මේ මස 31 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ මූලික ඉලක්කය ‘සුපිරි හය’ වටයට පැමිණීම බව ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධන පැවසුවාය.
”විස්සයි20 ලෝක කුසලාන සහ ආසියානු කුසලාන (කාන්තා) තරගාවලිවලදී සිදුවූ දේ පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කළා. පුහුණු තරග 10 කට පමණ සහභාගි වීමේ අවස්ථාව ලැබීමෙන් අපි හොඳ සූදානමිකින් සිටිනවා” යැයිද ශෂිකලා පැවසුවාය.
ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය පෙබරවාරි 02 වැනිදා එංගලන්තයට එරෙහිව පැවැත්වේ. ශ්‍රී ලංකා පිල මේ මස 26 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතය:
ශෂිකලා සිරිවර්ධන (නායිකා), සඳමාලි දොලවත්ත (උප නායිකා), චමරි අතපත්තු, ලසන්ති මධුෂානි, ඩිලානි මනෝදර, ඒෂානි ලොකුසූරිය, චමනි සෙනෙවිරත්න, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේෂිකා ප‍්‍රබෝදනි, ප‍්‍රසාදිනී වීරක්කොඩි, දීපිකා රසාංගිකා, ඉනෝකා රණවීර, ඕෂදී රණසිංහ, යශෝධා මෙන්ඩිස් සහ ෂෙරීනා රවිකුමාර්
අතිරේක ක‍්‍රීඩිකාවෝ:
රංගිකා ප‍්‍රනාන්දු, නිලක්‍ෂි ද සිල්වා, නිපුනි හංසිකා, දර්ශනී ධර්මසිරි සහ චමරි පොල්ගම්පොල
ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වන පළමු වටයේ තරග
ජන. 28 වැනිදා - ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අතර පුහුණු තරගය මුම්බායිහිදී
ජන. 30 වැනිදා - ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර පුහුණු තරගය මුම්බායිහිදී
පෙබ. 2 වැනිදා - ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මුම්බායිහි වැන්කඬේ ක‍්‍රීඩාංගණයේදී
පෙබ. 4 වැනිදා - ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මුම්බායිහි මිඞ්ල් ඉන්කම් ගෘප් ක‍්‍රීඩාංගණයේදී
පෙබ. 6 වැනිදා - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුම්බායිහි වැන්කඬේ ක‍්‍රීඩාංගණයේදී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුර ඈත පළාත් වල හුගක් දක්ෂ ක්‍රීඩිකාවන් සිටිනවා. (නි)
කුසලානය ගන්නවා කියලා පුරසාරම් කියවනවාට වඩා කරන්න පුළුවං හැටියට අවසාන 6 අතරට එනවා කීමට නිහතමානීවීම ගැන ප්‍රශංශා කළ යුතුයි.!(නු)
නංගිලා, කතා ඇති. මේ පාරවත් ගොඩයන්න බලමු නේද? (නි)
හැමදාම ඉලක්ක අල්ල අල්ලා ඉදලා වැඩක් නැහැ. කවදාද අනේ තරගයක් දිනන්නේ? (නි)
අවසන් හය දෙනා අතරට නෙමෙයි, ෆයිනල් එක දක්වා එන්න බලන්න. (නි)
ඇත්ත රොෂාන්.. ඒත් තාම මේ වයසක අයනේ ගහන්නේ.. හැමදාම මෙතැනමයි.. සමහර අය මේකෙම ඉන්න හදනවා හැමදාම...!(නු)
ඔබ සැමට බුදු සරණින් ජය පතමි. (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
අපි ඔබට සුබ පතනවා. (ස)