ශ්‍රි ලංකාවේ 65 වනි නිදහස් සමරු උළෙල සෞදි අරාබ්යේ තානාපති කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවැතියේය.
රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති සිරිපාල ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතියේය. පොල් තෙල් පහන දල්වා ජාතික ධජය ඔසවා ජාතික ගීය ගැයු අතර සිංහල, දෙමළ, ඉංග්‍රිසි, හා අරාබි භාෂාවලින් සියලු ආගමික වතාවත් සිදු විය.
ජනපති අගමැති හා විදේශ ඇමති නිදහස් සමරු පණිවිඩය කියවීමෙන් අනතුරුව ගම්මන්පිල මහතා නිදහස් දින සමරුව පිලිබදව විශේෂ දේශණයක් පැවැත් වීය.
සෞදි අරාබියේ වෙසෙනා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වාර්ශිකව අප මව් බිමට බැර කරන විශාල රට සල්ලි ප්‍රමාණය අමතක නොකල යුතු බවත් ඔවුන් වෙනුවෙන් හා ඔවුන්ගේ සුරක්ෂිත භාවය වෙනුවෙන් සේවය කිරීම නව තානාපති කාර්යාලයේ වගකීමක් බවත් ඉදිරියටත් සේවය ශක්තිවන්තව කරගෙන යාම තම අරමුණ බව ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙටම පාඩමක් ඒක (දී)
රිසානාව මරාගත්ත රටේ මෙහෙම කරන්න පුලුවන්ද? (නි)
කොහොම වුණත් සෞදි ඉන්න කෙනෙක් හැටියට මම මේ උත්සවය ගොඩාක් අගය කරනවා .මගේ හදපිරි සතුට........!!! (නි)
අගය කිරීම මිස විවේචනය හොද නැති ක්‍රියාවක් කියලා හිතුවොත් ඒක සෞදියේ වෙසෙන අපි හැමටම ශක්තියක් වේවි නේද? (නි)
හරිම ලැජ්ජයි. එක්කෙනයි ජාතික ඇදුම ඇදලා තියෙන්නේ. බලන්නත් ලස්සනයි. අනිත් අය ඇදලා තියෙන්නේ බටහිර පන්නෙට. මේ මොන වර්ගයේ නිදහස් දිනයක්ද? ඇයි මේ දිනයටවත් ජාතික ඇදුම අදින්න බැරි.(නදී)
සිංහලයාගේ නියම ජාතික ඇදුම අමුඩයයි. (නි)
අප නිදහස් උත්සවය සෞදියේ මේ අයුරින් පවත්වන්නට අවස්ථාව දී තිබියදී මේ අය පවසන්ෙන් දොස්මයි. පවත්වන්නට නොදුන්නානමි ප්‍රතිචාරයන් කෙසේ තියේවිද? සුබවාදීව දකින්න පුරුදුවෙන්න.(නදී)
පාටි එකට ඌරැ මස් ගෙනාවේ නැද්ද ? (ස)
ඡායාරූපයේ පෙනෙන විදියට නම් තානාපති තුමා ඇතුළු කාර්ය මන්ඩලය පමනක් බවයි පෙනේන්නේ. මොනවා උනත් එතුමා රජයේ සුදල් නාස්ති කරලා නැතුව වගෙයි.(නදී)
සෞදියේ ඉන්න ලාංකිකයින්ට ස්තුති (දී)
මේ වගේ ජාතිය පාවාදෙන මුදල් තන්හා හොරුන්ට කොහෙද ජාතික ඇදුම අදින්න ශක්තියක්. මේ සේරම මහත්හොරු. ලංකාවේ කිසිම අසරන වෙච්ච කෙනෙකුට මේ හොරුන්ගේ හදවත උනුවෙලා නැහැ.(නදී)