IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


සැත්කමින් හෙල්ල ඉවතට

පාදය පසාරුවන ලෙස හෙල්ලක් ඇනී හෙල්ලේ කොටසක් ද සමග කරාපිටිය රෝහලට ඇතුල් කළ හර්ෂණී දිල්රුක්ෂි ශිෂ්‍යාව සැත්කමකට භාජනය කැර හෙල්ල ඉවත්කළ බව වෛද්‍යවරු කියති. සැත්කමෙන් පසු ඇය සුව අතට හැරෙමින් සිටින බවත් පාදයේ රුධිර නාල, ස්නායු හා පේෂි රැකගැනීමට හැකිවූයේ හෙල්ල ඇනී තිබූ ආකාරයෙන්ම රෝහලට ගෙන ඒම හේතුවෙන් බවත් වෛද්‍යවරු කීහ.



අදහස් (0)

සැත්කමින් හෙල්ල ඉවතට

ජයන්ත Thursday, 31 January 2013 08:31 AM

මේකට අනිවාර්යයෙන්ම ධමනි පිළිබද ශෛල්‍ය වෛද්‍යවරයාට මැදිහත් වෙන්න ඕන නමුත් ගාල්ලේ ධමනි පිළිබද ශෛල්‍ය වෛද්‍යවරයාට චෝදනාවක් තියනවා එක කරන්නෙත් අපි නෙවි මාතර රෝහලේ අධ්‍යක්ෂලා.. අර අතකපපු අහිංසක ළමය කරාපිටියට එවන්න හද පු දවසේ වැඩට පැමිණ එක අත්සන් කරලත් රෝහලේ හිටියේ නැහැ කියල මේකගැන මොනවද දන්නේ නැහැ කරාපිටියෙ රෝහලේ අධිකාරියට එකට සහ අදාල ශෛල්‍ය වෛද්‍යවරයාට ට කියන්න තියන්නේ කොහොම උනත් අරලමයාගේ "අත " නැතිඋනාට මේ ළමයාගේ "කකුල" හරි බේරගත්ත වෛද්‍යවරුන්ට අපේ ස් තුතිය (අපි ඔබට ආචාර කරන්නෙමු ) (නු)

:       0       0

අසංක Thursday, 31 January 2013 01:41 PM

සොයුරිය, ඔබට ඉක්මන් සුව... (දී)

:       0       0

සරත් Thursday, 31 January 2013 08:40 AM

සොයුරිය, ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

තිලක් Thursday, 31 January 2013 06:52 PM

ගල්ෆ් වලට ආවට පස්සෙ තමයි අපේ දොස්තරලා මොනතරම් දක්ෂද කියලා තේරෙන්නේ. (නි)

:       0       0

නිත්‍යා Friday, 01 February 2013 10:53 AM

වෛද්‍යවරයාට සැමගේ ප්‍රණාමය! දැරියට ඉක්මන් සුවය. (නි)

:       0       0

වසන්ත Thursday, 31 January 2013 06:58 PM

මොන දේ කලත් පරිස්සමෙන් කරන්න ඕනේ (දී)

:       0       0

උපුල් Thursday, 31 January 2013 09:19 AM

විසි කරන සෙල්ලම් කරද්දී වටේ ඉන්න ය පරිස්සම් වෙන්න ඕනේ . ඔව් සනත් මීගමුවේ දරුවෙක්ගේ පපුවට කවපෙත්ත වැදිලා ඔහු හෝ ය ජීවිතක්ෂයට පත් උනා මට මතකයි . (ස)

:       0       0

අරුණ Thursday, 31 January 2013 09:23 AM

මෙවැනි ක්‍රීඩාවන් පාසල් වලින් ඉවත් කරන්න. මෙවැනි ගෝත්‍රික ක්‍රීඩාවන් යුරෝපයටම ලබා දෙමු. මොකද ඒ අයට මේවා තාම අලුත් නිසා (ස)

:       0       0

පූතිභා Saturday, 02 February 2013 03:20 PM

අචලාගේ අත අහිමි කිරිමට කරාපිටියේ මෙම ශල්‍ය කර්ම කල වෛද්‍යවරයා නිවාඩු නිසා කරාපිටිය අචලා භාරගත්තේ නෑ කියලා කියෙන්නේ බොරුවට. සමහර පුවත්පත් වල වාර්ථා දැමිම නිසා දක්ෂ වෛද්‍යවරු රට හැරගියොත් පාඩුව බොරු ලියන පත්තර කලාවට නොව අහිංසක ලෙඩිඩුන්ට තමයි මේ පාඩුව අනේ මෙහේම රටක්(නදී)

