සෝමාලියා කැලයක සර්පයන් සතුන් හා කටුපඳුරු අතර වසර දෙකකුත් දින එකොළහක් සෝමාලි කොල්ලකරුවන්ගේ ප්‍රාණ ඇපකරුවකු වූ දොඩංගොඩ සරත්චන්ද්‍ර සූරසේන මහතා නිදහස ලබා ගෙදර ආවේය.
ඔර්නා නම් නැවේ විදුලි කාර්මිකයා වූ ඔහු ඇතුළු කාර්ය මණ්ඩලය 2011 දී කොල්ලකරුවන් අතට පත් විය. නැවේ ටික දිනක් සිටි ඔවුහු කාන්තාරයක් මැදින් මහ කැලයට රැගෙන ගිය බවත්, එහිදී පිටි ගුලි මඩ වතුරෙන් අනා කැලේ දරවලින් තම්බා රොටී හදාගෙන කුස ගින්න නිවා ගත් බවත් කෑමට වඩා ගුටි කෑ බවත් සූරසේන මහතා කියයි.
‘ඉඳහිට අර්තාපල් ගෙඩි දෙක තුනකුත් ලැබුණා. කැලේ සර්පයන් හරියට. ගෝනුන් වගේ සතුත් වර්ගයකුත් හිටියා. අවි ගත් මුරකරුවන් වටේම හිටියා. උන් කෑවෙත් පිටි ගුලි වලින් හදා වැල්ලේ යට කළ රොටීමයි.
නිදහස ලැබුණු හැටි නම් දන්නේ නෑ. හැබැයි විදේශ අමාත්‍යංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, නයිරෝබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මා මුදා ගැනීමට ලොකු වෙහෙසක් ගත් බව පසුව දැන ගත්තා. නැවේ කපිතාන් හා ඉංජිනේරුවා වූ සිරියන් ජාතිකයන් දෙදෙනාත් මා සමග නිදහස ලැබුවා. කාන්තාරය මැදින් කිලෝමිටර් 600 දුර ගෙවා මොගදිෂූ අගනුවරට පැමිණීමට අපි එක් අයකු ඩොලර් 10,000 (රුපියල් 1,300,000) බැගින් ගෙව්වා. මගේ සල්ලි ගෙව්වේ උන් දුන්නු බැංකු ගිණුමකට. ලන්ඩනයේ සිටි පුතා ඒ සල්ලි බැර කලා. අල්කයිඩා හා අල් සබා ත්‍රස්තවාදීන් කාන්තාරයේ සිටින නිසා උන්ගෙන් බේරී ඒමටයි ප්‍රාඩෝ දෙකකින් අප රැගෙන ආ ආරක්ෂකයන්ට ඒ ගාස්තුව ගෙව්වේ.
![pirates-]family-memgers2013.01.13_0006 සූරසේන මහතා පවුලේ අය සමග](http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2013/01/pirates-family-memgers2013.01.13_00063.jpg)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
09වෙනි පුදුමය (දී)
මේ වගේ දේවල් ගෙන රජය සොයල බලන්න ඕනේ (දී)
දිවි බේරාගෙන නැවත මව්බිමට පැමිණීමට හැකි වීම ගැන සතුටුයි.(ස)
මුදල් හරි ගෙවලා ජීවිතය බේරගෙන ගෙදර ආපු එක ලොකු දෙයක්. මොකද අද වෙනකොට ඒ රටේ මංකොල්ලකෑම දෙවියන් විසින් අනුමත කරදීලයි තියෙන්නෙ. (නි)
ඔබට මානසික සුවය ලැබේවා! (නි)
කොච්චර පිනක්ද ඒක (දී)
නීල් , මල් හරි පොල් හරි දෙන්න මේ පුවත සමග ඇමරිකාවේ සම්බන්ධය මොකද්ද? යූ. එන්. එකේ අපිත් සාමාජිකයෝනේ. (නි)
ඔබතුමා විදපු දුක් අහනකොට අපිට අපි ගැනම බයයි (දී)
මේවා අහද්දී නම් ඇමරිකාවට මල් දෙන්න හිතෙනවා. (නි)
ඇත්තමයි ජිවත් වෙන්න පිනක් තියෙන මිනිහෙක් (දී)
සමහරු දක්වන අදහස් වල කිසිම හරයක් නැහැ. ලංකාවේ මිනිස්සුන්ගේ මෝඩකමනේ. (නි)
නිල්ලා වගේ අය තමයි මල් ඇරෙන්න තවත් දේවල් දෙන්නෙත්. (නි)
තවත් ලෝක පුදුමයක් (දී)