පාරිභෝජනයට නුසුදුසු ලොකුලූනු තොගයක් වැලිසර ගබඩාවේ තබාගත් ලංකා සතොසට වත්තල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් රුපියල් 150000 දඩයක් නියම කෙළේය. පරිභෝජනයට නුසුදුසු ලොකුලූනු කිලෝ 12675 තොගයක විනාශ කරන ලෙස ද නියෝග කැරිණි. පාරිභෝගික අධිකාරිය පැමිණිල්ල ඉදිරිපත් කෙළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දඩ වියදම් වගකිවයුත්තන්ගෙන් අයකරගන්න. (නි)
මම මෙහි වගකිය යුත්තෙක් නම් මම දන්නවා කල යුතු දේ (ස)
එතකොට දඩේ විතරද? මේ වැඩේ කරපු නිලධාරීන්ට දඩුවම් නැද්ද? කවුද මේ දඩේ ගෙවන්නේ? (නි)
දඩුවම ප්‍රමාණවත්ද ?? (ස)
නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ. අහිංසක අපි මොනවා කරන්නද? (නි)
ආනයන කරනකොට හොදට තිබිල ගබඩා කළාට පස්ස් සේ නරක වුණාද? මේ වාගේ ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමට තරම් සුදුසු ගබඩා පහසුකම් තිබේද? (නි)
කුණු ලූණු වලට ගෙවුවෙත් අපේ සල්ලි. දඩයට ගෙවන්නෙත අපේ සල්ලි. (නි)
දඩය පාරිභෝගිකයන්ගෙන් අයකරගෙන අදාල අයට උසස්වීම් දෙමුද (ස)
දඩය සතොසට වුණත් ගෙවන්න වෙන්නේ මහජන මුදලින්නේ. අලුත් අවුරුද්දට අපිට අවුරුදු බෝනස්... (නි)
චන්දිම, ලොකු ලොකු අයට ඉතින් වෙන්නෙ ලොකු ලොකු තානාන්තර ලැබෙන එකනේ. (නි)
ඔය දඩේ හෙට අනිද්දා අපිට වැටේවිද දන්නේ නෑ (ස)
දඩුවම් නොදුන්නොත් නැවතත් කරන්නේ මේ දේමයි (ස)
ඇනවුම් කරල ගත්ත නිලධාරියා රට ලූණුයි, ලංකාවෙ ලූණුයි හඳුනන්නෙ නැද්ද? නැත්තම් මෙතන ඇත්තේ වෙනත් කතාවක් ද? (නි)
මේවා අඩු ගාණට හෝටල් කරුවන්ට දෙනවා ඇති (ස)
දුර ගමන් සේවා බස් රථ නවත්වන තැන් වල තියෙන හෝටල් වල බඩු මිළ පාලන මිළට වැඩිය හුගක් වැඩියි. අන්න ඒවා ගැනත් හොයලා බලන්නකෝ. (නි)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්නත් පුලුවන්. (නි)
හොර පාරේ ආපුවාවද්ද? (නි)
දැන් කාගේ මුදල් වලින‍්ද ඔය මුදල ගෙවන්නේ? (නි)
සතොසට දඩ ගැහුවා කියන්නෙ වක්‍රව අපිටනෙ දඩේ. කරන්න ඕනෙ වගකිවයුතු නිලදාරීන්ට දඩුවම් කරන එකනෙ.(ස)
කුණු ලුණු මිළට අරන් පාඩුව විදින්නෙත් අපි. අන්තිමට දඩය ගෙවන්නෙත් අපි. (නි)
මට මේක තේරෙන්නෙ නැහැනෙ. සතොසට දඩ ගැහුවට ඔය වැඩේට වග කියන්න ඕනෑ අයටයි, ලොකු ලොකු මහත්තුරුන්ටයි දෙන දඩුවම මොකක්ද? (නි)