:       0       0

දුෂාන්ත Thursday, 31 January 2013 09:32 AM

හොඳ වැඩක් දොස්තර මහත්වරු කරලා තියෙන්නේ (ස)

:       0       0

තාරක Thursday, 31 January 2013 09:43 AM

මාතරට යැව්වනම් ඉවරයි කකුල (ස)

:       0       0

ප්‍රියල් Thursday, 31 January 2013 02:39 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනාකරමු (ස)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 31 January 2013 10:10 AM

අපේ රටේ වෛද්‍යරු හරිම දක්ෂයි.. අවශ්‍ය පහසුකම් නැමැතිවූවත් කරුනු ලබන මෙවැනි සැත්කම් ඉතා අගනීයයි..!(නු)

:       0       0

චතූ Thursday, 31 January 2013 02:41 PM

ඉක්මනට සුව වේවි (ස)

:       0       0

වසන්ත නාත් බිබිෙල් Thursday, 31 January 2013 10:25 AM

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු දෙවිවරු ලෙස මම පිලිගනිමි හේතුව අපේ ගමේ ඉන්න වෛද්‍යවරයත් දෙවියෙක් එයා හිටියෙත් කලින් කරාපිටියෙ..!(නු)

:       0       0

දෝහා Thursday, 31 January 2013 10:28 AM

ඔය වැනි ක්‍රීඩාවලදී බොහොම සුපරික්ෂාකාරී විය යුතුයි..!(නු)

:       0       0

ඩෑම් Thursday, 31 January 2013 10:29 AM

කොහොම උනත් ඒ ළමයාගේ ජීවිතය බේරුණානේ අනතුරක් නැතිව.. ඒක ලොකු දෙයක්නේ..!(නු)

:       0       0

සුසන්ත Thursday, 31 January 2013 02:48 PM

රංජිත්, ජයසේන ගැන මට ආඩම්බරයි. (නි)

:       0       0

දෝහා Thursday, 31 January 2013 10:32 AM

කරාපිටිය කොළඹ මාතර යාපනේ කියලා වෙනසක් නැහැ නොසැලකිල්ලෙන් කර සැත්කම් ඕනව තරම් හැම තැනම වෙනවා.!

:       0       0

දම්මි Thursday, 31 January 2013 10:52 AM

මාතර ගෙනිච්චනම් කකුල කපන්න වෙනවා (ස)

:       0       0

ලලිත්-කටාර් Thursday, 31 January 2013 03:01 PM

කෙල්ලගේ කකුලට කරදරයක් නැත්නම් හෙල්ල යකාට ගියාවේ. (නි)

:       0       0

රංඡිත් ඡයසිංහ Thursday, 31 January 2013 11:47 AM

කරාපිටිය ශික්ෂණ රෝහලේ නහර හා බද්ධ කිරිමි පිළිබද වි.වෛද්‍ය නිලදාරිවරයා දක්ෂ නිලධාරි‍යෙකි.පළාතම ලද සුවිශේෂ දායාදයකි.එහෙත් මෙවන් වෛද්‍යවරයන්ට සොයා බැලිමකින් තොරව (නීති ශිෂ්‍යයාගේ අත අහමි විම සමිබන්ධව)වැරදි චෝදනා පල කිරිම දැඩි කණගාටුදායක තත්වයකි.එකි සිද්ධිය දිනය නිවාඩු දිනයකි.එම වෛද්‍ය වරයා අපි දන්නා පරිද පළාතේ එකම නහර හා බද්ධ කිරිමි වෛද්‍ය වරයා ලෙසත් සතියේ දින 05ම ආදර්ශමත් කැප කිරිමක් රෝගීන් උදෙසා ඉටු කරයි. දකුණු පළාතේ වකු ගඩු බද්ධ කිරිම පලමු වතාවට කරාපිටියේ සිදුකිරිම සිදුකරණ ලද වෛද්‍යවරායායි.මෙවනි දක්ෂ වෛදවරයන් හට වැරදි තොරතුරු පදනමි කරමින් සමහර මාධ්‍යයන් හැසිරීම නිසා ඇතිවන එකම දේ අපේ රට තුල අසරණ රෝගීන්ට දක්ෂ වෛදවරයකු ගේ සේවාව අහිමි විම .විදේස් ගත විමයි. වටිනා ඡිවිත ගැන සඳහන් කරන විට දෙවරක් සිතන්න........ සත්‍ය ඡය ගනි. (ස)

