පාදය පසාරුවන ලෙස හෙල්ලක් ඇනී හෙල්ලේ කොටසක් ද සමග කරාපිටිය රෝහලට ඇතුල් කළ හර්ෂණී දිල්රුක්ෂි ශිෂ්‍යාව සැත්කමකට භාජනය කැර හෙල්ල ඉවත්කළ බව වෛද්‍යවරු කියති. සැත්කමෙන් පසු ඇය සුව අතට හැරෙමින් සිටින බවත් පාදයේ රුධිර නාල, ස්නායු හා පේෂි රැකගැනීමට හැකිවූයේ හෙල්ල ඇනී තිබූ ආකාරයෙන්ම රෝහලට ගෙන ඒම හේතුවෙන් බවත් වෛද්‍යවරු කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට අනිවාර්යයෙන්ම ධමනි පිළිබද ශෛල්‍ය වෛද්‍යවරයාට මැදිහත් වෙන්න ඕන නමුත් ගාල්ලේ ධමනි පිළිබද ශෛල්‍ය වෛද්‍යවරයාට චෝදනාවක් තියනවා එක කරන්නෙත් අපි නෙවි මාතර රෝහලේ අධ්‍යක්ෂලා.. අර අතකපපු අහිංසක ළමය කරාපිටියට එවන්න හද පු දවසේ වැඩට පැමිණ එක අත්සන් කරලත් රෝහලේ හිටියේ නැහැ කියල මේකගැන මොනවද දන්නේ නැහැ කරාපිටියෙ රෝහලේ අධිකාරියට එකට සහ අදාල ශෛල්‍ය වෛද්‍යවරයාට ට කියන්න තියන්නේ කොහොම උනත් අරලමයාගේ "අත " නැතිඋනාට මේ ළමයාගේ "කකුල" හරි බේරගත්ත වෛද්‍යවරුන්ට අපේ ස් තුතිය (අපි ඔබට ආචාර කරන්නෙමු ) (නු)
සොයුරිය, ඔබට ඉක්මන් සුව... (දී)
සොයුරිය, ඔබට ඉක්මන් සුව! (නි)
ගල්ෆ් වලට ආවට පස්සෙ තමයි අපේ දොස්තරලා මොනතරම් දක්ෂද කියලා තේරෙන්නේ. (නි)
වෛද්‍යවරයාට සැමගේ ප්‍රණාමය! දැරියට ඉක්මන් සුවය. (නි)
මොන දේ කලත් පරිස්සමෙන් කරන්න ඕනේ (දී)
විසි කරන සෙල්ලම් කරද්දී වටේ ඉන්න ය පරිස්සම් වෙන්න ඕනේ . ඔව් සනත් මීගමුවේ දරුවෙක්ගේ පපුවට කවපෙත්ත වැදිලා ඔහු හෝ ය ජීවිතක්ෂයට පත් උනා මට මතකයි . (ස)
මෙවැනි ක්‍රීඩාවන් පාසල් වලින් ඉවත් කරන්න. මෙවැනි ගෝත්‍රික ක්‍රීඩාවන් යුරෝපයටම ලබා දෙමු. මොකද ඒ අයට මේවා තාම අලුත් නිසා (ස)
අචලාගේ අත අහිමි කිරිමට කරාපිටියේ මෙම ශල්‍ය කර්ම කල වෛද්‍යවරයා නිවාඩු නිසා කරාපිටිය අචලා භාරගත්තේ නෑ කියලා කියෙන්නේ බොරුවට. සමහර පුවත්පත් වල වාර්ථා දැමිම නිසා දක්ෂ වෛද්‍යවරු රට හැරගියොත් පාඩුව බොරු ලියන පත්තර කලාවට නොව අහිංසක ලෙඩිඩුන්ට තමයි මේ පාඩුව අනේ මෙහේම රටක්(නදී)
හොඳ වැඩක් දොස්තර මහත්වරු කරලා තියෙන්නේ (ස)
මාතරට යැව්වනම් ඉවරයි කකුල (ස)
ඉක්මන් සුවය ප්‍රාර්ථනාකරමු (ස)
අපේ රටේ වෛද්‍යරු හරිම දක්ෂයි.. අවශ්‍ය පහසුකම් නැමැතිවූවත් කරුනු ලබන මෙවැනි සැත්කම් ඉතා අගනීයයි..!(නු)
ඉක්මනට සුව වේවි (ස)
කරාපිටිය රෝහලේ වෛද්‍යවරු දෙවිවරු ලෙස මම පිලිගනිමි හේතුව අපේ ගමේ ඉන්න වෛද්‍යවරයත් දෙවියෙක් එයා හිටියෙත් කලින් කරාපිටියෙ..!(නු)
ඔය වැනි ක්‍රීඩාවලදී බොහොම සුපරික්ෂාකාරී විය යුතුයි..!(නු)
කොහොම උනත් ඒ ළමයාගේ ජීවිතය බේරුණානේ අනතුරක් නැතිව.. ඒක ලොකු දෙයක්නේ..!(නු)
රංජිත්, ජයසේන ගැන මට ආඩම්බරයි. (නි)
කරාපිටිය කොළඹ මාතර යාපනේ කියලා වෙනසක් නැහැ නොසැලකිල්ලෙන් කර සැත්කම් ඕනව තරම් හැම තැනම වෙනවා.!
