ශ්රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු සුපිරි පිතිකරු සහ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සනත් ජයසූරිය මහතා පත්කිරීමට ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පියවර ගෙන තිබේ. මෙම කමිටුවට හිටපු ප‍්‍රබල වේග පන්දුයවන්නකු වන ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතා ද ඇතුළත්ව සිටියි.
ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නව නිලධාරී මණ්ඩලය: සනත් ජයසූරිය (සභාපති), ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, චමින්ද මෙන්ඩිස්, ඒරික් උපශාන්ත සහ හේමන්ත වික‍්‍රමරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොද තීරණයක්.. හිටපු විෂිශ්ඨම ක්‍රීඩකයෙක් විදියට ඔහුට ලංකාවෙ ක්‍රිකට්වලට හොද සේවයක් කළ හැකියි..!(නු)
බාස් කෙනෙක්ට ඉන්ජිනේරුවෙක් වෙන්න බෑනේ..මේකත් ඒ වගේ තේරුම් අරගත්තොත් හොඳයි (ස)
දේශපාලකයෙක් නිසා දේශ පාලකයන්ට යටනොවී ක්‍රීඩාව දියුණු කිරීමට හැකිවේවා (ස)
ඇයි චමින්ද වාස්ට කිසිම තනතුරක් නැත්තෙ..!(නු)
මගේ පාසලේ කෙනෙක් විදියට මේ තනතුර සනත්ට ලැබුණට එතරම් සතුටු නැහැ.. මොකද යම් හෙයකින් සනත් අසාර්ථක උනොත් ඔහු හදාගත්ත නමට ලොකු කැළලක් ඇති වෙයි.. මොනවා උනත් දැං ඉතිරිව තියෙන්නෙ ඔහුට හදවතින්ම සුභ පතන්න විතරයි..!(නු)
අයියෝ මමනම් මුකුත් කියන්නේ නෑ (ස)
සුදුස්සාට හිමිවිය යුතුත සුදුසු තනතුර දීමට තේරුම් ගිය එක ලොකු දෙයක්.!(නු)
සනත් හොද මහත්මයෙක්.. එයාට ක්‍රිකට් දියුණු කරන්න සැබෑ උවමනාවක් තියෙනවා.. (නු)
බලමු මොකද වෙන්නේ කියලා . ක්‍රිකට් වලට සාධාරණයක් ඉෂ්ඨකරන්න ලැබේවා !!(ස)
ගුවන්සේවිකාවන් ගෙන් යුත් කණ්ඩායමක් හදමුද ?(නු)
සමහර අය නම් මේකෙ පදිංචිවෙලා ඉන්න අයනේ..!(නු)
හොඳ වැඩක්. නැවුම් බලාපොරොත්තුවක් (ස)
මෙයාගේ වැඩ බලමුකේ..!(නු)
ප්‍රමෝදය ගියෙත් මේකටනේ..!(නු)
මම නම් කියන්නේ මෙයාට තුන්පාරක් මේ තනතුර දෙන්න කියලා.. මොකද මෙයා හැම දෙයක්ම තුන්පාරක් කරනවා..!(නු)
දැංවත් හරියට වැඩේ සිදුවෙයිද? සනත් ඔබට අපේ සුභ පැතුම්..!(නු)
අනේ මන්දා මට නම් පතෝල වගේයි..!(නු)
අපි බලමු මොකද වෙන්නෙ කියලා.. ක්‍රිකට්වලට සුභ අනාගතයක්..!(නු)
දැන් ඉතින් සංගාටයි මහෙලටයි සොරි තමයි (ස)
පිත්තයි පන්දුවයි පුටුවට යට කරන්න එපා..! දේශපාලන කණ්නාඩිය ගලවා බලා වැඩ කරන්න එපා..!(නු)
සනත් ආව කල් වැඩියි . (ස)
