සනිල් නිදූෂගේ (9/7) දෙවැනි කඩුලූ ත‍්‍රිත්වය නිසා වත්තල ශාන්ත අන්තෝනි විදුහල වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී ශාන්ත අන්තෝනි විදුහල් ක‍්‍රීඩකයෝ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට එරෙහිව කඩුලූ 1 ක තියුණු ජයක් ලැබූහ.
දකුණතින් වේග පන්දුයවන සනිල් නිදූෂ මෙම තරගවාරයේ දෙවැනි කඩුලූ ත‍්‍රිත්වය දවාගනිමින් ලකුණු 9 කට කඩුලූ 7 ක් දවාගැනීමට සමත් විය. සනිල් දෙවැනි වටයේදී වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලට එරෙහිව ද කඩුලූ ත‍්‍රිත්වයක් ලබාගත්තේය.
ධර්මාශෝක විදුහල පළමු ඉනිම 118 (හරීන් වීරසිංහ 37, රවිඳු ද සිල්වා 27, සනිල් නිදූෂ 9/7, මධුෂාන් පෙරේරා 2/2)
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම කඩුලූ 9 ට 120 (ඩිලන් ප‍්‍රසන්න 20, සලිත් ප‍්‍රනාන්දු 16, අරින්ද චතුරංග නොදැවී 16, උෂාන් ඉමන්ත 20/4, රවිඳු ද සිල්වා 13/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd