IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සංචාරයට සුදුසුම රට සිරි ලංකාවයි

1983 සිට 2009 දක්වා පැවැති යුද්ධයෙනුත්, 2004 සුනාමියෙනුත් බැට කෑ ශ්‍රී ලංකාව සංචාරය සඳහා හොඳම රටකියි ද, වැය කරන මුදලට හොඳම වටිනාකමක් ලැබෙතියි ද ලෝන්ලි ප්ලැනට් සංචාරක ආයතනය කියයි. සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු වී සංචාරකයන් වැඩිපුර එන බවත්, මිල ගණන් ඔරොත්තු දෙන බවත් එම ආයතනය කියයි. සංචාරය කළ යුතු හොඳම රටවල් දහයේ මුලටම ශ්‍රී ලංකාව පත්වී සිටියි. මොන්ටිනීග්රෝ, දකුණු කොරියාව, ඉක්වදෝරය, ස්ලෝවැකියාව, සොලමන් දුපත්, අයිස්ලන්තය, තුර්කිය, ඩොමිනිකා ජනපදය හා මැඩගස්කරය සෙසු රටවල් වෙයි.



අදහස් (0)

සංචාරයට සුදුසුම රට සිරි ලංකාවයි

පිටිගල මිලානෝ Friday, 26 October 2012 05:04 PM

හොදටම හොදයි පාලකයන් ටිකත් රටින් එළවපු දාට... සංචාරකයන්ටත් දරා ගන්න බැරි තරමට බඩු මිල ඉහළයි ලංකාවේ..!(නු)

:       0       0

ෂෙරීෆ් Friday, 26 October 2012 05:09 PM

සම්පූර්ණ ඇත්ත. (නි)

:       0       0

නලීන් Friday, 26 October 2012 05:08 PM

http://www.lonelyplanet.com/?? (නි)

:       0       0

උපුල් Friday, 26 October 2012 05:19 PM

සන්තෝෂයි.. ඇත්තටම ලංකාවෙ අගය වැඩියෙන් තේරෙන්නේ පිට රටක ඉන්න කොට තමයි.. අවුරුදු දෙක තුනක් ඉදලා ලංකාවෙ අතිවෙලා තියෙන වෙනස ගැන හිතනවිට සතුටු වෙනවා.. දෙයියනේ කියලා පාරක බැහැලා යන්න පුළුවං.. උනන්දුවක් තියෙන මිනිසුන් කීයක් හරි හම්බකරගෙන ජීවත් වෙනවා..!(නු)

:       0       0

රාවන් Saturday, 27 October 2012 09:19 AM

මේක තේරුවෙ කවුද දන්නෙ නැහැ.. අපි නම් දන්නවා අපේ රට ගැන.. (නු)

:       0       0

සෙනරත් Friday, 26 October 2012 05:22 PM

ලංකාවෙ හෝටල් කාමර ගොඩක් ගනන්.. ඩුබායි නේපාලයේ වගේ රටවල ඉතාම ලාබයි..!(නු)

:       0       0

විජේරත්න Friday, 26 October 2012 05:24 PM

එන්න එන්න ඇවිත් මේ ආශ්චර්යය විදගන්න..!(නු)

:       0       0

ද සිල්වා Saturday, 27 October 2012 09:46 AM

මේකෙ දවසටක මිනී කීයක් මරාගන්නවාද? මේකෙ ඉන්න සමහර මිනිස්සු බලන්නෙ පාරුවක නැගලා හරි රටින් පනින්නයි.. මේක බලන්න සිය කැමැත්තෙන් එන සංචාරකයන්ට මල් මාලා දාලා පිලිගන්න ඕන..!(නු)

:       0       0

වාසා ඩයස් Friday, 26 October 2012 05:35 PM

තරු 6-7 හෝටල් වෙනුවට තරු 3-4 හෝටල් හැදුවෙත් ඔයිට වඩා සංචාරකයෝ ඒවි.. මිල ගණන් සාධාරණව තබා ගනීමු..(නු)

:       0       0

නන්ද Friday, 26 October 2012 05:48 PM

ඉතාම අගනා ආරංචියක්. රටේ අපරාධ අඩුවුණොත් තවත් හොදටම හොදා. (නි)

:       0       0

උදයංග Friday, 26 October 2012 05:50 PM

ආවට කමක් නැහැ රට කන්න එපා. (නි)

