IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සජීව වීරකෝන් පළමු පෙළ කඩුලූ 700 සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කළ වමතින් පා දඟ පන්දුයවන සජීව වීරකෝන් පළමු පෙළ කඩුලූ 700 සම්පූර්ණ කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් ක‍්‍රීඩකයකු නොවන පන්දු යවන්නකු කඩුලූ 700 ක් දවාගත් පළමු අවස්ථාව ද මෙය වේ.

ලෝක ටෙස්ට් කඩුලූ වාර්තාවට හිමිකම් කියන මුත්තයියා මුරලිදරන් පළමු පෙළ තරග 232 කදී කඩුලූ 1374 ක් ද, හිටපු ටෙස්ට් වේගපන්දු යවන ක‍්‍රීඩක චමින්ද වාස් පළමු පෙළ තරග 227 කදී කඩුලූ 772 ක් ද දවාගෙන තිබේ.     

කෝල්ට්ස් පිල නියෝජනය කරන වීරකෝන්, ලන්කන් පිලට එරෙහිව ඊයේ (08) කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගයේදී ලකුණු 49 කට කඩුලූ 5 ක් දවාගනිමින් කඩුලූ 700 සම්පූර්ණ කළේය. වීරකෝන් මේ වන විට පළමු පෙළ තරග 163 කදී කඩුලූ 703 ක් දවාගෙන තිබේ.

ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන 34 හැවිරිදි වීරකෝන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග දෙකකට ක‍්‍රීඩා කර තිබේ.

වීරකෝන් 1996/95 තරග වාරයේදී පළමු පෙළ වරම් ලබමින් බී. ආර්. සී., ගාල්ල ක‍්‍රිකට් සමාජය, ද්‍රවිඩ සංගම් සහ කෝල්ට්ස් යන ක‍්‍රීඩා සමාජ නියෝජනය කර තිබේ.

 



අදහස් (0)

සජීව වීරකෝන් පළමු පෙළ කඩුලූ 700 සම්පූර්ණ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site