(අරුණ ජයවර්ධන - පර්ත් නුවර සිට) - ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයන් තමන් ලංකාවෙන් ලැබූ නිදහස් අධ්‍යාපනයට කෘත ගුණ සැලකීමක් වශයෙන් "පර්ත් රිද්ම රැයක් " නමින් ප්‍රසංගයක් පවත්වා ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පිඩාවිදී දුෂ්කර පාසල් තෝරා ඒවා නවීකරණය කිරීමේ වැඩ පිළිවෙලක් වර්ෂ 2011 සිට ක්‍රියාත්මක කරයි. එහි පළමු වර්ෂයේදී 2011 වසරේ වැලිඔය ඇතාවමුනු වැව මහා විද්‍යාලයේ පානිය ජාල හා සනීපාරක්ෂක පහසුකම් , ගුරු නිවාස අලුත් වැඩියාව සහ අනෙකුත් පාසල් ගොඩනැගිලි පිළියෙළ කරන ලදී.
දෙවැනි පියවර ලෙස අම්පාර හුලංනුගේ මහා විද්‍යාලය හා මඩුපාර සිංහල විද්‍යාලයට අවශ්‍ය අඩුපාඩු සම්පුර්ණ කර දීමට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර අවසන්ව ඇති අතර ඒ සඳහා "පර්ත් රිද්ම රැයක්" දෙවැනි ප්‍රසංගය 02.02.2013 දින පැවැත්විණි. මෙම ප්‍රසංගය ඕස්ට්‍රේලියාවේ ජිවත්වන කලාවට ලැදි සියලු දෙනාට තම කුසලතා පෙන්වීමට අවස්තාවක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නැති කාලෙක ඔබේ දරුවනුත් ලංකාව අමතක නොකර ඉන්නවා නම් කොයිතරම් හොදද? (ස)
මෙන්න නියම ලාංකිකයෝ. ඔබටත් උදවු කළ සැමටත් තිසරණ සරණයි. මෙය සංවිධානය කළ පිරිසට සුභ පැතුම්!.ඔබ සැමට වාසනාවන් (ස)
මෙන්න නියම ලාංකිකයෝ. ඔබටත් උදවු කළ සැමටත් තිසරණ සරණයි. (නි)
ඇත්තටම පිළිසරණක් අවශ්‍ය අයට ඔබ පිරිස උදවු කරලා තියෙන්නේ. රටේ වෙන සමහර ව්‍යපෘති වලින් මේ වගේ සාමාන්‍ය ජනතාවට අත්වන ප්‍රතිලාබ අඩූයි. මේ දරුවනුත් ඔවුන්ගේ දෙමාපියනුත් සැමදාමත් ඔබ සැමට පින් දෙනවා ඇති. ඔබ සැම කළ මෙම කාර්යයට අපේ ප්‍රණාමය. (නි)
ඔබ සැමට වාසනාවන් (ස)
මෙය සංවිධානය කල පිරිසට සුභ පෑතුම් ....අනිත් සංවිධානත් ප්‍රසංග, සංදර්ශන වලින් හොයන සල්ලි ටිකක් හරි මේ විදියට ලංකාවට ආධාර කරනවානම් කොයිතරම් හොදද .....(ස)
හොඳ වැඩ වලට අපි ෆුල් සපෝර්ට්.(නදී)
අපේ කම කියන්නේ ඕකට තමයි.(නදී)
ඔබට තෙරුවන් සරණයි...! (ස)
විශිෂ්ටයි. නායකත්ව ගුණාංග සුබවාදී ආකල්ප සංවර්ධනය වැනි ගුණාංග මෙවැනි දුෂ්කර පෙදෙස් වල දරුවන්ගේ ඇති කල හැකිනම් තවත් විශිෂ්ටයි.(නදී)
අපේ කම කියන්නේ ඕකට තමයි (දී)
ඔබ එවන ලද අදහස් අප තව තවත් දිරිගන්නෙමු . බොහොම ස්තුතීයි.. - පර්ත් රිද්ම රැයක් සංවිධායක කමිටුව (ස)
මේවා හොඳ වැඩ. අපගේ සිංහල ජාතික උරුමයන් විදහා දැක්වීම , විදේශ රටවලදී . අපි මෙය අගය කරමු (නි)
ඔබ මෙල්බෝන්, සිඩ්නි සහ අනිත් නගරවල ලාංකික සංවිදාන වලට උතුම් ආදර්ශයක් දී ඇත. (නදී)
කරනවා නම් මෙන්න වැඩ. රට රටවල ඉන්න අය මේ වගේ ලංකාවට සුළු සුළුවෙන් හරි උදවි කරනවා නම් ඒක යුතුකමක්.(නදී)
නියමයි.. ඔහොමම තමා ඉන්න ඕනේ... විශිෂ්ඨයි...! (ස)
මෙය සංවිධානය කළ පිරිසට සුභ පැතුම්! (නි)