:       0       0

උපුල් Thursday, 31 January 2013 12:45 PM

දම්මි ඔබ හරි . (ස)

:       0       0

ටිරාන් Thursday, 31 January 2013 12:48 PM

මාතරට එවන්න තිබුනනෙ අප්පා. ඇයි එක පාරටම කරාපිටියට අරන් ගියේ? (නි)

:       0       0

සනත්123 Thursday, 31 January 2013 01:10 AM

පුදුම බේරීමක්. මේ හෙල්ල, කවපෙත්ත වගෙ ක්‍රීඩා කරද්දී බලන අය වුණත් අවධානයෙන් ඉන්න ඕනෑ. ඇඟේ වෙන දිහාක වැදුණා නම් ජීවිතයත් නැතිවෙන්න තිබුණා. (නි)

:       0       0

රංග Thursday, 31 January 2013 01:27 AM

කරාපිටියට යවපු නිසා දරුවගේ කකුල බේරුණා. (නි)

:       0       0

තුෂාර Thursday, 31 January 2013 01:04 PM

මතරට ගෙනිච්ච නම් අනිවාර්යෙන්ම කකුල කපන්න වෙනවා.හොඳ වෙලාවට තමයි ගාල්ලට ගෙනිච්චෙ.නැත්තන් අර අචලට වෙච්ච දේම තමයි මේ නංගිටත් වෙන්නේ (ස)

:       0       0

බුද්ධි Thursday, 31 January 2013 04:05 AM

හොඳ වෙලාවට ගාල්ලට අරන් ගියේ. මාතරට ගියානම් කකුලට මොනවා වේවිද දන්නේ නැහැ. (ස)

:       0       0

දර්ශන Thursday, 31 January 2013 05:58 PM

අනේ අරුණ, පාසලක් අහලකින්වත් ගියේ නැද්ද? (නි)

:       0       0

ලකී Thursday, 31 January 2013 07:59 AM

මෙන්න නියම දොස්තරලා.... (නි)

:       0       0

කුමාර Thursday, 31 January 2013 08:12 AM

හොඳ වෙලාවට කරාපිටියට යැව්වේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොතලාවල වෛද්‍ය පීඨයට සබරගමු සරසවි සිසුන්ගේ විරෝධය
2024 අප්‍රේල් මස 29 42 0

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත වෛද්‍ය පීඨය වහාම නතර කරන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පන්දම් දල්වාගෙන


’’යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?’’
2024 අප්‍රේල් මස 29 169 0

කුඩු කාරයන්ට, පාතාලයන්ට නැති තුවක්කු කොස් කොටන්න දැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.


සා.පෙළ අවසන් වූ විගස උසස් පෙළට පන්ති
2024 අප්‍රේල් මස 29 136 0

ලබන හයවෙනිදා ආරම්භ කරන අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වු වහාම එම විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීම


වැලිගම බාලිකා පාසලක ගින්නක්
2024 අප්‍රේල් මස 29 152 0

වැලිගම ගල්බොක්ක පාරේ මුස්ලිම් බාලිකා පාසලක විශාල ගින්නක් අද (29) පස්වරුවේ හට ගෙන තිබේ.


පුද්ගලයෙකු ඝාතනය කළැයි දෙදෙනකුට මරණ දඬුවම
2024 අප්‍රේල් මස 29 254 0

කොණ්ඩා කපන ස්ථානයකදී ඇතිවූ බහින් බස් වීමක් හේතූවෙන් පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණීය දණ්ඩණය නිය


රට ගැන හිතන්න අනුර ඉල්ලයි
2024 අප්‍රේල් මස 29 359 0

විදේශවල සිටිය ද ශ්‍රී ලංකාව අත්නොහැර ශ්‍රී ලංකාව පිළිබඳ අවධානයෙන් සිට අපේ රටට සහ රටේ පුරවැසියන්ටත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කළ යුතු බවත් ඔබත් ඔබේ දරුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 386 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1784 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1614 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site