සුනන්දෝපනන්දාරාමාධිපති නාහිමියන් ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු කළුතර කැලිඩෝ වෙරළේදී උතුරු කළුතර පොලීසිය අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිතය.
දැනට සැකපිට හය දෙනෙක් අත්අඩංගුවේ සිටිති. ඝාතකයන් භාවිත කළ ත්‍රිරෝද රිය කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල තිබියදී සොයා ගෙන ඇත.
අත්අඩංගුවේ සිටින තිදෙනකු ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු දනිතියි පොලීසිය කියයි.
සැකකරුවන් ඝාතනය සඳහා ගෙන ආ පිහි හිමියන්ගේ සිවුරේ ඔතා ගෙන ගොස් පානදුර පාලම අසලින් බෙල්ගොඩ ගගට වීසි කර ඇතැයි හෙලිවී ඇත.
බණ්ඩාරගමදී මරා දැමූ සැකකරුවකුගේ පුතකුද කැලිඩෝ වෙරළේදී අත්අඩංගුවට පත් අය අතර සිටී.
අත්අඩංගුවට පත්වූවන් අතර අවුරුදු 17-18 වයසේ දෙදෙනෙක් ද සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වැඩිමනක් අපරාධ කරන්නේ ත්‍රීවිල් තරුණ ගැටවු. (නි)
මේ වගේ අපරාධ කාරයොන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඔන. ඒත් දැන් විතරක් ශරීයා නීතිය හොඳ උනේ කොහොමද? ඉස්සර ඔයගොල්ලො බැන්න නේද? කව්රු මොනව කිව්වත් ශරීයා නීතිය තමයි ලොකෙට හරියටම හරියන්නේ. (ස)
මෙයාලා ගෝල්ෆේස් පිට්ටනියට ගෙනැල්ලා හොද දඩුවමක් දෙන්න. (නි)
මෙහෙම අපරාධකාරයෝ රටට ජාතියට බරක්. (නි)
මේ සෙල්ලම දැන් නම් ලංකාවේ කියලා වැඩක් නැහැ. (නි)
මේ වගේ අය ලොවින්ම තුරන් කල යුතුයි (ස)
අනේ හාමුදුරුවනේ, අපේ රට වෙච්ච දෙයක්? (නි)
පසුගිය වසර 20-30 අතරතුර ත්‍රස්ත ක්‍රියා සහ දේශපාලන හැළහැප්පීම් නිසා දරුවන්ගේ මූලික අධ්‍යාපනයට සිදුවූ නොයෙකුත් හානි, මෙවන් මහපොළොව නුහුලන අපරාධ සිදුවීමට හේතුව යැයි මට හැගේ.
මේ පව්කාරයන්ට ශරියා නීතිය ක්‍රියාත්මක කරන්න. (ත)
මේ ගැන පොලිසියට පැමිණිලි 11 ක් කරලා තියෙනවා. නමුත් ඒ පිළිබදව හරි විමර්ශනයක් සිදු වුනා නම් වටිනා ජීවිතයක් බේරගන්න තිබුනා. (නදී)
මේ වගේ අපරාද කරන දේශපාලඥයන් බිහිවන්නේ මනාප ඡන්ද ක්‍රමය නිසා. මනාප දේශපාලනය වහා වෙනස් කළ යුතුයි. ඒ සදහා මහ සංඝරත්නය ඇතුළු පූජක උතුමන්ලා පෙරමුණ ගත යුතුයි.(නදී)