මාතර ගෙනිච්චනම් කකුල කපන්න වෙනවා (ස)
කෙල්ලගේ කකුලට කරදරයක් නැත්නම් හෙල්ල යකාට ගියාවේ. (නි)
කරාපිටිය ශික්ෂණ රෝහලේ නහර හා බද්ධ කිරිමි පිළිබද වි.වෛද්‍ය නිලදාරිවරයා දක්ෂ නිලධාරියෙකි.පළාතම ලද සුවිශේෂ දායාදයකි.එහෙත් මෙවන් වෛද්‍යවරයන්ට සොයා බැලිමකින් තොරව (නීති ශිෂ්‍යයාගේ අත අහමි විම සමිබන්ධව)වැරදි චෝදනා පල කිරිම දැඩි කණගාටුදායක තත්වයකි.එකි සිද්ධිය දිනය නිවාඩු දිනයකි.එම වෛද්‍ය වරයා අපි දන්නා පරිද පළාතේ එකම නහර හා බද්ධ කිරිමි වෛද්‍ය වරයා ලෙසත් සතියේ දින 05ම ආදර්ශමත් කැප කිරිමක් රෝගීන් උදෙසා ඉටු කරයි. දකුණු පළාතේ වකු ගඩු බද්ධ කිරිම පලමු වතාවට කරාපිටියේ සිදුකිරිම සිදුකරණ ලද වෛද්‍යවරායායි.මෙවනි දක්ෂ වෛදවරයන් හට වැරදි තොරතුරු පදනමි කරමින් සමහර මාධ්‍යයන් හැසිරීම නිසා ඇතිවන එකම දේ අපේ රට තුල අසරණ රෝගීන්ට දක්ෂ වෛදවරයකු ගේ සේවාව අහිමි විම .විදේස් ගත විමයි. වටිනා ඡිවිත ගැන සඳහන් කරන විට දෙවරක් සිතන්න........ සත්‍ය ඡය ගනි. (ස)
දම්මි ඔබ හරි . (ස)
මාතරට එවන්න තිබුනනෙ අප්පා. ඇයි එක පාරටම කරාපිටියට අරන් ගියේ? (නි)
පුදුම බේරීමක්. මේ හෙල්ල, කවපෙත්ත වගෙ ක්‍රීඩා කරද්දී බලන අය වුණත් අවධානයෙන් ඉන්න ඕනෑ. ඇඟේ වෙන දිහාක වැදුණා නම් ජීවිතයත් නැතිවෙන්න තිබුණා. (නි)
කරාපිටියට යවපු නිසා දරුවගේ කකුල බේරුණා. (නි)
මතරට ගෙනිච්ච නම් අනිවාර්යෙන්ම කකුල කපන්න වෙනවා.හොඳ වෙලාවට තමයි ගාල්ලට ගෙනිච්චෙ.නැත්තන් අර අචලට වෙච්ච දේම තමයි මේ නංගිටත් වෙන්නේ (ස)
හොඳ වෙලාවට ගාල්ලට අරන් ගියේ. මාතරට ගියානම් කකුලට මොනවා වේවිද දන්නේ නැහැ. (ස)
අනේ අරුණ, පාසලක් අහලකින්වත් ගියේ නැද්ද? (නි)
මෙන්න නියම දොස්තරලා.... (නි)
හොඳ වෙලාවට කරාපිටියට යැව්වේ (ස)