1983 සිට 2009 දක්වා පැවැති යුද්ධයෙනුත්, 2004 සුනාමියෙනුත් බැට කෑ ශ්‍රී ලංකාව සංචාරය සඳහා හොඳම රටකියි ද, වැය කරන මුදලට හොඳම වටිනාකමක් ලැබෙතියි ද ලෝන්ලි ප්ලැනට් සංචාරක ආයතනය කියයි.
සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු වී සංචාරකයන් වැඩිපුර එන බවත්, මිල ගණන් ඔරොත්තු දෙන බවත් එම ආයතනය කියයි. සංචාරය කළ යුතු හොඳම රටවල් දහයේ මුලටම ශ්‍රී ලංකාව පත්වී සිටියි.
මොන්ටිනීග්රෝ, දකුණු කොරියාව, ඉක්වදෝරය, ස්ලෝවැකියාව, සොලමන් දුපත්, අයිස්ලන්තය, තුර්කිය, ඩොමිනිකා ජනපදය හා මැඩගස්කරය සෙසු රටවල් වෙයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකින්නත් ආසයි.!(නු)
ලෝකෙන් උතුම් රට ලංකාවයි ශ්‍රී ලංකාවයි.... (නි)
හිතට බයක් නැතිව සංචාරය කළ හැකි රට??අපි නම් දන්නවා ලංකාව ගැන.කවුද දන්නෙ නැහැ සමීක්ෂණය කරලා තියෙන්නේ? (නි)
ලංකාවෙ බලන්න තියෙන්නේ අලි විතරයි.. දිය ඇලි සිදිලා ගිහිං..!(නු)
ඔව් ඔව් හැමදේම හරිම ලාබයි.. ඒකනේ අපි ඒකනෙ අපි පිටරටකට ආවෙ..!(නු)
ලංකාවෙ වැරදි විතරක් අයට හොද උත්තරයක්.!(නු)
මේකෙ දවසටක මිනී කීයක් මරාගන්නවාද? මේකෙ ඉන්න සමහර මිනිස්සු බලන්නෙ පාරුවක නැගලා හරි රටින් පනින්නයි.. මේක බලන්න සිය කැමැත්තෙන් එන සංචාරකයන්ට මල් මාලා දාලා පිලිගන්න ඕන..!(නු)
මේක තේරුවෙ කවුද දන්නෙ නැහැ.. අපි නම් දන්නවා අපේ රට ගැන.. (නු)
හිතට බයක් නැතිව සංචාරය කළ හැකි රට මොකක්ද කියලා කිව්වොත්..?(නු)
ලොවෙන් උතුම් රට ලංකාවයි. (නි)
කෝ මේ වංශෙ කබල් ගාන කට්ටිය? පටන් ගන්නේ නැද්ද?? (නි)
ලංකා ලංකා පෙම්බර ලංකා..!(නු)
මගෙ රටේ මම නැති මම නැති උනත් හරිම සන්තෝෂයි.. අපිට පුළුවං මීට වඩා ලෝකේ අංක එක වෙන්න..!(නු)
කවුරු කෙසේ ඔබ නාමය කෙළෙසන්නට උත්සාහ දැරුවත් ලක් මවුනි ඔබේ වටිනාකම දැනෙන පිරිසක් ලොව වටා සිටී.. අපිට එය ඉමහත් ආඩම්බරයකි..!(නු)
ඇත්ත අපේ රට තරම් සොබාදහමින් ලස්සන රටක් තවත් නැහැ.. මේ ලස්සන රටේ මිනිසුන්ගේ හදවත් අවලස්සන උනේ කොහොමද?(නු)
හොදටම හොදයි පාලකයන් ටිකත් රටින් එළවපු දාට... සංචාරකයන්ටත් දරා ගන්න බැරි තරමට බඩු මිල ඉහළයි ලංකාවේ..!(නු)
ශ්රී ලාංකිකයෙකු වීම හිතට ලොකු ආඩම්බරයක්. (නි)
බලන්න අපේ රටේ ආඩම්බරය.. හරිම සන්තෝෂයි..!(නු)
හැමදෙයටම ආසියාවේ ආශ්චර්යය කියලා සමච්චල් කරන අයට මේක හොඳ උත්තරයක්. වටිනාකම තියෙන්නේ මේ සමීක්ෂණය කරලා තියෙන්නේ අපේ අය නොවන නිසයි. (නි)
පුදුමයි ඒත් ඇත්තයි කිවුවලු. (නි)
හරිම ආඩම්බර හැගීමක් දැනෙනවා.. ජය වේවා..!(නු)
ශ්රී ලංකාව ලස්සන රටක්. (නි)
ආවට කමක් නැහැ රට කන්න එපා. (නි)
ඉතාම අගනා ආරංචියක්. රටේ අපරාධ අඩුවුණොත් තවත් හොදටම හොදා. (නි)
තරු 6-7 හෝටල් වෙනුවට තරු 3-4 හෝටල් හැදුවෙත් ඔයිට වඩා සංචාරකයෝ ඒවි.. මිල ගණන් සාධාරණව තබා ගනීමු..(නු)
එන්න එන්න ඇවිත් මේ ආශ්චර්යය විදගන්න..!(නු)
ලංකාවෙ හෝටල් කාමර ගොඩක් ගනන්.. ඩුබායි නේපාලයේ වගේ රටවල ඉතාම ලාබයි..!(නු)
සන්තෝෂයි.. ඇත්තටම ලංකාවෙ අගය වැඩියෙන් තේරෙන්නේ පිට රටක ඉන්න කොට තමයි.. අවුරුදු දෙක තුනක් ඉදලා ලංකාවෙ අතිවෙලා තියෙන වෙනස ගැන හිතනවිට සතුටු වෙනවා.. දෙයියනේ කියලා පාරක බැහැලා යන්න පුළුවං.. උනන්දුවක් තියෙන මිනිසුන් කීයක් හරි හම්බකරගෙන ජීවත් වෙනවා..!(නු)
http://www.lonelyplanet.com/?? (නි)
සම්පූර්ණ ඇත්ත. (නි)