:       0       0

නිශාන්ත Friday, 26 October 2012 06:17 PM

ශ්‍රී ලංකාව ලස්සන රටක්. (නි)

:       0       0

සුදාන් හොංකොංග් Friday, 26 October 2012 06:31 PM

හරිම ආඩම්බර හැගීමක් දැනෙනවා.. ජය වේවා..!(නු)

:       0       0

තරිදු Friday, 26 October 2012 06:39 PM

පුදුමයි ඒත් ඇත්තයි කිවුවලු. (නි)

:       0       0

නයනා Friday, 26 October 2012 06:57 PM

හැමදෙයටම ආසියාවේ ආශ්චර්යය කියලා සමච්චල් කරන අයට මේක හොඳ උත්තරයක්. වටිනාකම තියෙන්නේ මේ සමීක්ෂණය කරලා තියෙන්නේ අපේ අය නොවන නිසයි. (නි)

:       0       0

උපුල් Saturday, 27 October 2012 11:11 AM

ලංකාවෙ වැරදි විතරක් අයට හොද උත්තරයක්.!(නු)

:       0       0

නජිත් නිලංක Friday, 26 October 2012 08:04 PM

බලන්න අපේ රටේ ආඩම්බරය.. හරිම සන්තෝෂයි..!(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 27 October 2012 12:10 PM

ඔව් ඔව් හැමදේම හරිම ලාබයි.. ඒකනේ අපි ඒකනෙ අපි පිටරටකට ආවෙ..!(නු)

:       0       0

රසිකා Friday, 26 October 2012 08:41 PM

ශ්‍රී ලාංකිකයෙකු වීම හිතට ලොකු ආඩම්බරයක්. (නි)

:       0       0

අරුණ බටුගෙදර කුවේට් Saturday, 27 October 2012 12:24 PM

ලංකාවෙ බලන්න තියෙන්නේ අලි විතරයි.. දිය ඇලි සිදිලා ගිහිං..!(නු)

:       0       0

ජයා Friday, 26 October 2012 09:35 PM

දකින්නත් ආසයි.!(නු)

:       0       0

නදී Friday, 26 October 2012 11:02 PM

ඇත්ත අපේ රට තරම් සොබාදහමින් ලස්සන රටක් තවත් නැහැ.. මේ ලස්සන රටේ මිනිසුන්ගේ හදවත් අවලස්සන උනේ කොහොමද?(නු)

:       0       0

මහින්ද ආර් - කිතුල්ගොඩ Saturday, 27 October 2012 12:06 AM

කවුරු කෙසේ ඔබ නාමය කෙළෙසන්නට උත්සාහ දැරුවත් ලක් මවුනි ඔබේ වටිනාකම දැනෙන පිරිසක් ලොව වටා සිටී.. අපිට එය ඉමහත් ආඩම්බරයකි..!(නු)

:       0       0

ලක්ෂිත ප්‍රංශය Saturday, 27 October 2012 12:09 AM

මගෙ රටේ මම නැති මම නැති උනත් හරිම සන්තෝෂයි.. අපිට පුළුවං මීට වඩා ලෝකේ අංක එක වෙන්න..!(නු)

:       0       0

මංගල Saturday, 27 October 2012 01:46 PM

හිතට බයක් නැතිව සංචාරය කළ හැකි රට??අපි නම් දන්නවා ලංකාව ගැන.කවුද දන්නෙ නැහැ සමීක්ෂණය කරලා තියෙන්නේ? (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 27 October 2012 01:48 PM

ලෝකෙන් උතුම් රට ලංකාවයි ශ්‍රී ලංකාවයි.... (නි)

:       0       0

සාලිය වික්ස් Saturday, 27 October 2012 12:35 AM

ලංකා ලංකා පෙම්බර ලංකා..!(නු)

:       0       0

ඇන්ඩි Saturday, 27 October 2012 01:09 AM

කෝ මේ වංශෙ කබල් ගාන කට්ටිය? පටන් ගන්නේ නැද්ද?? (නි)

:       0       0

මේවන් Saturday, 27 October 2012 02:17 AM

ලොවෙන් උතුම් රට ලංකාවයි. (නි)

:       0       0

පනාගොඩ මෙල්බන් Saturday, 27 October 2012 04:38 AM

හිතට බයක් නැතිව සංචාරය කළ හැකි රට මොකක්ද කියලා කිව්වොත්..?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site