සනිල් නිදූෂගේ (9/7) දෙවැනි කඩුලූ ත‍්‍රිත්වය නිසා වත්තල ශාන්ත අන්තෝනි විදුහල වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී ශාන්ත අන්තෝනි විදුහල් ක‍්‍රීඩකයෝ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට එරෙහිව කඩුලූ 1 ක තියුණු ජයක් ලැබූහ.
දකුණතින් වේග පන්දුයවන සනිල් නිදූෂ මෙම තරගවාරයේ දෙවැනි කඩුලූ ත‍්‍රිත්වය දවාගනිමින් ලකුණු 9 කට කඩුලූ 7 ක් දවාගැනීමට සමත් විය. සනිල් දෙවැනි වටයේදී වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලට එරෙහිව ද කඩුලූ ත‍්‍රිත්වයක් ලබාගත්තේය.
ධර්මාශෝක විදුහල පළමු ඉනිම 118 (හරීන් වීරසිංහ 37, රවිඳු ද සිල්වා 27, සනිල් නිදූෂ 9/7, මධුෂාන් පෙරේරා 2/2)
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම කඩුලූ 9 ට 120 (ඩිලන් ප‍්‍රසන්න 20, සලිත් ප‍්‍රනාන්දු 16, අරින්ද චතුරංග නොදැවී 16, උෂාන් ඉමන්ත 20/4, රවිඳු ද සිල්වා 13/2)
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සනිල්ගේ (9/7) දෙවැනි කඩුලූ ත‍්‍රිත්වය වත්තල ශා. අන්තෝනි විදුහලට ජයගෙනේ