මේ වසරේදී විදෙස් සංචාරකයින් 12,50,000ක් ගෙන්වා ගැනීම රජයේ ඉලක්කය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය පවසයි.
තවද මෙරට හෝටල් කාමර 50,000ක් අලූතින් ඉදිකිරීමේ ව්‍යාපෘතිය මේ වසර තුළදී කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එම කාර්යංශය කියා සිටී. සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර මාධ්‍ය මගින් ප‍්‍රවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බවද ශ්‍රී ලංකා සංචාරක කාර්යංශය පෙන්වා දේ.
මේ අතර ඉකුත් වසරේදී සත්ත්ව උද්‍යාන නැරඹීම සඳහා මේ වනවිට විදේශීය සංචාරකයින් 194,260ක් පැමිණ ඇති අතර ඉන් රුපියල් පන්කෝටි විසිතුන් ලක්ෂයක ආදායමක් උපයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර සංචාරකයින් ආවත්, විදේශ විනිමය ගෙනාවත් අපේ ආර්ථිකය නම් තවමත් එතැනමයි. (නි)
සදුනි ඔබ හරියට හරි. කොච්චර සල්ලි හම්බ වුනත් වැඩක් නෑ සදාචාරය පිරිහෙනවා නම්.(ස)
මේ පැත්තෙන් ආධායම අරන් අනිත් පැත්තෙන් නිකරුනේ වියදම් කරලනම් වැඩක් නෑ.නිසිලෙස ආයෝජනය කරන්න(ස)
අනාගතයේ ප්‍රධාන ආධායම් මාර්ගය මෙය වේවිද ? (ස)
ලංකාවේ කාන්තාවන් ගෘහ සේවිකාවන් වශයෙන් ලබාදෙන විදේශ විනිමය නැත්නම් ආර්ථිකයකුත් නැහැ. (නි)
හොද ඉලක්කයක්. සුභ පැතුම්. හැබැයි සදාචාරය ගැනත් ටිකක් හිතන්න වෙයි. (නි)
ලැබෙන ආදායම හොද ඵලදායී කටයුතු වලට යොදවනවා නම් තමයි රට ලස්සන කරන්න පුලුවන් වෙන්නේ. (නි)
කීයක් ආවත් වඩක් නැහැ නිසි වැඩපිළිවලක් නැතිව..!(නු)
කොහොම හරි ඉලක්කය සම්පුර්ණ කරමු..!(නු)
ලැබෙන ආදායම දුප්පත් ජනතාව අතර බෙදීනොයන එකයි අපිට තියෙන ප්‍රශ්නේ. (නි)
සංචාරකයින් සමග සුහදව හිනාවෙලා මිත්‍රශීලීව කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. (නි)