කතරගම පූජා නගරයේ හා අවට වඳුරන් හා රිලවුන් පළවා හැරීම සඳහා ‘දිවියන්‘ ගස්වල එල්ලා ඇත.

දිවියන් දුටු විට සාමුවන් පළා යතියි වැසියෝ කියති.

රෙදි කැබලිවලින් හැදූ දිවියන්ගෙන් හොඳ ප්‍රතිඵල ලැබෙතියි ද ඔවුහු කියති.

කතරගම දේවාලයේ පළතුරු, පොල් ආදිය කෑමට ද වන්දනාකරුවන් දෙන ආහාර බලාපොරොත්තුවෙන් ද මේ සත්තු සිය ගණනින් තැන තැන රැඳී සිටිති. ඇතැම් විට ඔවුහු ආක්‍රමණකාරී වෙති.