වගකීම භාරගන්ඩ ඕන පොලීසිය. නියපොත්තෙන් කරන්ඩ තිබුණ දේ පොරවෙන් කපනකල් බලාගෙන ඉන්න එක තමයි අපේ රටේ පොලිසි වැඩිපුරම කරන්නේ. පොඩි මිනිහට පාට් දාන්ඩ විතරයි පුළුවන්. (නි)
මේ, මෙතන අදහස් වපුරන අය ශරීයා නීතිය ගැනවත් සෞදිය ගැනවත් කථාකරන්න එපා. ඒවා ලංකාවට තහනම් වචන. (නි)
රොහාන්, ශරියා කියන්නෙ මිනිසත්කමට නොහොබිනා තිරිසන්නුන්ගේ නිතියක්. අපේ රටට එක එක නම් වලින් නීති ඕනෑ නැහැ. මෙහේ ඒවා බැහැ. ඔයාට ඕනෑ නම් අරාබියට ගිහින් ඒ ආගම වැළදගෙන ඒ නිති අනුව ජීවත් වෙන්න. වැරදිකාරයන්ට ලංකා නීතියෙන් දඬුවම් ලැබේවි. ඒවාගේම එයාලා කරපු පවු එයාලම ගෙනියයි. (නි)
කාට කියන්නද මේ දුක (දී)
මේ මනුස්සයා හොද කෙනෙක් නෙමෙයි? (නදී)
ත්‍රීවිල් රටට ජාතියට බරක් (ස)
ෂරියා නීතියවත් හලාල් සහතිකයවත් අපට එපා. වැරදිකරුවන්ට ලංකාවේ ඇති නීතිය යටතේ උපරිම දඩුවම් දෙන්න. වැරදිකරුවන්ට කාගෙන් බේරුණත් කර්මයෙන් බේරෙන්න බැහැ. (නි)
මොරටුවේ පොලිසියේ ලොක්කගෙ ක්‍රියාකලාපය පිළිබ‍්දව වෙනම පරික්ෂනයක් කරන්න.(නදී)
තාත්තලව නම් දැන් එලොව ඇරියා. පුතාලට දැන් මොකද කරන්නේ.(නදී)
අවුරුදු 17 ක් සහ 18 ක් නමි පවි නිදහස් කරන්න ඕනේ.(නදී)
වරද කරුවන්ට උපරිම දඩුවම දෙන්න ඕනේ (දී)
මෛත්‍රී කරන්නේ කොහොමද මෙහෙම පව්කාරයෝ ඉන්නකොට (ස)
කටිටියම කාලි කෝවිලට බාර දෙන්න.(නදී)
රටේ නීති තද මදි. ටික ටිකයි මේ අවය මරන්න ඕනි (ස)
අවුරුදු 17-18 ළමුන් අරගෙන ගිහින් තියෙන්නේ මිනී මරන්න පුරුදු කරන්න වෙන්න ඇති.(නදී)
රොහාන් හරි .නමුත් මේකටත් සමහරු ඉරිසියා කරාවි (ස)
හලාල් ලාංඡනයට ඇගිල්ල දික්කරන්න ඉස්සර මේ වගේ මනුස්ස ඝාතන නැතිකරන්න උත්සහ කරන්න. (නදී)
ආහස පොලොව නුහුලන අපරාධ (දී)
මෙහාට හරියන නීතිය තියෙන්නේ සෞදි අරාබියෙයි.(නදී)
පරික්ෂන පවත්වන පොලිස් නිලධාරීන්ට මහජනතාවගේ උත්තමාචාරය. (නදී)
දඩුවම් දෙන්න (දී)
අවිද්‍යාවෙන් පිරුන මනුෂ්‍යයයා තමයි දුක දෝමනස්සයන් මග හැරීමට විෂම මාර්ගයක් තෝරගෙන තවත් දුකට පත්වෙන්නේ.(නදී)
මේකට වගකියන්න ඕන මොරටුව පොලීසිය (ස)
අපරාධකරුවන් නිරයටම යත්වා.(නදී)
මේ අය වෑඩේට හවුල් නන් අර මොරටුවෙ දෙන්නට කරපු දේම තමයි කරන්න ඕනි. හිර ගෙදරට යවල මේ අයට මහජන සල්ලිවලින් කන්න බොන්න දෙන්න ඔනි නෑනෙ.(නදී)
මේ මිනීමරුවන් වෙරලේ හිටියේ මුහුදින් නාලා පව් සෝදගන්නද?(නදී)