එකොලොස් වසරක් පුරා කොටි සංවිධානයේ සටන් බල කොටුවක් වූ සාම්පුර් නවරත්නපුරම් වැසියෝ යුධ හමුදාවේ පහසුකම් මැද අද (01) යළි ගෙවල් දොරවල් බලා ගියහ.
යුද්ධයෙන් වසර තුනකට පසු ඔවුන් ගමට යන විට යුද නටබුන් දැකගත හැකි විය. වෙඩි වැදුණ බිත්ති, වහල නැති ගෙවල් ,ගෙවල් මැදින් නැගි ගස් එහි විය. අධි ආරක්ෂිත කළාපයක් වන සාම්පුර් නවරත්නපුරම් ගමේ පවුල් 138 පදිංචියට අවසර ලැබිණි. යුද හමුදාවේ 224 වැනි බල සේනාවේ කර්නල් විකුම් ලියනගේ ඔවුනට කෑම බීම ඇතුළු මූලික පහසුකමි සැලසීය.
යුද සමයේ ඔවුහු කිලිවෙඩ්ඩි සහන කඳවුරේ සිය නෑයන් සමග ගත කළහ. එකොලොස් වසරක් පුරා එහි සටන් මෙහෙය වූ කොටි නායකයන් දැන් රිමාන්ඩ් භාරයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකොලොස් වසරක් පුරා එහි සටන් මෙහෙය වූ කොටි නායකයන් දැන් රිමාන්ඩ් භාරයේය. බොරු බොරු . (ස)
මේවා මුස්ලිම් අයගේ ගම් බිම්. (නි)
දැන්වත් තේරුම් ගන්න රණවිරුවන්ගේ අගේ (ස)
අපිත් හරි කැමතියි අපේ සහෝදරයොත් එක්ක එකට අත්වැල් බැඳගෙන පෙරටම යන්න. ඔයාලගේ හිත්වල තියෙන ඔය කුහක අදහස් දැන්වත් නවත්වලා දාන්න බලන්න දෙමළ සහෝදරවරුණි (ස)
මේ ලෙස නිවැරදි විය යුතුයි.. සමහර කොටි නායකයන් රිමාන්ඩ් සමහර අය එලියෙ..!(නු)
ජාතික සමගිය ඇති කරන්නත් එක්ක නරකද සිංහල පවුල් ටිකකුත් මේ ගම්වල පදිංචි කලොත්? (නදී)
ජය වේවා සෙබල සොයුරනි, (ස)
පින් දෙන්න ජනාධිපතිතුමාට, රණ විරුවන්ට (ස)
යුද්ධය අවසන් වෙලා වසර තුනක් ගියත් ඇයි මිනිසුන් තවමත් අනාථ කදවුරු වල ඉන්නේ? (නි)
මම මේ දේ පහත් කරනවා නෙමෙයි. ඒත් ලංකාවේ අනෙක් හැමදේටම වගේ මේ දේටත් කල්මැරුවා වැඩියි.
පින් දෙන්න රණවිරුවන්ට (ස)
පිටිගල මහත්තයෝ, පදිංචි කරන එකනම් හොදයි. නමුත් ආරක්ෂාව තහවුරු කරන්න ඕනෑ. මොකද මිනිසුන් තුළ පැවතුන යුධබිය තවම තිබෙනවා. (නි)