සීගිරිය අභයභූමියේ රාමකැලේ සමනළුන් සහ බත්කූරන් අල්ලමින් සිටි හංගේරියන් ජාතිකයන් දෙදෙනකුට එක් අයකුට රුපියල් 65000 බැගින් දඩ ගෙවන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් එස් ජේ මොරවක මහතා නියෝග කළේය.
ඔයැක් සැන්ඩෝ ටිබෝර් සහ ඔයැක් සැන්ඩෝ ටිබෝමි යන දෙදෙනාට දඩ නියම විය.
සීගිරිය වන ජීවි නිලධාරීනට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී කෘමීන් අල්ලන අතංගු දෙකක් ද සමනළුන් සහ බත්කූරන් සමූහයක් ද සොයාගෙන ඇත.
ප්‍රශ්න කිරීමේදී විදේශිකයන් කියා ඇත්තේ විවිධ රටවල සමනළුන් සහ තවත් කෘමි සතුන් පිළිබඳව පොතක් ලියන බවත්, ඒ සඳහා මෙම ක්‍රියාව සිදු කළ බවත් ය.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සීගිරි සමනළුන් අල්ලා දඩ කති
ලලිත් Tuesday, 29 January 2013 02:50 PM
මෙහෙම දේවල් කරනකොට කාගෙන්ද අනුමැතිය ගන්න ඕනි ? කරුණ කරලා පැහැදිලි උත්තරයක් දෙන්න (ස)
අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 10:55 PM
පර්යේෂණ ග්‍රන්ථ ලියන අය ඉන්නවා.. මෙයාට පස්සේ එහෙම අයට ඊට අදාළ නිලධාරින්ගේ අවසරය මත අවශ්‍ය කටයුතු කරන්න නීති සැකසිය යුතුයි..!(නු)
ජේ.හේරත් Wednesday, 30 January 2013 03:48 AM
ගාමිණී සරත් හිල්මි රටක සතා සිව්පාාව ගහකොල ගැන ඒ ඒ රටෙ ආවේනික නීති තියෙනවා.. අපේ රටෙත් එහෙම නීති තියෙනවා. අනවසරයෙන් අපේ රටේ ගහකොළ සතා සිව්පාවා ගෙන යන්න තහනම්.. ඇත්තටම මේ දඩ මුදල ප්‍රමාණවත් මදි.. මේක මේගොල්ලන්ට ඉතාම සුළු ගානක්..!(නු)
ගාමිණී Tuesday, 29 January 2013 11:42 AM
බත්කූරට සමනලයාට දඩය ඔච්චරනම් අලියට කොච්චර ගහයිද?(නු)
හිල්මි Tuesday, 29 January 2013 04:57 PM
සමනල්ලු අල්ලනවටත් මෙහෙම ලොකු දඩ ගහනවද? (නි)
සරත් Tuesday, 29 January 2013 11:59 AM
විදේශිකයෝ අපේ නීති වලට තියෙන බය අඩුයි වගේ .මම අද්දැකීමෙන් කියන්නේ (ස)
වරුණ Tuesday, 29 January 2013 12:20 PM
මේවනම් ඇල්ලනවා. මුවෝ ගෝන්නු මරණ අය හොඳට බිස්නස් එක කරගෙන යනවා .(ස)
ඩයස් Tuesday, 29 January 2013 06:42 PM
හැම වෙලේම අපේ රටේ ගහකොල , සතාසිව්පාවා ආරක්ෂා කරන්න ඕනෑ. එය සෑම පුරවැසියෙකුගේම යුතුකමයි. පොත්ත සුදට දෙකට නැමෙන්නෙ නැතුව කොන්ද කෙලින් තබාගෙන රට වෙනුවෙන් කළ මෙහෙවරට එම නිළධාරීන්ට ප්‍රණාමය! (නි)
පිටිගල Tuesday, 29 January 2013 07:22 PM
අල්ලපු බත් කූරෝ ටික එයාලටම අල්ලලා කවන්නයි තිබුණේ. (නි)
දෝහා Tuesday, 29 January 2013 01:46 PM
කරන දෙයක් අනුමැතියකින් තොරව කරන එකයි වරද(නු)
ඩෑම් Tuesday, 29 January 2013 01:47 PM
සමනල්ලු බත් කූරො වගෙල්ම අර අහිංසක සත්තු විනාශ කරන අයවත් අල්ලන්නකෝ..!(නු)
සෙනරත් Tuesday, 29 January 2013 09:20 PM
හන්ගේරි, චෙක් වගේ රටවලින් එන එය මේ වැඩ කරන්න මයි ලංකාවට එන්නේ.. මොකක් හො රහසක් තියෙනවා.. හොදට හොයා බැලිය යුතුයි. මේ දඩය ලක්ෂ දෙකක් විතර කළාට කමක් නැහැ.. එයාලට සල්ලි තියෙනවානේ.. ගෙවන්න බැරිනම් හිරේ දාන්න..!(නු)