IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගමාලාවට අයැදුම්පත් කැඳවයි

අත්පන්දු කී‍්‍රඩාව දිවයින පුරා ප‍්‍රචලිත කිරීමේ අරමුණින් මෙම වසරේදී (2012) පැවැත්වෙන සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගමාලාව සඳහා පාසල්වලට දැන් අයැදුම්පත් යොමු කළ හැකි බව පාසල් අත්පන්දු සංගමයේ ලේකම් කපිල ප‍්‍රදීප් මහතා ‘ලංකාදීපයට’ පැවසීය. ශ්‍රී ලංකා අත්පන්දු සංගමයේ සහයෝගයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහිතව ඇරැඹි අත්පන්දු ක‍්‍රීඩාව මේ වන විට පාසල් 35 ක ක‍්‍රියාත්මක වේ. කණ්ඩායමකට අඩු පහසුකම් යටතේ ආරම්භ කළ හැකි මෙම ක‍්‍රීඩාව යුරෝපයේ ජනප‍්‍රිය ක‍්‍රීඩාවක් බවට පත්ව තිබේ. වයස 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ (බාලක/බාලිකා) ලෙස සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගමාලාව ක‍්‍රියාත්මකවේ. වයස 13 න් පහළ තරගාවලිය මැයි මස 25 සහ 26 පැවැත්වීමට නියමිතය. අත්පන්දු ක‍්‍රීඩාවට පිවිසීමට අපේක්‍ෂා කරන පාසල්වලට කපිල ප‍්‍රදීප්, ලේකම්, ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංගමය, ඞී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ 07 යන ලිපිනයට ලිඛිතව දැන්විය යුතුය. මේ පිළිබඳ වැඩි විස්තර 0773433870 යන දුරකතන අංක ඇමැතීමෙන් ලබාගත හැකිය. සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගමාලාව ක‍්‍රියාත්මකවන ආකාරය: 13 න් පහළ (බාලක/බාලිකා) /මැයි මස 25 සහ 26 15 න් පහළ (බාලක/බාලිකා) /ජුනි මස 22 සහ 23 17 න් පහළ (බාලක/බාලිකා) /සැප්තැම්බර් මස 21 සහ 22 19 න් පහළ (බාලක/බාලිකා) /ඔක්තෝබර් මස 24 සහ 25



අදහස් (0)

සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගමාලාවට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site