කවුරු ආවත් එකම දේ තමයි.. තමන්ගේ වාසියට වැඩ කරන්නේ අපි ශ්‍රී ලාංකිකයෝ නේ..!(නු)
සනත් ගැනතියෙන දේශපාලන ආකල්පය කෙසේ වෙතත් සනත් ජාතික හැගීම ඇති ක්‍රීඩකයෙක් විදියට මෙතන හොදක් කළොත් හොදයි.. අපි ඉල්ලා සිටින්නේ මේ වගේ සම්පත් (අර්ජුන, අරවින්ද,වාස්, මහානාම) මේ ක්‍රීඩාවේ දියුණුවට යොදා ගන්න කියලායි..!(නු)
ජය වේවා සනත් අයියේ (දී)
සනත් ක්‍රීඩකයෙක් වගේම හොඳ මනුස්සයෙක්. අපිට එයාගේ පුද්ගලික ජීවිතේ වැඩක් නෑ. හැබැයි ස්වාධීනව වැඩ කරන්න එයාට ඉඩ දේවිද ? (ස)
කාන්තා කණ්ඩායම තොරන්නෙත් මෙයාමද...? .(ස)
අපි සනත්ට තරගාවලියක් දීලා බලමු. (නි)
මංජුල ඒක තෝරන එක ඔයාට දෙන්නම්...!(නු)
ලංකා ක්‍රිකට්වලට මොනවාද වෙන්නේ කියලා බලමු..!(නු)
සනත් හොරකම් නොකරන මහත්මා දේශපාලකයෙකි (නු)
සනත් තමයි ඉතාම සුදුසු. (නි)
අරවින්ද , සරත් , වාස්, මුරලා, ගුරුසිංහත් ආවනම් කොච්චර හොඳද ?(ස)
සනත් ඔබට සුභ පැතුම්! ලෝක කුසලාන තරඟාවලි 4කදීම අවසන් තරඟ පරාජය වීම ගැන සොයා බැලීම සුදුසුයැයි සිතමු. එක් පන්දු යවන්නෙක්ගේ එම අවසන් තරඟ 4 දීම ඉතාමත් දුර්වල පන්දු යැවීම ගැන නැවත විමර්ශනය කරන්න. ඔහු පන්දු යැව්වේ අනෙක් කණ්ඩායමට ලකුනු ලබාදීමටය. එම තරඟවල වීඩියෝ නැවත විමර්ශනයෙන් ඔබටද ඒ බව පෙනී යනු ඇත. ඔහුගේ පන්දු පතිතකළ ස්ථන පවා සැළකිල්ලෙන් විමර්ශනය කරන මෙන් ඉල්ලා සිටිමු. එසේම ඔහුගේ එම තරඟ 4 පන්දු යැවීමේ දත්ත සමඟ අනෙක් තරඟවල දත්ත සසඳා බලන මෙන් ඉල්ලා සිටිමු. ලෝක කුසලාන තරඟ 4 කදී දෙවැනියන් වීම නොව මුදලට තරඟ පාවා දී අප රට දෙවැනි තැනට දැම්මා යන හැඟීම ප්‍රේක්ෂක අප තුළ ඇත. කරුණාකර රට වෙනුවෙන් පරීක්ෂණයක් කරන්න. එවැනි සැක සහිත මුදලටම ගිජුවූ ක්‍රීඩකයින් තීරනාත්මක තරඟ වලට තෝරා ගැනීමෙන් වළකින්න. (නි)
සනත් තමයි ඉතාම සුදුසු (ස)
අනේ මන්දා කරලාම බලමුකෝ..!(නු)
දේශපාලනයෙන් තොරව ස්වාධීනව කටයුතු කළොත් ඔබට ජය හිමියි... හරියට ඔබ පිත්ත අතට ගත්තා වගේ..!(නු)
සනා මල්ලි, කවුරු මොනවා කිවුවත් ඔයා කරබාගෙන ඔයාගෙ වැඩ පෙන්නන්න. (නි)
සාධාරණ විදියට වැඩ කරොත් හොඳයි (ස)
සනත්ට මේ තනතුර කිසිදු බලපෑමකින් තොරව කරගෙන යාමට හැකි වේවා (ස)
මම නම් හදවතින්ම සනත්ට සුභ පතනවාද? ඒ වගේම කළු මහානාම චමින්ද වාස් වැනි හිටපු ක්‍රීඩාකාරයන්ගෙනුත් ප්‍ර යෝජනයක් ගන්න බලන්න ක්‍රීඩාවේ දියුණුව උදේසා..!(නු)
ඔක්කොම දකුණෙන්ම කණ්ඩායමට ඒවිද?(නු)