්නේ නෑ.බණ්ඩාරවෙල ධර්මාශෝකයේ දරුවෙක් විද්‍යාගාරයේදී අත්වැරදීමකින් පිලිස්සීම ගැන මා පාර්ලිමේන්තුවේ කතා කළා.
දැන් ජනාධිපති අරමුදලින් මාසිකව රුපියල් 25000ක් ලබාදෙන්න පොරොන්දු වී තිබෙනවා.ඒ සඳහා මා ස්තූතිවන්ත වෙනවා.
සමෘද්ධි සමාජ සංවර්ධන අරමුදලේ මුදල් ලක්ෂ 87ක් වියදම් කර දිස්ත්‍රික්ක හයක නිලධාරින් අරලියගහ මන්දිරයට ගෙනැල්ලා රැස්වීමක් තිව්වා.මේවා සමෘද්ධි නිලධාරීන් ටිකට් විකුණලා හොයපු සල්ලි.හෙට අනිද්දට අස්වැසුම කපන්න හදනවා.සමෘද්ධියේ මුදල් සීයට දෙකේ පොලියට ලක්ෂ පහ ගානේ දීලා අස්වැසුම ඉවත් කරන්න ආණ්ඩුව සැරසෙනවා.මේ ආණ්ඩුව සැරසෙන්නේ සමෘද්ධියට අනිච්චාවත සංඛාරා කරන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් දරුනු ශාපයක් මේ රටට
ඒ කාලේ සමුර්දි සහනාධාර හොරා කාපු උනුත් හිටියා.දැන් හරියට අවස්ය අයට ආදාර ලබා දෙනවා. .
සමෘද්ධිය කියන්නේ නිකමුන් බෝකරපු ව්‍යාපෘතියක් මිස රට හෝ සමාජ සංවර්ධනය කල දෙයක් නොවේ.අස්වැසුමත් එසේමයි.දෙන සල්ලිවලට අතවත් නොතියන අය ඕන තරම්.රැකියාවලට යන අයත් ගන්නව.
කිසිම කෙනෙකුට නිකන් කන්න දෙන්න එපා... අපේ බදු සල්ලි අපෙන් අහන්නේ නැතිව කාටවත් දෙන්න අපි කතිරය ගැහුවේ නෑ.