IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සෞදි නිදහස් උළෙල

ශ්‍රි ලංකාවේ 65 වනි නිදහස් සමරු උළෙල සෞදි අරාබ්යේ තානාපති කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවැතියේය.

රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති සිරිපාල ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවතියේය. පොල් තෙල් පහන දල්වා ජාතික ධජය ඔසවා ජාතික ගීය ගැයු අතර සිංහල, දෙමළ, ඉංග්‍රිසි, හා අරාබි භාෂාවලින්  සියලු ආගමික වතාවත් සිදු විය.

ජනපති  අගමැති හා විදේශ ඇමති නිදහස් සමරු පණිවිඩය කියවීමෙන් අනතුරුව ගම්මන්පිල මහතා නිදහස් දින සමරුව පිලිබදව විශේෂ දේශණයක්  පැවැත් වීය.

සෞදි අරාබියේ  වෙසෙනා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්  වාර්ශිකව අප මව් බිමට බැර කරන විශාල රට සල්ලි  ප්‍රමාණය අමතක නොකල යුතු බවත් ඔවුන් වෙනුවෙන් හා ඔවුන්ගේ සුරක්ෂිත භාවය වෙනුවෙන්  සේවය කිරීම නව තානාපති කාර්යාලයේ වගකීමක් බවත්  ඉදිරියටත් සේවය ශක්තිවන්තව කරගෙන යාම තම අරමුණ බව ඔහු කීවේය.



අදහස් (0)

සෞදි නිදහස් උළෙල

ශාරිෆ් Monday, 11 February 2013 10:21 AM

ලෝකෙටම පාඩමක් ඒක (දී)

:       0       0

ජයන්ත Sunday, 10 February 2013 08:48 PM

රිසානාව මරාගත්ත රටේ මෙහෙම කරන්න පුලුවන්ද? (නි)

:       0       0

චාමර Sunday, 10 February 2013 10:21 PM

කොහොම වුණත් සෞදි ඉන්න කෙනෙක් හැටියට මම මේ උත්සවය ගොඩාක් අගය කරනවා .මගේ හදපිරි සතුට........!!! (නි)

:       0       0

චාමර Sunday, 10 February 2013 10:24 PM

අගය කිරීම මිස විවේචනය හොද නැති ක්‍රියාවක් කියලා හිතුවොත් ඒක සෞදියේ වෙසෙන අපි හැමටම ශක්තියක් වේවි නේද? (නි)

:       0       0

කරුනා Sunday, 10 February 2013 03:50 PM

හරිම ලැජ්ජයි. එක්කෙනයි ජාතික ඇදුම ඇදලා තියෙන්නේ. බලන්නත් ලස්සනයි. අනිත් අය ඇදලා තියෙන්නේ බටහිර පන්නෙට. මේ මොන වර්ගයේ නිදහස් දිනයක්ද? ඇයි මේ දිනයටවත් ජාතික ඇදුම අදින්න බැරි.(නදී)

:       0       0

හිල්මි Monday, 11 February 2013 02:56 AM

සිංහලයාගේ නියම ජාතික ඇදුම අමුඩයයි. (නි)

:       0       0

මුතුකුඩ Monday, 11 February 2013 06:58 AM

අප නිදහස් උත්සවය සෞදියේ මේ අයුරින් පවත්වන්නට අවස්ථාව දී තිබියදී මේ අය පවසන්ෙන් දොස්මයි. පවත්වන්නට නොදුන්නානමි ප්‍රතිචාරයන් කෙසේ තියේවිද? සුබවාදීව දකින්න පුරුදුවෙන්න.(නදී)

:       0       0

ලක්ෂාද් Monday, 11 February 2013 08:53 AM

පාටි එකට ඌරැ මස් ගෙනාවේ නැද්ද ? (ස)

:       0       0

ගාමිණී Sunday, 10 February 2013 07:59 PM

ඡායාරූපයේ පෙනෙන විදියට නම් තානාපති තුමා ඇතුළු කාර්ය මන්ඩලය පමනක් බවයි පෙනේන්නේ. මොනවා උනත් එතුමා රජයේ සුදල් නාස්ති කරලා නැතුව වගෙයි.(නදී)

:       0       0

නුවන් Monday, 11 February 2013 10:09 AM

සෞදියේ ඉන්න ලාංකිකයින්ට ස්තුති (දී)

:       0       0

මිනෝලි Sunday, 10 February 2013 08:20 PM

මේ වගේ ජාතිය පාවාදෙන මුදල් තන්හා හොරුන්ට කොහෙද ජාතික ඇදුම අදින්න ශක්තියක්. මේ සේරම මහත්හොරු. ලංකාවේ කිසිම අසරන වෙච්ච කෙනෙකුට මේ හොරුන්ගේ හදවත උනුවෙලා නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site